මේ අසරණ පවුල ඉන්නේ වීරවිල, අග්බෝපුර. මව අසංකා (39), පියා සුගත් (40), අමිත් – මහණ වී ඇත (17), පියුමි (12), මලිඳු (9), රිද්මි (7), මතීශ (6), මිතිල (3 1/2). තාත්තා කුලීවැඩ කරලා තමයි මේ පවුල රැකගන්නේ. පුංචි නිවසක ඉන්නේ. රෑට කුප්පි ලාම්පු එළියෙන් තමා මේ පවුල ඉන්නේ. ගෙදර දොරක්වත් නැහැ.
අපි යනකොට සවස 2ට විතර ඇති. එතකොටත් දවල්ට කෑම කාලා හෝ උයලා තිබුණේ නැහැ. අපි ඔවුන්ට Solar Panel එකක් පරිත්‍යාග කලා. එය තාවකාලිකව සවි කරන්න අපට පැයක් පමණ ගියා. අපි එය සවි කර ආපසු ගියා තව පවුල් කිහිපයක් බලන්න. ආපසු එන විට සවස 5ට පමණ ඇති. ඒ වෙනකොටත් ඒ අය උයලා නැහැ. මං ඇහුවා ඇයි කියලා. සතුටට ඉව්වේ නැහැ, රෑටම කනවා මහත්තයා කීවා. පැය 2ක් ඒ අය Solar Panel එකේ වයර් එහෙම හරියට සවි කරලා. කොච්චර අසරණද ඒ අය…
Chandrik Gunaratne අක්කා තමා මේ පවුලට විදුලි ආලෝකය ලබාදුන්නේ.
දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව තියෙනවා. ජීවිතයේ පළමු වතාවට දරුවෝ 7 දෙනා තමන්ගේ ගෙදර විදුලි ආලෝකයක් යටතේ ඉන්නේ අද… හිතන්න ඒ හිත් කොහොම සතුටෙන් ඇතිද කියලා….
මෙහිදී අපි විශේෂයෙන්ම සැකසූ සමාජසත්කාර Study Light එකක් සහ නිවසට අමතර LED බල්බ් තුනක් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි සවිකලා. මෙහි ජංගම දුරකතන චාර්ජ් කිරීමේ පහසුකමද තිබෙනවා.
අද මේ පවුල ගොඩක් සතුටෙන් ඉන්නේ. ගොඩක් පිං දුන්නා. ඒ පින ඔයාලටයි අක්කා. මේ දරුවන්ගේ නිවස ආලෝකමත් වුණා වගේ ඔයාලගේ ජීවිතත් ආලෝකමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවශ්‍යතාවය ඇති පවුලක්ම සොයා දෙන්න අවශ්‍ය නිසයි ප්‍රමාද වුණේ…
තෙරුවණ් සරණයි !
ඔබත් මේ වගේ අසරණ පවුලකට විදුලි බලය ලබාදෙන්න මූල්‍ය දායකත්වය දක්වන්න කැමතිනම් කතා කරන්න අපිට – 0701 10 10 10
මේ වගේ විදුලි බලය නැති අසරණ පවුල් පිළිබඳවද අපට දැනුම් දෙන්න…
වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…
Samajasathkara Social Innovation Labs හි නිර්මාණයක්…
Project “Donate a Light, Create a Bright”
0 Comments