විශබීජනාශක දියර සහ මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම
දැන් ලංකාවේ කොතනක ගියත් මාස්ක් අනිවාර්ය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම පොදු ස්ථාන වලට. ඇඳිරිනීතිය ඉවත්කල ගමන් අම්මලා, තාත්තලා ටවුමේ කඩේට දුවගෙන එන්නේ තමන්ගේ දරුවන්ට මොනවා හරි කන්න දෙන්න ගන්න. නමුත් එදාවේල හොයාගෙන ජීවත් වුණ අයට මාස්ක් ගන්නවත් Sanitizer වලටවත් වෙන් කරන්න මුදල් නෑ. රු.500ක් කොහෙන් හරි හොයාගෙන ඇවිත් මාසෙකට කන්න කියලා බඩු අරගෙන යන්නයි එන්නේ. ඔවුන් අසරණයි. මොනවා කරන්නද… ඊටත් වඩා එලෙස අනාරක්ෂිතව එන එකෙන් අපේ ලංකාවම අනාරක්ෂිත වෙනවා. මොකද එක් අයෙක් අනාරක්ෂිත වෙලා එයා සමාජයේ තවත් අය අතරට යනකොට ඒ අයත් අනාරක්ෂිතයි. ඉතිං හැකි විදිහට මෙම අවධානම අවම කරන්න දුප්පත් අයට මාස්ක් සහ Sanitizer බෙදාදෙන්න වැඩසටහනක් සූදානම් කලා.
මාස්ක් ගොඩක් ඉහළ මිළගණන් වලට විකුණනවා කට්ටිය. ඒ අතරින් අඩුම මිල සහ හොඳ තත්වයෙන් විකුණන අයෙක් හරහා අපිට 500 දෙනෙක්ට ලබාගන්න හැකි වුණා. ඒ සමඟ අප තවත් ආයතනයක් සතු සියලුම Sanitizer තොගය ඇණවුම් කලා. ඉතිං ඉදිරි දින වලදී වියළි ආහාර බෙදන විට සෑම පවුලකටම මාස්ක් 2ක් සහ Sanitizer බෝතලයක් පරිත්‍යාග කරන්නයි අපේ සූදානම. ඒත් එක්කම ඒවා භාවිතා කරන ආකාරය සහ එහි වැදගත්කමද දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එක් රැස් කිරීමකින් තොරව නිවසින් නිවසට ගිහින් තමයි අපේ මේ වැඩසටහන කරන්නේ. ඔබේ සහයෝගය හැකි අයුරින් ලබාදෙන්න…
එක් පැක් එකක් සඳහා වියදම රු. 350/-
මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන මුදල/පවුල් ගණන කමෙන්ට් කරන්න. රු.100කින් වුවද දායක විය හැක. මුදල් ඇඳිරිනීතිය අවසන් වූ පසුව වුවද පරිත්‍යාග කල හැක. ඒ සඳහා උපරිම දින 14ක කාලසීමාවක් ලබාදිය හැක. පරිත්‍යාග මුදල අපට දැනුම් දිය හැකිනම් අපට ඔබ වෙනුවෙන් ඒ මුදල වෙනත් ව්‍යාපෘතියක මුදල් වලින් වෙන් කල හැක.
අප දැනට ඔබගේ සහයෙන් රෝහල් වලට ආරක්ෂිත ඇඳුම්, ආහාරපාන, අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කලා. ඒ සඳහා සම්බන්ධ වු ඔබට බොහොමත්ම පිං…
මෙම පිංකමටත් එකතු වෙන්න…
How to Donate :
බැංකු ගිණුම් විස්තරය :
Sampath Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola
Commercial Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 8002475543
Branch : Warakapola
Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
Bank Of Ceylon (BOC) හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
People’s Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
NDB Bank (Organizational Account)
A/C Holder Name : SamajaSathkara.lk Foundation
Account No : 106110445132
Branch : Warakapola
(සැ.යු : බැංකු නිවාඩු දින වලදී NDB ආයතනික ගිණුමෙන් මුදල් ලබාගත නොහැකි බව කරුණාවෙන් සළකන්න. එම නිසා අන්තර්ජාල පහසුකම සහිත Sampath/Commercial/BOC/Peoples/Cargils Bank ගිණුම් භාවිතය මෙම අවස්ථාවේ අපට පහසුවකි)
වෙනත් බැංකුවක් හරහා මුදල් එවන ආකාරය දැන ගන්න අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.samajasathkara.lk/donate-now
ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10
0 Comments