Select Page

රෝගී දියණියක් ඉන්න අසරණ පවුලට පිහිට වූ ෆේස්බුක් මිතුරා

by | Nov 16, 2018 | Dry Rations | 0 comments

මේ ඉන්නේ H.M. සුගතපාල (60), K.M. සුමනාවතී (52) සහ දියණිය අනූෂා ප්‍රියදර්ශනී (30). මේ දෙපළගේ දියණිය යම් මානසික ආබාධයකින් පෙළෙනවා. මව් පිය සෙවණේ සිටියද ඇය මේ වනවිට තිස් වැනි වියෙහි පසු වන තරුණියක්. නමුත් ඇයට රැකියාවක් කරන්නට තරම් මානසික තත්වයක් නොමැතිකමින් නිවසේ එදිනෙදා ආදායම සොයාගන්නෙ මේ පියා විසින් ගොවිතැනෙන් ලබා ගන්න මුදලින්. එවන් දියණියක් ඉන්න මවක් පියෙක් තම ආබාධිත දියණිය ගැන කෙතරම් දුක් වෙනවා ඇතිද. නමුත් කරන්නට යමක් නැතිකම නිසාම ඇයවත් රැකබලා ගනිමින් ඔවුනුත් හැකි පරිදි ජීවත් වෙනවා. අපිට පුළුවන් විදිහට මේ පවුලට යම් සහනයක් ලබා දෙන්න සිතුවා.

ඉතිං අපි මේ පවුලට වියලි ආහාර පාර්සලයකුත්, තාත්තාට සරමකුත්, අම්මාට චීත්තයකුත් පරිත්‍යාග කලා. ඒ අය නොසෑහෙන්න පිං දුන්නා.

මේ පිංකමට දායකත්වය දැක්වූයේ Janaka Kumara යන මාගේ ෆේස්බුක් මිතුරයි. ඔබට බොහොමත්ම පිං. ඔබ මේ සිදුකල කුසලයේ ආනුභාවයෙන් ඔබගේ ජීවිතය සැපවත් වේවා. සිතන පතන සියලු දේ ඉටුවේවා. මේ පිං ඔබගේ මිය පරළොව ගිය නෑදෑයින්ටද අනුමෝදන් වේවා. තෙරුවණ් සරණයි.

මේ පිංකමට සමාජසත්කාර කණ්ඩායමේ Buddi Weerakoon නංගී සහ Chathura Prasanga මල්ලී ශ්‍රම දායකත්වය දැක්වූවා. ඔබට බොහොමත්ම පිං.

කුකුළාපොළ, මහියංගනය | Family 34
Project Code : 2017-BDU-0089

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.