Select Page

පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන්

by | Jul 24, 2017 | Dry Rations | 0 comments

මාගේ මුහුණු පොතේ මිතුරන් වන අමාලි සදරේකා අක්කාගේ හා තනුජ දර්ශන අයියාගේත් සිගිති පුතා, ගමිදුු ගම්දුල හතුරැසිංහ පුතාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අදට. ඉතින් Thanuja Darshana Hathurusinha අයියාට ඕනි උනා ඒ වෙනුවෙන් වැඩිහිටියන් හා පාසැල් යන දරුවන් සිටින දුප්පත් පවුල් කිහිපයකට උදවු කරන්න. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන් දින සාද පවත්වන සමාජයක ඔයාලා වගේ ආදර්ශමත් දෙමාපියන් ලබන්න ඔයාලාගේ පුතා වාසනාවන්ත උනා කියලා මට හිතෙනවා. කෙනෙකුගේ දුකට අසරණ කමට තමන්ගේ ජීවිතයේ වටිනාම දිනයේ පිහිට වන්න පුරුදු කරන එක තමයි ඔයාලා දෙදෙනා ඒ චූටි පුතාට ලබලා දෙන හොදම උපන්දින තිලිණය වන්නේ.

ඉතින් මා දුප්පත් අසරණ පවුල් කිහිපයකට මසකට පමණ සෑහෙන වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබා දුන්නා. ඒ පවුල් වල අය ගොඩාක් සතුටු උනා වගේම ගොඩාක් පිං දුන්නා තමාගේ කුසගින්න නිවන්න පිහිට වුනු එකට.ඒ පිං වල හැබෑ හිමිකරුවන් ඔබලා දෙදෙනයි. තමන්ගේ ජීවිතේ ගොඩාක් ආදරය කරන චූටි පුතාගේ උපන් දින‍ය වෙනුවෙන් අසරණ පවුල් කිහිපයක කුසගිනි නිවන්න හැකි වූයේ ඔබලාගේ පරිත්‍යාගශීලි බව නිසා. ඔබ දෙදෙනා සිගිති පුතාගේ උපන්දිනය සැමරූ ආකාරය අන් අයටත් ආදර්ශයක් වෙනවා. ඒ වගේම සිගිති පුතත් ඔයාලව ආදර්ශයට ගෙන අනාගතයේදී මෙලෙස අසරණ අයට පිහිට වනු දැකලා ඔබ දෙදෙනාට අවංකව සතුටු වෙන්න පුලුවන.

ඉතින් ඔබ මේ සිදු කලා වූ කුසලයේ ආනුභාවයෙන් ඔබගේ පවුල් දිවිය සතුටින් සමාදානයෙන් ගෙවීමට හැකිවේවා. තව තවත් මෙවැනි අසරණ මිනිසුන්ට උදවු කිරීමට හැකි වේවා. චූටි පුතාට නිදුක් නීරෝගී ජීවිතයක් අත් වේවා. ඉගෙනීම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ දෙදෙනාගේ දෙමාපියන් ඇතුලු සියලු හිත මිත්‍රාදීන් සැමටත් මේ පින් අනුමෝදන් වේවා..

සුභ උපන් දිනයක් වේවා චූටි පුතේ.

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.