Select Page

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 02

by | Apr 10, 2020 | Clothes | 0 comments

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 02

ලස්සන දෝණියෙක් එක්ක ලස්සන ඇඳුම් අන්දවලා ඡායාරූප කිහිපයක් ගත්තා…
මාස කිහිපයකට ප්රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින් කිහිපයක් අපි සංකේතාත්මකව මේ දෝණිට ලබාදුන්නේ අපට ලස්සන ඡායාරූප ටිකක් අරන් පරිත්යාග කල අයට පෙන්වන්න පුලුවන් නිසා. ඉන්පසු ඉතිරි ටික අපට සංචාරය කරන විට මුණගැහෙන අයට දෙන්න පුලුවන්. මොකද පාරේ යනකොට හම්බවෙන අයට ඇඳුම් පරිත්යාග කරනකොට අන්දවලා ඡායාරූප ගන්න අමාරුයිනේ.
මේ පරිත්යාග අපිට එව්වේ Australia වලින්. Buddika Herath නංගි පුමුඛ වෙලා Lakshitha, Niroshini, Thimila, Anushika, Harshani සහ Udara ඇතුලු මිතුරු මිතුරියන් රැසකගේ දායකත්වයෙන් තමයි මේ ඇඳුම්, සෙරෙප්පු සහ අනෙකුත් තෑගි ලැබුණේ.
මම දන්නේ නැහැ මේ ඇඳුම් පරිත්යාග කල අය මොන ආගමේද කියලා. මගේ ආගමේ හැටියට මම ඒ හැමෝටම එහි ආනිසංස කියලා දෙන්නම්…
දානයෙහි අනුසස් පිළිබඳව බෞද්ධ ජනතාව පැහැදිලිව කරුණු දනිති. දානයන් අතර මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ වස්ත්ර දානය හා එහි ආනිසංස පිළිබඳවය. පූජා වශයෙන් හෝ අනුග්රහ වශයෙන් හෝ තමා සතු වස්ත්රයක් කර්මඵල සලකා දීම හෙවත් පූජා කිරීම වස්ත්ර දාන නම් වේ. මෙසේ සලකා සිදු කරන වස්ත්ර දානය සසර පුරා සැප විපාක උදාකරයි.
“වස්ත්ර” යනු මනුෂ්ය ජීවිතයට අවශ්ය කරන මූලික අවශ්යතාවයන්ගෙන් ප්රධාන එකකි. දානය අතර කඨින වස්ත්ර පූජාව අටමහ පින්කම් අතර පළමුවැන්න වේ. එමෙන්ම චීවර දානය සිව්පසයෙහි පළමුවැන්න ද වේ. සීතෝෂ්ණ නැසීම පිණිස, මැසි,මදුරු අව්, සුළඟ සර්ප ආදීන්ගේ ස්පර්ශය නැසීම පිණිස විලිබිය රඳවා සංවරය පිණිස වස්ත්ර භාවිතය අවශ්ය කරන බව සියලු දෙනා දන්නා කරුණු අතර වේ. මෙම අවශ්යතා සපිරෙන පරිදි යමෙක් සිල්වත් කෙනෙකුට හෝ දුසිල්වත් කෙනෙකුට යම් වස්ත්ර පූජාවක් සිදු කරයි ද, එය ඔහුට සසර පුරා පින් වැඩෙන මහඟු පුණ්ය කර්මයකි.
වස්ත්ර පූජාවක් සිදු නොකර කෘතපුණ්යානුභාවයේ දේව භවයක ඉපිද දේව සම්පත් ලැබුවද වස්ත්ර අහිමිව යා හැකි බව බෞද්ධ සාහිත්යයේ දෙවියන් පිළිබඳ කතා පුවත් විමසීමෙන් පැහැදිලි වේ. අතීතයේ පටන් සැදැහැති බෞද්ධයෝ මිය ගිය ඤාතීන් උදෙසා සිදු කරන දානමය පින්කම් අවස්ථාවකදී එයටම වස්ත්ර පූජාවක් ද එකතු කරති. එලෙස සිදු කරනුයේ ඉහත කරුණු සැලකිල්ලට ගෙන බව පැහැදිලි වේ.
වස්ත්ර පිදීමේ ආනිසංස අපදාන පාලියේ ස්ථවිරස්ථවීරී අපදානයන්හි දැකිය හැකිය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පෙර භවයක බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝයාට ද වස්ත්ර අටක් පුදා ඵලානිසංස අටක් ලැබූ බව අපදානපාලිය තුළ දක්වා ඇත.
තමන්ගේ අතීත චරිතය ප්රකාශ කරන්නාවූ උන්වහන්සේ වස්ත්ර දානයේ ඵලානිශංසයක් වෙන වෙනම ප්රකාශ කළහ. ඒ අනුව උන්වහන්සේට උපන් සෑම භවයකදීම රන්වන් සිරුරක් ද, රජස් රහිත සිරුරක් ද, රැස් විහිදෙන සිරුරක් ද, ප්රතාපවත් සිරුරක් ද, සිනිඳු සිරුරක් ද හිමි වූහ. තවද භවයෙහි සැරිසරන උන්වහන්සේගේ හිස මත සුදු පැහැය ඇත්තාවූද, කහ පැහැය ඇත්තාවූ ද, රතු පැහැය ඇත්තාවූ ද ලක්ෂ ගණන් වස්ත්ර දැරූහ. එසේම උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්රාවකයෙක් වී දේවතාවන්ට පිරයමනාප පුද්ගලයන් අතුරෙන් අගතනතුරට ද පත් වූහ.
එසේම උප්පලදායිකා මෙහෙණ තමන් පෙර භවයකදී කරන ලද වස්ත්ර දානය ආනිසංස පිළිබඳව මෙසේ අපදානපාලියේ දක්වා ඇත. ‘මම ශ්රද්ධාදී ඉඳුරන් ඇති මහණකුගේ පාත්රය’ ගෙන උතුම් අහරින් පුරවා දහසක් අගනා වස්ත්රයක් පූජා කළෙමි.
ඒ පින්කමෙන් මිනිස් කය හැරපියා තව්තිසා දෙව් ලොව ගියෙමි. දහසක් දෙව් රජුන්ට මෙහෙසි බව කළෙමි. දහසක් සක්විති රජවරුන්ට මෙහෙසි බව කළෙමි. මාගේ පැහැය උපුලකට බඳු වෙයි. අභිරූප වූ දැකුම්කලු වූ සර්වාංග සම්පන්න අභිජාත වූ සෝභාවන් ස්ත්රියක් වීමි.
ශාසනයේ පැවිදිව සත්වැනි රාත්රියට නොපැමිණ චතුස්සත්යාවබෝධයට පැමිණියෙමි. යනුවෙන් දක්වා ඇත. එසේම මහාප්රජාපතී ගෝතමී පටාචාරා ආදී ස්ථවිරී අපදානයන්හි වස්ත්ර පූජාවක් හා ලැබූ ඵලානිසංසයන් ගැන විස්තර දක්වා ඇත.
එමෙන්ම ඒතදස්ස තෙරුන් වහන්සේ පෙර භවයක දී තමා සතු එකම වස්ත්රය පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පුදා ආනිසංස අටක් ලැබූ බව බෞද්ධ සාහිත්යයේ දැක්වේ. උන්වහන්සේ සිදු කළ එකම වස්ත්ර දානයේ ආනිසංස බලයෙන් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොගියහ. ශක්රදේවේන්ද්රව සතිස් වරක් ද, සක්විති රජව තෙතිස් වරක් ද, ප්රදේශ රාජ්යව මෙතෙකැයි ගිණිය නොහැකි වාර ගණනක් ද ඉපදුනහ. මිනිස් ලොවෙහි හා දෙව්ලොවෙහි පමණක් සැරි සැරූ උන්වහන්සේ රූප සම්පත්තිය ද මැඬලිය නොහැකි ප්රතාපවත් සිරුරු සම්පත්තිය ද ගිණිය නොහැකි අපමණ වූ වස්ත්ර සම්පත්තිය ද සිත් වූ පරිදි ලැබූහ.
සසර පුරාවට සැප විපාක උදාකරවන වස්ත්ර දානයට අතීතයේ මෙන්ම අදද සැදැහැති බොහෝ බෞද්ධයෝ මහත් අභිරුචියක් දක්වති. ජීවිතයේ කවරම හෝ අවස්ථාවකදී තමාට වඩා සීලයෙන් ගුණයෙන් උසස් පැවතුම් ඇති උතුමෙකුට වස්ත්රයක් පිදීමට ලැබීම පින් කැමති බෞද්ධයෝ මහත් භාග්යයක් කොට සලකති. ඒ අනුව භික්ෂූන් වහන්සේලා උදෙසා චීවර දානය ද, සිල්වත් උපාසක උපාසිකාවන් උදෙසා සිල් රෙදිද පූජා කරති.
දුගී මගී යාචක ආදීන් උදෙසා ද ඇඳුම් පැලඳුම් ලබාදෙති. වස්ත්ර දානයේ දී වඩාත් ආනිශංස දායක වන්නේ බොහෝ දෙනෙකුට සැදැහැ සිත් ඇති කරවන වස්ත්ර පිදීමෙන් ය. ඒ ආකාරයෙන් බැලූ විට මහත්ඵල මහානිසංස උදාකරවන චීවර දානය හැරුණු කොට වස්ත්ර පිදීම වඩාත් ආනිසංස දායක වන බව පැහැදිලි වේ.
ඉතින් මේ පුංචි මල් කැකුළු වලට ඇඳුම් පරිත්යාග කිරීම හේතු කොටගෙන රැස් කරගත්තාවූ කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබලාගේ සහ දරුවන්ගේ අනාගතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා… යසසින් නැණ නුවනින් ධාරණ ශක්තියෙන් වැඩෙත්වා…. කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා… සතුට සැනසුම සෞභාග්යය උදා වේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම ඉටු වේවා… උතුම් තුනුරුවනේ ආශිර්වාද බලයෙන් ඔබ සැමගේ ජීවිත වාසනාවන්ත වේවා….
කොරෝනා ව්යසනයෙන් ඔබ සැම ආරක්ෂා වේවා….

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.