මෙහෙණි ආරාමයකට සිමෙන්ති පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ
විහාරස්ථාන වලට චෛත්යය, බෝධි ප්රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය ගොඩනැගීමට ගල්, වැලි, සිමෙන්ති ආදි අමුද්රව්ය පූජා කිරීම දිවා රෑ පිං වැඩෙන පිංකමක්. ඒ වගේම අටමහ කුසල් ගණයටත් අයත් වෙනවා…
ඉතාමත් අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයක් වන ගලගෙදර උත්පලවන්නා සෙනසුනේ ඉදිකිරීම් කටයුතු වලට තමයි අප මේ සිමෙන්ති පූජා කලේ. ඉතාමත් දුෂ්කර ප්රදේශයක තමයි මේ ආරමය තියෙන්නේ.
Sajith Madushanka, Hansika Wijewardhana, Udari Galahitiyawa, Janil Indika සහ Sachi Dharmarathne යන මිතුරු මිතුරියන් තමා මේ උතුම් පිංකමට දායකත්වය දැක්වූයේ.
මෙවැනි පිංකමක අනුහස් බොහෝය….
බුදුසසුනට පළමු ආරාම පූජාව සිදුකළේ බිම්බිසාර මහරජතුමාය. එය වේළුවනාරාමය නමින් හැඳින්වේ. අනතුරුව අනේපිඬුසිටුතුමා පනස් හතර කෝටියක් ධනය වැයකර ජේතවනාරාමයත්, විශාඛා මහේසි උපාසිකා තොමෝ විසිහත් කෝටියක් ධනය වැයකර පූර්වාරාමයත් බුදුසසුනට පූජාකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එසේම ශාක්ය රජදරුවෝ නිග්රෝධාරාමයත්, පාවාරික සිටුවරයා පාවාරිකා රාමයද කොසඹෑ නුවර ඝෝෂිතාරාමය ආදී ආරාම සාදවා සසුනට පූජාකර ඇත. මේ ආකාරයට භාරතයේ විසූ රජවරු සිටුවරු මැති ඇමැතිවරු කෝටිගණන් ධනය වැයකර ඉතා රමණීය අලංකාර වෙහෙර විහාර සාදවා සසුනට පූජා කර තිබේ.
බුද්ධප්රමුඛ මහා සංඝරත්නයට අවශ්ය සියලු පහසුකම් මේ ආරාම තුළ තිබූ බව සඳහන් වේ. මජ්ඣිම නිකාය අටුවාවේ සේඛ සුත්රවර්ණනාවෙන් ආවාස දානයේ අනුසස් දක්වා ඇත. අතුසෙවිළිකළ පැලක් හෝ සෙවණ ඇති ලතා මණ්ඩපයක් හෝ පිදීමෙන් ලැබෙන ආනිසංස මෙතෙකැයි ප්රමාණකළ නොහැකි බව ශාක්ය රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ දේශනාකර ඇත.
භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනය සඳහා අනුදැන වදාළ සිව්පස පරිභෝගයන්ගෙන් එකකි. සේනාසන පරිභෝගය භික්ෂූන් වහන්සේ නමක් සෙනසුනක් පරිභෝග කරන්නේ සිය ධන සම්පත් ආරක්ෂා කිරීමටත්වත් සොරසතුරන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමටවත් නොවේ.
සීත උෂ්ණ පීඩා වලකනු පිණිසත් ලේ බොන මැසි මදුරුවන් ගෙන් වන පීඩා වළක්වා ගැනීමටත් අව්ව වැස්ස සුළඟ සහ සර්පාදී සතුන්ගෙන් වන පීඩා වළකනු පිණිසත් සෘතු විපර්යාසයන් ගෙන් වන උපද්රව වළකාලනු සඳහාත් භික්ෂූහු ආරාම භාවිතා කරති.
ආරාම පූජාව තුළින් භික්ෂූන් වහන්සේලාට නිවන් මඟ යාමටත් ශාසනය සුරක්ෂිත කරගෙන යාමටත් ලැබෙන අනුබල සුළුපටු නොවේ. ගිහි ජනතාවටද ගෙවල් නැතහොත් නිවාසයෙන් ලැබෙන ප්රයෝජනය අපමණය. එය ජීවිතයක මූලිකම අවශ්යතාවයකි. එවැනි ආවාසයක් සාදවා පූජාකිරීමත් පරිත්යාග කිරීමත් තුළින් ලබන සතුට අපමණය. ලැබෙන ආනිසංසත් අපමණය.
මෙසේ ආවාස වෙහෙර පන්සල්, ගෙවල් දීම හෙවත් පරිත්යාගකිරීම, පූජාකිරීම මහා පිංකමක් වන බවත් එය අටමහා කුසල් අතර තුන්වන අටමහා කුසලය බව සඳහන් වේ. ආවාසගෙයක් පූජා කිරීම තුළින් ජනිත වන්නේ සියල්ල දීම තුළින් ලබන කුසලයක් බව මුලින් සඳහන්කළ සුත්ර පාඨයෙන් ප්රකාශ වේ. එය සසර සැප විපාක ලැබ නිවන් ලැබීමට මහෝපකාරී කුසල කර්මයක් බව සඳහන් කළහැකිය
කුටි පූජාවේ ආනිසංස
1. උතුම් වූ ශාන්ත නිර්වාණ සුවයට හේතුවේ.
2. තව්තිසා දෙව්ලොව දෙව් විමන් පහල වේ.
3. බිය, තැතිගැනීම, ලොමුදැහැගැන්වීම නැත්තෙක් වේ.
4. සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාන්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.
සේනාසන පූජාවේ ආනිශංස
1. විෂෙන් ආරක්ෂා වීම
2. අවි ආයුධවලින් ආරක්ෂා වීම
3. දියෙන් ආරක්ෂා වීම
4. කලට වැසි ලැබීම
5. දෙවියන්ගේ ප්රියභාවයට පත්වීම
6. නො අඩුව සියලු සැප සම්පත් ලැබීම
වැසිකිළි තනවා සඟසතු කර පිදීමද අටමහා කුසල් වලට අයත්වේ.
මේ පිංකම් අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
ඔබලා විසින් සිදු කරා වූ මේ උතුම් පරිත්යාගය හේතුවෙන් …..
ඔබ සියලුම දෙනාගේ අනාගතය සාර්ථක වේවා. ඒ වගේම ඔබ නමින් මිය පරළොව ගිය පිං බලාපොරොත්තුවෙන් කෙනෙක් සිටීනම් මේ පිං බලයෙන් සැපවත් ආත්මයක් ලැබෙත්වා. කෙළවර උතුම්වූ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා. කොරෝනා ව්යසනයෙන් ඔබ සැම ආරක්ෂා වේවා.
මේ පිළිබඳව මට දැනුම් දුන් Sharmini Dela අක්කාටත් Chandimal Arambewewa අයියාටත් බොහොමත්ම පිං
0 Comments