Select Page

දින 2ක් ඇතුලත පවුල් 10ක ජීවිත ආලෝකමත් කල ෆේස්බුක් මිතුරෝ | Project Donate a Light, Create a Bright

by | Feb 29, 2016 | Electricity Need

අද පෙබරවාරි 29වන දින සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය/මාලිගාවිල අන්ත අසරණ පවුල් 6කට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා…
ඊයේ 4ත් සමඟ අපි මෙවර දින 2ක් ඇතුලත පවුල් 10කට විදුලිය ලබාදුන්නා. වෙනදට අපිට Solar Panel එකක් සවි කිරීමට පැය 1 1/2ක පමණ කාලයක් යනවා. නමුත් ගමේදි අපට මුණගැහුණ, අපට මේ වැඩසටහනට උදව් කල මිතුරෝ කිහිප දෙනාගේ සහයෙන් අපි අද පැය 1/2කට 1 බැගින් සවිකලා. අද අපිට වැඩි වේලාවක් ගියේ ඒ ගෙවල් වලට යන්න. කිලෝමීටර් ගණන් බයික් එකේ සහ කැබ් එකේ විතරක් නෙමේ පයිනුත් යන්න වුණා… නමුත් වෙහෙස නොබලා අපි හැමෝම මහන්සි වුනේ මේ ජීවිත ආලෝකමත් කරන්නයි.

මීට කලින් අම්පාර, මහඔය පවුල් 3ට ලබාදුන් අතර, 2016 වසරේදී අපි තව පවුල් 87ට විදුලිය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා…

ඔබටත් එක පවුලක හෝ කිහිපයක පිරිවැය දරන්න පුලුවන්.
එක් නිවසක් සඳහා වියදම රු.12,000 (කොළඹින් කිලෝමීටර් 150ක දුරකට ප්‍රවාහන වියදමත් ඇතුළුව)

Donate a Light, Create a Bright Project

කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන දරුවෝ ඉන්න පවුල් වලට Solar Panel ලබාදීම

Location : ඔක්කම්පිටිය/මාලිගාවිල, මොණරාගල

0 Comments

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.