කොරෝනා වෙනුවෙන්
අපි හැමෝම පොහොසත් අය නෙමෙයි. රටේ බහුතරයක් අපි කුලියක් මලියක් කරලා සොයා ගන්නා සොච්චමකින් තමයි බොහොම අමාරැවෙන් ජිවිතය ගැට ගහ ගන්නේ. ඒ මදිවට මේ කොරෝනා වසංගතය. අපේ මේ පුංචි රටම බිලිගෙන. අනේ …ඔවුන් මොනවා කරන්නද. රට පුරාම අැදිරිනිතිය දාලා. ගෙදර ප්‍රශ්න අහස උසට ගොඩ ගැහිලා. රස්සාවක් කරගන්න විදිහක් නෑ. කොහොමද අතේ සල්ලි නැතිව ඔවුන් ගෙදරට බඩු ගේන්නේ. ඔවුන්ගේ දරැවො බඩගින්නේ. අනේ ඔවුන් ගැන අනුකම්පා කරලා මේ අහිංසක දරැවන්ගේ/වැඩිහිටියන්ගේ බඩගින්න නිවන්න වියලි අාහාර ලබා දෙන්නට පුලුවන්නම් ලොකු පිනක්. ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඒ වගේ පවුල් 500-1000කට පමණ උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. පළමු අදියරේදි අපි පවුල් 100ක් වෙනුවෙන් සූදානම් වෙනවා.
එපමණක් නොවෙයි අප සිතුවා මේ අවස්ථාවේ සැවොම දහමට යොමු කරන එක වටිනවා කියලා. ඉතිං සෑම පවුලකටම බුදුරජාණන්වහන්සේගේ රුව ඇතුලත් පෝස්ටරයක් සමග පිරිත් පොතක් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම ඇඳිරිනීතිය ඉවත්කල පසු භාණ්ඩ මිළදීගැනීමට හෝ අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීමට නිවසින් බැහැරව යන අයට භාවිතා කිරීමට මුහුණු ආවරණ 2 බැගින් සහ විශබීජ නාශක අත් සේදුම් දියර බෝතලය බැගින්ද පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙනවා.
සුලි කුණාටුවක් ලෙසින් පැතිරයන මේ වසංගතම මඩින්නට දැයේ ජිවමාන දෙවියන් ලෙසින් අප්‍රතිහත ධෛර්යයකින් දිවාරැ නොතකා තම ජිවිතයම පරදුවට තබා අපේ වෙෙද්‍යවරැන් හෙදියන් සමගින් සෞඛ්‍ය ක්ෂේත්රයේ හැමකෙනෙක්ම මේ වෙර දරන්නෙ මේ පුංචි දිවයින් සියලු ජනයා බේරා ගන්නටයි. දිවාරැ නොතකා එක දිගටම පැය 12-13ක් අාරක්ෂිත අැදුමින් සැරසි මේ ගෙවන කටුක බයංකර ජිවිතය ඔවුන් ගෙවන්නේ ඔබේ ජිවිතය රැක දෙන්නටයි. කුසට අහරක් නොමැතිව වතුර උගුරක් නොමැතිව දැවෙන පෝරණුවක ඉන්නවා වගේ අැදුම් අැදගෙන ඔවුන් මේ කැපවීම කරන්නේ. තුන් වේලෙන් එක වේලක් වත් හරියට කුසට අහරක් නොමැතිව අප වෙනුවෙන් ජීවිත පරදුවට තබා කැපවෙන මේ මිහිපිට දෙවිවරැන්ට අපි කැලරි/පෝෂ්‍යගුණය වැඩියෙන් අැති ශරීර ශක්තිය ඉක්මනින් වඩවන චීස්, චොකලට්, පීනට්, චොක්ලට් බිස්කට්, චොක්ලට් මෝල්ට් පාන වැනි දෑ පරිත්‍යාග කරන්නද සූදානම් කලා. ඒ ෆේස්බුක් ඔබගේ සහයෙන්.
මෙය වරකපොල රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු මාගේ මිතුරෙකුගේ ආයාචනය මත ආරම්භ කරන ලදි.
මූලිකව සමාජසත්කාර ව්‍යාපෘති වලදි උදව් කරන්නේ අපේ පොඩි අක්කා (Nilanthi Edirisooriya) වුනත් ඇය සිටින්නේ වෙනම දිස්ත්‍රික්කයක නිසා ලොකු අක්කා (Sheela Edirisooriya) උදව් වුණා භාණ්ඩ වර්ග කර ඇසුරුම් කරන්න.
මේ අවස්ථාවේ වෙන් වෙන් වශයෙන් පෝස්ට් දමන්න නොහැකි වුනත් මේ පරිත්‍යාගය කල ඔබ සැමට බොහොමත්ම පිං…
0 Comments