Select Page

නීරෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරියන් තිදෙනා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වීරකැටිය (Project Water)

by | Jan 29, 2020 | Water Needs | 0 comments

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, විරකැටිය, කැප්පිටියාව කණිෂ්ඨ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 185ක් අධ්‍යාපනය ලබනවා.

අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි. මේ දිනවල පාසලේ නිවාසන්තර ක්‍රීඩා තරඟ. සමහර දරුවන්ට ඒ සඳහා අඳින්න ඇඳුමක්වත් නෑ.

මෙම පාසලට පැවති මූලික ගැටලුවක් වූයේ දරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජල පහසුකම් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොතිබීමයි. පසුගිය දිනක සමාජසත්කාර කණ්ඩායමේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරිණී Prasadi Udayangi අක්කාගේ සම්බන්ධීකරණයෙන් සහ අනූ අක්කාගේ මග පෙන්වීමෙන් මෙම පාසලට RO ජල පෙරණයක් පරිත්‍යාග කලා.

මෙය පරිත්‍යාග කලේ මාගේ කළණ මිතුරියක් වන Anuradha Palihakkara අක්කා සහ ඇගේ මිතුරියන් දෙදෙනෙක් වන Sagarika Warnsuriya අක්කා සහ Maduni Rashikala අක්කලා දෙදෙනාගේ දායකත්වයෙන්. පාසලේ විදුහල්පතිතුමිය බොහොමත්ම ස්තූතිවන්ත වුණා මේ පරිත්‍යාගය පිළිබඳව.

දැන් ආයෙත් මේ දරුවන්ට අපිරිසිදු ලවණ සහ මඩ සහිත ජලය පානය කරන්න අවශ්‍ය නැහැ. මෙම ෆිල්ටරය හරහා පාසලේ කිහිපපොළකට සෑම දිනකම උදෑසන ජලය බෙදාහැරීමට කටයුතු සූදානම් කලා.

අපේ රටේ අනාගත පරපුර සෞඛ්‍ය සම්පන්න කිරීම උදෙසා මෙසේ පිරිසිදු පානිය ජල පහසුකම් ලබා ගැනීමට ඔබ තිදෙනා විසින් සිදු කරා වූ උතුම් පරිත්‍යාගය හේතුවන් ඔබගේ සහ ඔබ පවුලේ සියලුම දෙනාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නීරෝගී වේවා.

කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම සිදු වේවා…. රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. අවසානයේ උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්‍යකර්මය හේතු වේවා….

වැඩි විස්තර සහ ඡායාරූපය බලාපොරොත්තු වන්න…

Project Water | Water for Schools

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.