ධර්ම දානය – කරමු සිත් පහදවා
ධර්ම දානය නම් ධර්මය කියාදීම යි .මේ තැන ධර්ම ශබ්දයෙන් දෙලොව වැඩ සලසන අවවාදානනුශාසනා බණ දහම් කියැවේ. යමක් බුද්ධ වචනයට අනුකූල වේනම් , විරුද්ධ නොවේනම්,අසා සිටිනවුන්ගේ දෙලොව වැඩ සලසන , නිවන් ලැබීමට හෝ උපනිශ්‍රයවන අවවාදයක් , අනුශාසනයක් වේනම් කවර බසකින් කීවත් එය ධර්ම නම්වේ.
ධම්මෝ නාම බුද්ධභාසිතෝ , සාවක භාසිකෝ ඉසිභාසිතෝ , අත්ථුපසංහතෝ ධම්මුපසංහිතෝ යන විනය පදභාජනීය විවරණයෙනුදු බුදුරජාණන් වහන්සේ වදාලත් , බුදු සව්පිරිස වැස්සන් , සෘෂීන් කීවත් , යමක් පෙළ අටුවාවෙහි බණට සරිලතොත් දෙලොව වැඩ සලසතොත් ඒ අනුශාසනය ධර්ම නම් වන බව ප්‍රකාශවේ.
ප්‍රකෘති ධර්ම දේශනා වශයෙන් හෝ සිවුපැදියෙන් පමණක් කෙරෙන සුළු අනුමෙවෙනි වශයෙන් හෝ බණ පත් පොත් මුද්‍රණය කර බෙදාහැරීම , බණ පොත්ගුල් තැනවීම , ධර්මදේශනා කරවීම , ධර්ම දූතයන් මෙහෙයවීම , බණ පැන විසදා දීම , බණ ඉගැන්වීම ආදී ලෙස අනුන්ගේ හිතසුව පිණිස කරනු ලබන ධර්ම ප්‍රචාරය කිරීම ධර්ම දානය නම් වේ.
ඉතින් මේ ධර්ම පුස්තකයන් කියවා ධර්ම මාර්ගයේ ගමන්කොට සෝවාන් , සකුර්දාගාමී, අනාගාමී , අරහත් යන සතරමග සතර එලයන්ට පැමිණ නිවන් අවබෝදය ලබා ගැනීමට හැකියාව ලැබේවා. නමෝ බුද්ධාය !!!
ධර්ම දානය උතුම්ම දානයයි…
මා සතියකට කිලෝමීටර් 800-2,000 අතර ප්‍රමාණයක් ලංකාව පුරා සංචාරය කරනවා. ඉතිං මං හිතුවා ඒ සංචාරය කරන අවස්තා වලදී මට හමුවෙන වැඩිහිටියන්, දරුවන්, තරුණ තරුණියන්, ගැබිණි මාතාවන්, ආබාධිත අය සහ ඕනෑම ධර්මයට ලැදි අය වෙනුවෙන් ධර්ම පුස්ථක බෙදා දෙන්න.
මේ උතුම් වූ පුණ්‍ය කර්මය දැකබලා සතුටුවන ඔබ සැමටද අනුමෝදන් වෙත්වා !
Project “ධර්ම දාන On the GO”
0 Comments