Select Page

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් 50 වැඩි ප්‍රමාණයකට පිහිට වූ සුදර්ශි අක්කා.

by | Nov 9, 2019 | Dry Rations | 0 comments

දීමෙහි අනුසස් අත්විදිමු. නිරන්තරයෙන් දානාදි පින්කම් කරමු.

දානය යනු දීමයි. එනම් අත් හැරීමයි .මෙහි අනුසස් බොහෝ වෙති. මේ සියල්ලටම මනස මුල්වේ.
“මනෝ පුබ්බං ගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝ මයා…..”
ලෝභ,ද්වේශ ,මෝහ යන අකුසලයන්ගෙන් බැහැරව දන්දීමට හැකිනම් කොපමණ අගනේද.
ඉතා දුගී දුප්පත් පවුල් සඳහා වියලි ආහර පාර්සල් ලබාදී ඔවුන්ගේ කුසගිනි නිවා ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම සඳහා ඇවැසි ශක්තිය ලබාදෙන්නේ නම් එය කොතරම් අගනා කුසලකර්මයක්ද.

තමන්ගේ උපන්දිනය වෙනුවෙන් වැඩිහිටියන්, ආබාධිත අය, දරුවන් සිටින අය, ගැබිණි මව්වරුන් සිටින අඩු ආදායම්ලාභී පවුල් රැසකට සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාර පාර්සල් පරිත්‍යාග කරන්න මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sudarshi Premawardhana අක්කා එකතු වුණා… තවත් පිංකම් බොහොමයක් කලා. ඒ පිළිබඳව වෙනම පෝස්ට් එකකින් පලකිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙය ඇයගේ උපන්දිනය දිනයේදීම මැදවච්චිය ප්රදේශයේ සිදු කිරීමට බලාපොරොත්තු වුවත් වර්ෂාව නිසා පසු දිනක කුළියාපිටිය ප්රදේශයේ සිදු කරනු ලැබුවා. ඒ පවුල් වල අය නොසෑහෙන්න පිං දුන්නා. සමහර වයසක අම්මලා අපිට පහත්වෙලා වඳින්න පවා උත්සාහ කලා. හැමෝම අඬ අඬා පිං දුන්නා.

මේ පවුල් සොයා ගැනීමට මාගේ කළණ මිතුරෙක් වන රසික මිතුරාද, සුමනසිරි අයියාද සහය වුනා. අපි දවස පුරා කිලෝමීටර් 2-3ක් කැලෑ මැඳින්, වෙල්, වතු මැදින් ගිහින් තමයි මේ පවුල් සොයාගත්තේ…. ඔබ සැමට බොහොමත්ම පිං….

“දානංච යුද්දංච සමාන මාහ”
යනුවෙන් දන්දීම යුද්ධ කිරීමක් හා සමාන බව දක්වා ඇත. බොහෝ ජනයා මත් වතුරෙන් මත්ව නැටුම්,ගැයුම් ,වැයුම් මැද තම උපන්දිනය සමරනු ලබති. ඉතින් එවැන්නන් අතර තම උපන්දිනය උදෙසා දුගී පවුල් සඳහා වියලි ආහාරද්රව්ය පාර්සල් ලබාදීමට සිත නම්මවා ගැනීම යුද්ධයක් නොවන්නේද.
ඉතින් මේ කරන ලද කුසලකර්මයෙන් ඔවුන්ගේ මෙලොව ජීවිතය මෙන්ම පරලෝ ජීවිතය සර්වප්රකාරයෙන්ම සුඛිතමුදිත වේවා . නැතැයි යන බසක් අසන්නට නොලැබේවා!!! මෙයට නන් අයුරින් දායකවූවන්ගේ ද සියලූම යහපත් බලාපොරොත්තු සර්වප්රකාරයෙන්ම ඉශ්ට සිද්ධ වේවා !!!
තෙරුවන් සරණයි !!!

සුභ උපන්දිනයක් අක්කා.

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.