Select Page

ගමටම ඇඳුම් 2019/20

by | Jan 25, 2020 | Facebook Posts | 0 comments

ගමටම ඇඳුම් 2019/20 හැකි තරම් Share කර උදව් කරන්න

බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්යාපෘතිය නැවත ආරම්භ කරන ලදි. කලින් අවස්ථාවේ එවීමට නොහැකි වූ අය මෙම අවසන් අවස්ථාවෙන් ප්රයෝජන ගන්න. නැවත මෙම ව්යාපෘතිය ආරම්භ කරන්නේ 2020 දෙසැම්බර් මාසයේදීය.
ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපෙන භාවිතා කරන ලද හොඳ තත්වයේ තිබෙන ඇඳුම් අවශ්යයි…
රී ලංකාවේ අති දුෂ්කර පළාතක් වන අනුරාධපුර, මැදවච්චිය ප්රදේශයේ පාඩිග්ගම, ඇටවීරගොල්ලෑව වැනි ගම්වල අතිශය දුප්පත් පවුල් 200කට අධික ප්රමාණයක් සඳහා මෙලෙස ඔබ විසින් භාවිතා කරන ලද එහෙත් නැවත භාවිතා කිරිමට හැකි ඇඳුම් ලබාදෙන්න. (යට ඇඳුම් ලබාදෙනවානම් අළුත් ඒවා ලබාදෙන්න)
ඔබගේ රැකියා ස්ථානයේ කාර්ය මණ්ඩලයේ අනික් අයටද මේ පිළිබඳව දැනුම් දී ඔවුන්ගෙන්ද හැකි පමණ ඇඳුම් එකතු කරදී මෙම පුද්ගලයන්ට උදව් කිරිමට අපට සහය වන්න…
විදේශ රටක සිට ඇඳුම් එවනවානම් door-to-door සේවාවක් ඔස්සේ මැදවච්චිය හෝ ශ්රී ලංකාවේ කොළඹ ආසන්නයේ සිටින ඔබගේ හිත මිතුරෙක්ට එය එවා අපවෙත ලැබෙන්න සලස්වන්න.
Location : මැදවච්චිය, අනුරාධපුර
Post Date : 2019 ඔක්තෝබර් 19
Project Date : 2020 පෙබරවාරි තෙවෙනි සතිය (2020 පෙබරවාරි 10 වෙනිදායින් පසු ඇඳුම් භාරනොගන්නා බව කරුණාවෙන් සළකන්න)
උපදෙස්/Instructions :
අවශ්ය කරන ඇඳුම් : කුඩා ළඳරුවාගේ සිට වැඩිහිටියන් දක්වා අවශ්ය කරන ඇඳුම් (සාරි, කාර්යාල නිළ ඇඳුම්, පාසල් නිළ ඇඳුම් ඕනෑම දෙයක්) යට ඇඳුම් එවනවානම් අලුත් ඒවා එවන්න.
ඇඳුම් එවිය යුතු ආකාරය : සියලුම ඇඳුම් සෝදා, පිළිවෙලට නමා කාන්තා/පිරිමි සහ වයස් කාණ්ඩ අනුව වෙන්කර ලේබල් කරන්න.
ඇඳුම් වල තත්වය : ඉරුණු, දුර්වර්ණ වූ, පැල්ලම් සහිත ඇඳුම් එවීමෙන් වළකින්න. භාවිතා කරන ලද යට ඇඳුම් එවීමෙන්ද වළකින්න.
ඇඳුම් එවිය යුතු ආකාරය : දුම්රිය පාර්සල් එවීමේ සේවාව මඟින් “මැදවච්චිය දුම්රිය ස්ථානයට” හෝ Curier සේවාවක් මඟින් පහත ලිපිනයට එවිය යුතුය.
ඇඳුම් එවිය යුතු ලිපිනය : එස්.සිසිර සේනාරත්න, සමාජසත්කාර අනුරාධපුර දිස්ත්රික් සම්බන්ධීකාරක, හිරල්ලුගම, ඇටවීරගොල්ලෑව
ඇඳුම් එවිය යුතු දිනය : මෙය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණකි. 2020 පෙබරවාරි 10 වෙනි දිනට පෙර දුම්රිය ස්ථානයට ඔබේ පාර්සල් භාරදීමට කාරුණික වන්න. ඊට පසුව භාරදීමෙන් වළකින්න.
ඇඳුම් එවිය හැකි ආකාරය :
01. දුම්රිය මගින් පාර්සල් යැවීම
පාර්සල් එවීම සඳහා උපදෙස් :
සතියේ දිනවල උදේ 09.00 සිට සවස 04.00 දක්වා, දුම්රිය මගින් යැවීමට පාර්සල් භාරගනු ලැබේ.
පාර්සලය හොඳින් ආවරනය කරන්න.
දුම්රිය ස්ථානාධිපති විසින් ඉල්ලා සිටින විට පාර්සලයෙහි ආවරණ ඉවත් කොට භාණ්ඩ හඳුනාගැනිමට සූදානම්ව සිටිය යුතුය.
පාර්සලයෙහි, එය ලබන්නාගේ නම සහ ලිපිනය පහත ආකාරයට පැහැදිලිව සටහන් කරන්න. එහි “ආධාර” ලෙස පැහැදිලිව ලොකු අකුරෙන් ලියන්න.
ගමනාන්ත දුම්රිය ස්ථානය : මැදවච්චිය
නම/ලිපිනය : එස්.සිසිර සේනාරත්න, සමාජසත්කාර අනුරාධපුර දිස්ත්රික් සම්බන්ධීකාරක, හිරල්ලුගම, ඇටවීරගොල්ලෑව
දුරකතන අංකය : 0703938933 (Sisira) / 0701 10 10 10 (Danesh)
පාර්සලය එවන තැනැත්තාගේ නම, ලිපිනය හා දුරකතන අංකයද පාර්සලයේ සඳහන් කරන්න.
දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඔබට රිසිට් පත (waybill) ක් ලබාදෙනු අත. මෙම රිසිට් පතෙහි පැහැදිලි ඡායාරූපයක් චැට් එකෙන් එවන්න.
පාර්සල් ගාස්තුව :
සාමාන්යයෙන් ලංකාවේ ඕනෑම ස්ථානයක සිට පාර්සලයක් මැදවච්චියට එවීමට යන උපරිම වියදම (කිලෝග්රෑම් 25) රු.700± VAT පමණි.
බර සහ දුර අනුව වියදම වෙනස් වේ.
එක් පාර්සලයක උපරිම කිලෝග්රෑම් 25 දක්වා සීමා කරන්න.
02. Curier සේවාවක් ඔස්සේ පාර්සල් එවීම සඳහා විස්තර ලබාගැනීමට පහත ලින්ක් වෙත පිවිසෙන්න.
Local Courier Services :
Prompt Xpress :
Find your nearest Agent: http://www.promptxpress.lk
Domex :
Find your nearest Agent: http://www.domex.lk/
Pronto :
Find your nearest Agent: http://www.prontolanka.lk/
Certis Lanka :
එක්වන්න සෙනෙහස බෙදන්න මාත් එක්ක…
ගමටම ඇඳුම් 2019/20
An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk
අපගේ පෝස්ට් එක ඩවුන්ලෝඩ් කර එහි ලිපින වෙනස් කර වට්ස් ඇප් ගෲප් ඔස්සේ කිහිපදෙනෙක් ඇඳුම් එකතු කරන අතර එම ව්යාපෘතියට සමාජසත්කාර පදනමේ සම්බන්ධයක් නොමැත. තොරතුරු සොයා බලා සම්බන්ධ වන්න. මාගේ වෝල් එකෙන් පිටත ගනුදෙනු පිළිබඳව මා හෝ පදනම වගකියනු නොලැබේ.
සැ.යු : කිසිම අවස්ථාවක මේ පෝස්ට් එක ලයික්, කමෙන්ට් බලාපොරොත්තුවෙන් වෙනත් ගෲප් වල, පේජ්වල, ප්රොෆයිල් වල ඩවුන්ලෝඩ් කර අප්ලෝඩ් කිරිමෙන් වලකින්න. මන්ද ව්යාපෘතිය ආරම්භ කල පසු අප විස්තර අප්ඩේට් කරන්නේ මේ පෝස්ට් එකේ පමණි.
Post Link  : https://www.facebook.com/DaneshSSLK/posts/2648241668546493

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.