? චිත්‍ර අඳින්න ? රට ආරක්ෂා කරගන්න
ඔබේ දරුවා හෝ ඔබට මේ සඳහා සම්බන්ධ විය හැක.
“දැනුවත් වී වගකීමෙන් කටයුතු කර කොරෝනා වෛරසයෙන් රට බේරාගනිමු”
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා අනෙකුත් වගකිවයුතු ආයතන කොතෙක් දැනුවත් කිරීම් කලද හුදු ආත්මාර්ථය හා නොදැනුවත් භාවය නිසා වගකීම් විරහිත ලෙස ක්‍රියාකරන මහජනතාව නිසා අද වන විට රටතුල COVID-19 (කොරෝනා) වෛරසය සීග්‍රයෙන් පැතිරෙමින් පවතී. මේ නිසා මේ COVID-19 වෛරසය පැතිරීම සම්බන්ධව දැනුවත්භාවය වැඩිකිරීමට නිවෙස් මට්ටමින් ගන්නා උත්සාහයක් ලෙස මේ දීපව්‍යාප්ත චිත්‍ර තරගය අරමුණු කරයි. අනෙක් අතට නිවෙසට වී ගත කරන කාලය සහ දරුවන්ගේ පාසල් නිවාඩුව ඵලදායි ලෙස යොදාගැනීමට සහ ඒ පිළිබඳව දරුවන්ගේ අවධානය යොමු කිරීමටයි මේ පුංචි උත්සාහය.
“කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීමට නම්” යන තේමාවට උචිත වර්ණ හෝ කළු සුදු චිත්‍රයක් ඇඳ (හරස් අතට අඳින්න – Landscape) ඔබගේ හෝ ඔබේ පියාගේ/මවගේ ස්මාර්ට් දුරකතනයෙන් ඡායාරූප ගතකර පහත Facebook Page එකට මැසෙජ් එකක් එවන්න. ඔබ ඡායාරූප 2ක් එවිය යුතුය.
චිත්‍ර එවිය යුතු දිනය : 2020 මාර්තු 25 දහවල් 12ට පෙර
Page : m.me/SamajaSiththam
චිත්රයේ ඡායාරූපය (A4 Sheet එකක හරස් අතට අදින්න – Landscape)
ඔබේ දරුවා සුන්දර සිනා මුසු මුහුණින් අත් දෙකෙන් චිත්‍රය අල්ලා සිටින ඡායාරූපයක්.
පහතින් දක්වා ඇති කොරෝනා ව්‍යාප්තිය වළකා ගැනීමට ඇති උපදෙස් හෝ උපදෙසක් භාවිතයෙන් චිත්‍රය ගොඩනගන්න. (විවෘත ආරාධනයකි – ඕනෑම වයස් කාණ්ඩයකට සම්බන්ධ විය හැක.)
ඔබ අසනීප නම් මුහුණු ආවරණයක් පළඳින්න. ඔබ වෙනත් පුද්ගලයින් සමඟ සිටින විට (උ.දා. කාමරයක් හෝ වාහනයක්, සැපයුම් ස්ථානයක් ආදී) මුහුණු ආවරණයක් පළදින්න
වැලමිට භාවිතයෙන් ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කරන්න
ටිෂු කඩදාසියකින්, ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කර ඒවා නිසි ලෙස බැහැර කරන්න
ඔබේ අත් නිතරම සෝදන්න
අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් හා වතුරෙන් ඔබේ අත් සෝදන්න, (විශේෂයෙන් පොදු ස්ථානයක සිටීමෙන් හෝ කැස්ස/කිවිසුම් යාමේදී අත් භාවිතයෙන් පසු)
එසේ හොඳින් නොසේදූ දෑතින් ඔබේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හැර ඔබ අසනීප නම් නිවසේ රැඳී සිටින්න
සෙනග ගැවසෙන ස්ථාන වලට නොයන්න
9️මේ සම්බන්දයෙන් සෞඛ්‍ය, ආරක්ෂක අංශ සහ බලධාරීන්ගේ උපදෙස් නිසි ලෙස පිළිපදින්න
Art by : “Sanu & Tharu” little twin daughters of Prashan aiya & Krishani akka
තරඟයට සහභාගී වන සැමට වටිනා සහතිකයක් හිමිවේ. ත්‍යාග පිළිබදව ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වේ.
කොරෝනා වෛරසය පිළිබඳව වැඩි දුරටත්….
කොරෝනා වයිරස් යනු සතුන් හෝ මිනිසුන් තුළ රෝගාබාධ ඇති කළ හැකි විශාල වෛරස් පවුලකි. කොරෝනා පවුලට අයත් වෛරස කිහිපයක් මිනිසුන් තුළ, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) වැනි දරුණු රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව දන්නා කරුණකි. මෑතකදී සොයාගත් කොරෝනා වයිරස් මගින් COVID-19 කොරෝනා වයිරස් රෝගයට හේතු වේ.
මිනිසුන්ට වෛරසය ඇති අයගෙන් COVID-19 බෝවිය හැකිය. COVID-19 සහිත පුද්ගලයෙකු කැස්ස හෝ හුස්ම ගන්නා විට නාසයෙන් හෝ මුඛයෙන් පිටවන බිඳිති හරහා මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. මෙම බිඳිති පුද්ගලයා වටා ඇති වස්තූන් හා පෘෂ්ටයන් මත තැන්පත් වේ. අනෙකුත් අයට COVID-19 වෛරසය ශරීර ගත වන්නේ මෙම වස්තූන් හෝ පෘෂ්ටයන් ස්පර්ශ කිරීමෙන් පසුව ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙනි. COVID-19 සහිත පුද්ගලයෙකුගේ ගෙන් පිටවන බිඳිති ආශ්වාස කළහොත් මිනිසුන්ට COVID-19 බෝවිය හැක. අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙකුගෙන් මීටර 1 ක් (අඩි 3) වඩා දුරින් සිටීම වැදගත් වන්නේ මේ නිසා ය. COVID-19 ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ අඛණ්ඩ පර්යේෂණ ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් දිගටම බෙදා ගනු ඇත.
මෙහි වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ, උණ, විඩාව, සහ වියලි කැස්ස වේ. සමහර රෝගීන්ට ඇඟ පත වේදනා, නාසය සිරවීම, සොටු දියර ගැලීම, උගුරේ අමාරුව හෝ පාචනය ඇති විය හැක. මෙම ලක්ෂණ සුළුවෙන් පටන් ගෙන, ක්‍රම ක්‍රමයෙන් මතුවිය හැක.සමහර පුද්ගලයන් අසාදිත වුවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අසනීප බවක් නොදැනේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ. වැඩිහිටි පුද්ගලයින් සහ අධි රුධිර පීඩනය, හදවත් රෝග හෝ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති අයට සංකුලතා ඇතිවීමේ ඉඩ කඩ ඇත. උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුවේ.
(https://www.hpb.health.gov.lk/en ඇසුරින්)
සියලුම තොරතුරු යාවත්කාලීන කරන්නේ මෙම පෝස්ට් එකේ බැවින් කරුණාකර මෙය ඔබේ ගෘප් එකේ හෝ පේජ් එකේ ඩවුන්ලෝඩ් කර අප්ලෝඩ් කිරීමෙන් වළකින්න. උදව් කිරීමට කැමතිනම් ඔරිජිනල් පෝස්ට් එක ශෙයාර් කරන්න. ඕනෑම පේජ් එකකට, ගෲප් එකකට අපත් සමග මේ උතුම් කර්තව්‍යයට එකතු විය හැක.
ඔබත් සහය වීමට කැමති පේජ් එකක්නම් ප්‍රථමයෙන්ම 0701 10 10 10ට ඇමතුමක් ගන්න. අපත් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පහත ආකාරයට පෝස්ට් එක ඔබේ පේජ් වෝල් එකට දමන්න.
——————————
චිත්‍ර අඳින්න රට ආරක්ෂා කරගන්න තෑගි දිනන්න (හැකි තරම් ශෙයාර් කර කොරෝනා ව්‍යාප්තිය අඩු කිරීමට සහය දක්වන්න)
[Share the Original Post Link]
Supporting Partner : Your Page Name
Project of SamajaSathkara.lk
0 Comments