Select Page

පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම

by | Feb 17, 2020 | Buddhist, Water Needs | 0 comments

දෙමාපියන්ට නීරෝගී සුව පතා දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank)

මගේ ෆේස්බුක් මිතුරෙක් වන Gayan Totamuna අයියා ඔහුගේ සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ දෙමාපියන්ට නීරෝගීසුව සහ දීර්ඝායුෂ පතා විහාරස්ථානයකට ජල ටැංකියක් පූජා කිරීම සිදුකලා.
මැදිරිගිරිය ප්රදේශයේ ඇතුල් ගමක් වන පලුවද්දල ගමේ ජයසුමනාරාමය කියන්නේ ගොඩක් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. දායක පවුල් 200ක් පමණ සිටියත් කවුඩුල්ල වැව ආශ්රිතව ජීවිකාව ගෙවන ගොඩක් අඩු ආදායම්ලාභී පවුල් තමයි ඉන්නේ. දහම් පාසලේ දරුවන් 120ක් පමණ ඉගෙනුම ලබනවා.
පන්සලට වතුර ටැංකිය රැගෙන ගන්න වාහනයක් සොයාගත්තේද බොහොම අපහසුවෙන්.
අප විසින් සිදු කළ මෙම පරිත්යාගය බොහෝ සේ වටින බව උන්වහන්සේ බොහෝමත්ම කෘතවේදිව ප්රකාශ කළා. උතුම් සංඝරත්නය උදෙසා අවශ්ය වන පහසුකම් සොයා බලා ඉටු කරදීම මහත් ඵල මහානිසංස ගෙන දෙන උතුම් පුන්යකර්මයන් බවත් උන්වහන්සේ පැවසුවා. දැන් උන්වහන්සේලා හට පහසුවෙන් ජලය භාවිතයට ගන්න හැකියාව ලැබෙනවා. ඒ ඔබ විසින් සිදු කෙරූ උතුම් පරිත්යාගය හේතුවෙනි.
මහා සංඝරත්නයේ පහසුව උදෙසා මෙසේ පානිය ජල පහසුකම් ලබා ගැනීමට ඔබ විසින් සිදු කරා වූ උතුම් පරිත්යාගය හේතුවන් …..
ඔබ දෙපළගේ අනාගතය සාර්ථක වේවා. ඒ වගේම ඔබ දෙපළ නමින් මිය පරළොව ගිය පිං බලාපොරොත්තුවෙන් කෙනෙක් සිටීනම් මේ පිං බලයෙන් සැපවත් ආත්මයක් ලැබෙත්වා. කෙළවර උතුම්වූ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා.
ගයාන් අයියාගේ සහ අක්කාගේ දෙමාපියන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම සිදු වේවා…. රැකියා කටයුතු, දරුවන්ගේ අධ්යාපන කටයුතු වේ නම් සියල්ල සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා…. අවසානයේ උතුම් වූ චතුරාර්ය සත්ය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්යකර්මය හේතු වේවා….
මේ පිංකමට ශ්රම දායකත්වය දැක්වූ රොෂාන් මල්ලිට සහ චතුරංග මල්ලීටද බෙහෙවින්ම පිං…
අප සංචාරය කරන විට මුණගැසෙන අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල ටැංකියක් හෝ වෙන ඕනෑම දෙයක් පූජා කිරීමට කැමතිනම් මැසේජ් එකක් එවන්න…
Project Water | Water for Temples

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.