Select Page

ගෙදර උයන්නේ එක වේලයි

by | Mar 17, 2020 | Facebook Posts | 0 comments

ගෙදර උයන්නේ එක වේලයි, ඉස්කෝලෙදි කෑම වෙලාවට පන්තියෙන් එළියට එනවා. තාත්තා ගහකින් වැටිලා ආබාධිත වෙලා – Join Now (හැකි තරම් ශෙයාර් කරන්න)

මේ පවුල ඉන්නේ කොටදෙණියාව දියගම්පොල ගමේ. සුමිත්රා රණසිංහ (37), ඉන්දික වික්රමාආරච්චි (39), රුසිනි (19), රුචිර (13), රශ්මි (6). දරුවන්ගේ තාත්තා තැඹිලි කඩන්න ගිහින් අවාසනාවට තැඹිළි ගහම කඩන් වැටිලා. දැන් අවුරුද්දක් වෙනවා. උකුල් ඇටේ ඉඳන් ප්ලේට් දාලා තියෙන්නේ. ඇවිදින්න බෑ. හැම බරක්ම දැන් දරුවන්ගේ අම්මගේ කරට තමයි පැටවිලා තියෙන්නේ.
ගෙදර දොර ජනෙල් නැහැ. වහලේ හොඳටම තෙමෙනවා. ටොයිලට් එකක් නෑ. දවසට එක වේලයි උයන්නේ. ඒකත් කවුරු හරි දෙන දේකින්. දුවටනම් දවල්ට ඉස්කෝලෙන් කෑම ලැබෙනවා. පුතා කෑම වෙලාවට පන්තියෙන් එළියට වෙලා ඉන්නවා. ඉස්කොලේ නොයෙන දවසට ඒකත් නෑ.
දරුවන්ට ඉස්කෝලේ අඳින්න ඇඳුමක්වත් නෑ. කලින් අවුරුදු වල ඇඳපු ඇඳුම්මයි පොඩ්ඩක් ලොකු කරගෙන අඳින්නේ. පුතා පුටුවෙන් වාඩිවෙනකොට කලිසමේ හක් එක පන්නලාලු ඉඳගන්නේ. ආපහු ටීච ලඟට යනකොට බොහොම අමාරුවෙන් දාගෙන යනවලු.
දරුවන්ට ඉස්කෝලෙට යවන්න මාසෙට 2000ක් යනවා ත්රීවිල් වලට. මොකද දරුවන්ගේ තාත්තා දාලා යන්නත් බෑනේ අම්මට.
අපි බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ට අලුතෙන් බැංකු ගිණුමක් විවෘත කරලා මාසික ශිෂ්යත්වයක් හදලා දෙන්න ඉගෙනුම අවසන් වෙනකම්…
මේ දිනවල රටේ පවතින තත්වයත් එක්ක ඔවුන් ගොඩක් අසරණ වෙලා ඇති. සල්ලි තියෙන අයට වගේ බඩු අරන් තියාගන්න ඒ අයට මුදල් නැහැ. එදා වේල හම්බකරගන්නවත් හැකියාවක් නෑ… මේ අසරණ පවුලේ කුසගින්න නිවන්න දායක වෙන්න.
ඔබට පහත දේ වලට දායක වෙන්න පුලුවන්.
වියළි ආහාර පාර්සලයක් හෝ කිහිපයක් (වාර 2කදී ලබාදීමට : රු.10,000 (Reserved)
පාසල් උපකරණ : රු.5,000 (Reserved)
සපත්තු /මේස් : රු.3,500 (Reserved)
නිළ ඇඳුම් : රු.1,900
බැංකු ගිණුම : රු.1,000
මව වෙනුවෙන් රු.250,000 – 500,000ක හදිසි අනතුරු රක්ෂණාවරණයක් : වසරක් සඳහා දායකත්වය රු.250/500 (Reserved)
ඔබට උදව් කල හැකි වෙනත් ආකාර සඳහන් කල හැක. (දොර, ජනෙල් පරිත්යාග කිරීම හෝ වෙනත්…)
මාසික ශිෂ්යත්වයක් : රු.5,000 හෝ වැඩි (මෙය මාසිකව ඔවුන්ගේ ගිණුමකට බැර කල යුතුය. සමාජසත්කාර ගිණුම් වලට මාසික මුදල් බැර කිරීමෙන් වළකින්න. ගිණුම විවෘතකල පසු ගිණුම් අංකය මෙම පෝස්ට් එකෙහි Update කිරීමට බලාපොරොත්තු වේ.
සමාජසත්කාර ව්යාපෘතිය වෙනුවෙන් ඔබ පරිත්යාග කරන මුදල කමෙන්ට් කරන්න. රු.100කින් වුවද දායක විය හැක.
How to Donate :
බැංකු ගිණුම් විස්තරය :
NDB Bank (Organizational Account)
A/C Holder Name : SamajaSathkara.lk Foundation
Account No : 106110445132
Branch : Warakapola
(සැ.යු : බැංකු නිවාඩු දින වලදී මෙම ගිණුමෙන් මුදල් ලබාගත නොහැකි බව කරුණාවෙන් සළකන්න)
Sampath Bank හරහා පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola
Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
වෙනත් බැංකුවක් හරහා මුදල් එවන ආකාරය දැන ගන්න මා හට ෆේස්බුක් පණිවිඩයක් එවන්න.
ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.