Select Page

අසරණ පවුල් බොහොමයක කුසගිනි නිවා උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා

by | Jan 4, 2018 | Dry Rations | 0 comments

අද ජනවාරි 4 වෙනිදා. හරින්ද්‍ර කසුන් (Harindra Kasun) මල්ලීගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අදට. ඉතිං ඒ වෙනුවෙන් ඔහු උපන් දිනය සමරන්න තෝර ගත්තේ අන් අය උපන්දිනය සමරනවාට වඩා වෙනස් ක්‍රමයක්. අද වර්තමානයේ තරුණ පරපුර උපන්දිනය සමරන්න ගොඩාක් වෙලාවට කරන්නේ තමන්ගේ හිතවතුන් වෙනුවෙන් උපන්දින සාද පවත්වන එක. ඒත් එලෙස අනවශ්‍ය ලෙස වියදම් නොකර අන් අයටද ආදර්ශමත් ලෙස හරීන්ද්‍ර මල්ලී තම උපන්දිනය සමරන්න තෝර ගත්තේ අහිංසක දුප්පත් පවුල් කිහිපයකට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීලා ඔවුන්ගේ කුසගිනි නිවීමට දායක වීමයි.

මේ සදහා ඔහු සමාජසත්කාර අප වෙත කතා කර ඔහුගේ අවශ්‍යතාවය දන්වා සිටියා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් දුප්පත් අසරණ පවුල් කිහිපයක් වෙනුවෙන් ලබා දෙන්න කියලා. අපද ඉතාමත් සතුටින් ඒ ඉල්ලීම භාර ගෙන ඔහුගේ අවශ්‍යතාවය ඉටු කර දුන්නා. මේ සඳහා අප තෝරා ගත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව කියන අන්ත අසරණ මිනිසුන් ජීවත් වන ඉතාම දුශ්කර පළාතක්. එදිනෙදා කුලී වැඩ කිරීම, ගොවිතැන් කටයුතු වල නිරත වීම මේ අයගේ ප්‍රධාන ජීවනෝපාය වෙනවා.

අප විසින් මේ ගමේ අන්ත අසරණ දිළිඳු පවුල් 30ක් තෝරාගෙන ඒ පවුල් සියල්ල වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබා දීම සිදු කලා. මේ පවුල් වල පාසැල් යන දරුවන්, කුඩා බිළින්දුන්, වයෝවෘද්ධ වැඩිහිටියන්, කායික හා මානසික දුබලතාවයන්ගෙන් යුක්ත වූවන් වැනි විවිධ තත්වයන්ගෙන් යුතු සාමාජිකයන් වූවා. අප මෙලස වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම ඔවුනට මහාමෙරක් ලැබුනා හා සමාන වූවා. මන්ද එදිනෙදා ලැබෙන කුලී මුදලෙන් හෝ ණය පදනම මත දෛනික අවශ්‍යතාවන් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය සපයා ගන්නා ඔවුනට මෙය මහත් වූ සහනයක් වූවා. එලෙසම කුසට හරියට ආහාර වේලක් නොමැතිව කෑවා කීමට වේලක් සපයා ගන්නා ඔවුනට හරි හමන් වේල් කිහිපයක් හෝ සපයා ගැනීමට මේ නිසා හැකි වූවා.

අප මෙලෙස වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබා දීම ඔවුන්ගේ ඉමහත් වූ සතුටට හේතු වූවා මෙන්ම නොසෑහෙන ලෙස පින් දීමක්ද ඒ සෑම පවුලකින්ම වාගේ සිදු වූවා. ඒ පින් වල සැබෑ උරුමක්කාරයා වන්නේ හරින්ද්‍ර මල්ලි ඔයා. සාංඝික දානයක් දුන්නා හා සමානව සමහරවිට ඊටත් වඩා කුසලයක් මේ මාර්ගයෙන් ඔබට ලැබෙන්නට ඇති. මන්ද කුසගින්නේ වේලක් කා වේලක් නොකා ජීවත් වන මිනිස්සුන්ගේ කුසගිනි නිවුවා මෙන්ම ඔවුන්ගේ හිත් සතුටු කිරීමටද ඔබට හැකි වූවා.

මේ අයුරින් කුසගින්නේ සුසුම් හෙළන අසරණ පවුල් වෙනුවෙන් උපකාර කළ පිනෙන් ඔබේ සියළු ලෙඩ දුක් රෝග පීඩා දියෙහි ඇඳි ඉරක් සේ පහව යේවා… නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. කරන කියන කටයුතු සියල්ලක්මද රැකී රක්ෂා මෙන්ම අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්මද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම උදා වේවා…. මෙසේ තව තවත් බොහෝ කුසලයන් රැස් කරගනිමින් සසර කෙළවර උතුම් නිර්වාණාවබෝධය ලැබීම පිණිස මේ උතුම් කුසලය හේතු වේවා….

මේ පිංකමට අපේ කණ්ඩායමේ Inoka Damayanthi අක්කා ශ්‍රම දායකත්වය සහ මගපෙන්වීම දැක්වූවා.

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.