Select Page

පිළිකාවකින් පීඩා විඳින මේ අම්මාට උදව් කරන්න

by | Oct 12, 2020 | Facebook Posts, ආධාර ඉල්ලීම් | 0 comments

මේ අම්මව අපට මුණගැහුණේ මීට මාසයකට පමණ ඉහතදී. එවිට සාමාන්‍ය නීරෝගී තත්වයෙන් හිටියා. තාත්තාට හර්නියා රෝගය සහ අම්මාට කොන්දේ අමාරුව සහ වෙනත් රෝග කිහිපයක් තියෙනවා කිව්වා. අම්මා සහ තාත්තා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරු. වයස 80කට කිට්ටුයි. හැබැයි දරුවෝ නැහැ. පුංචි කඩාවැටෙන්න ආසන්න පැලක ජීවත්වෙන්නේ අල්ගම, මදුරුපිටිය කියන ගමේ.

මේ ගැන අපිට දැනුම් දුන්නේ මදුරුපිටිය වසමේ ග්‍රාම නිළධාරීතුමිය, සංවර්ධන නිළධාරීතුමිය සහ සමෘද්ධිනිළධාරීතුමන්. ඒත් එක්කම ප්‍රාදේශීය ලේකම් තුමාද අපිට මේ සම්බන්ධයෙන් උපදෙස් සහ සහය ලබාදුන්නා.

අපි මාසයක පටන් මේ අම්මවයි තාත්තවයි නවත්වන්න ලංකාව පුරා වැඩිහිටි නිවාස හෙව්වා. 68කට කෝල් කලා. ඒත් තැනක් හොයාගන්න බැරිවුණා. රජයේ ඒවාට භාරගන්න විශාල කාලයක් යනවා. ලැයිස්තුවේ ඉන්නත් ඕන. අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එකක් වෙන්නත් ඕන. ඉතිං අපි පෞද්ගලික ඒවා හෙව්වා. ඒවාට ජීවිතකාලයටම රු.800,000ක් වගේ යනවා. නැත්නම් මාසෙට රැ. 60,000ක් වගේ යනවා. අනික් එක දෙන්නම ටිකක් අසනීපෙන් ඉන්න නිසා සහ වයස 75ට වැඩි නිසා ඒ අය වෙනුවෙන් තවත් බලාගන්න කෙනෙක් වෙනම තියන්න වෙන නිසා වියදම වැඩි. ඉතිං ඒ කාර්ය අපහසු නිසා අපි ලඟ ගෙදරකට අවශ්‍ය කෑම,බීම දීලා බලාගන්න කියලා තිබ්බේ.

නමුත් අවාසනාවන්ත විදිහට පහුගිය සතියේ අම්මව වතුපිටිවල රෝහලට ඇතුලත් කලා. එහිදී දැනගත්තා මේ අම්මට පිළිකාවක් කියලා. ගර්භාෂයේ පිළිකාව හැදිලා තියෙන්නේ. ශරීරය පුරා පැතිරිලාලු. වෛද්‍යවරු කීවලු තව සති 3 වඩා ජීවත්වෙන එකක් නැහැ, ඒක නිසා ටිකට් කපාගෙන ගෙදර ගිහින් කාලා, බීලා ඉන්න කියලා.

මේ පණිවිඩය ලැබෙනකොට අපේ කණ්ඩායම හිටියේ මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ. සියලුම ව්‍යාපෘති නවත්වලා අපි මේ අම්මව බලන්න ආවේ වෛද්‍යවරුන්ට අනුව මේ අම්මට තවත් වැඩි කාලයක් නැති නිසා. අපිට අවශ්‍ය කලේ අම්මගේ අවසන් කාලය සතුටෙන්, සැපෙන් අවශ්‍ය සත්කාර ලබාදෙමින් තියාගන්න. මොකද ඒ දේවල් ජරාවාස වූ මේ ඉන්න ගෙදර කරන්න බැහැ.

අපි ඉන්පසු මේ අම්මව අඹේපුස්ස වාසනා පෞද්ගලික වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයේ නවත්වන්න කටයුතු සූදානම් කලා.

කාත් කවුරුත් නැති අසරණ අම්මා කෙනෙක් නිසා එහි පාලකතුමිය කිසිම ඇතුලත්වීමේ ගාස්තුවක් නැතුව මේ අම්මව අවසන් කාලය බලාගන්න භාරගන්න කැමැත්ත පලකලා. අපිට එවිට ගෙවන්න වෙන්නේ මාසික ගාස්තුව විතරයි. ඉතිං ඒ සඳහා ඔබගේ උදව් අවශ්‍යයි. මාසික වියදම රු.30,000යි. ඒ කියන්නේ දිනකට වියදම රු.1,000යි. ඉතිං අපි හිතුවා 30 දෙනෙක්ට ඒ සඳහා අවස්ථාව දෙන්න. ඔබ යම් වැඩිපුර මුදලක් දෙනවානම් එය පහත දක්වා ඇති අමතර වියදම් වෙනුවෙන් ලබාදෙන්න පුලුවන්. මේ අම්ම කවදා හරි ජීවත්වෙනකම් අපට බලාගන්න වෙනවා. නැතිවුණ දවසට අවසන් කටයුතු කිරීමද දිනක් ඇතුළත අපිම කරනවා.

දරුවෝ නැතත් ෆේස්බුක් අපි හැමෝම එකතු වෙලා මේ අම්මවයි, තාත්තවයි බලාගමු !

ඔබට ලබාදෙන්න පුලුවන් මුදල කමෙන්ට් කරන්න.

මාසික ගාස්තුව – රු.30,000
ඇතුළත්වීමේ ගාස්තුව – රු.25,000 (අවශ්‍ය නැත)

කාමරය අලුත්වැඩියා කිරීම –
තීන්ත සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය : රු.4,200
කුළිය : රු.2,000

කාමරයට අවශ්‍ය ලී සහ වානේ භාණ්ඩ :
ඇඳ 6 x 4 : රු.15,200
මෙට්ටය : රු.5,200
වානේ දොර දෙකෙහි කබඩ් එක : රු.9,300

වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය :
කොට්ට, කොට්ට උර 3, බෙඩ් ශීට් 4 (ඇඳට), බෙඩ්ශීට් 3 (පොරවන්න), ටවල් 3, නෙට්, දොර, ජනෙල් රෙදි සහ රඳවන, බෙඩ් ජැකට් 3, චීත්ත 3, හවුස්කෝට් 3, සාය 2, කෝප්ප, පිඟන්, කුණු කූඩය, පාපිස්ස සහ වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය – රු.16,950

සනීපාරක්ෂක ද්‍රව්‍ය :
ඩෙටොල්, බේබි සබන්, දත් බුරුසු, දන්තාලේප, ලයිසෝල්, Adult Diapers, Bed Covers, ඕඩි කොලෝන්ග්, අත්වැසුම් පෙට්ටියක් සහ වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය – රු.16,200

ආහාර ද්‍රව්‍ය :
රත්ති කිරිපිටි, සීනී, තේකොළ, කෝපි, මාමයිට් සහ වෙනත් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය (ඉල්ලීම පරිදි ඉදිරියේදී වෙනස්වෙනු ඇත) – රු.4165

පෞද්ගලික වැඩිහිටි නිවාසයට (Nursing Home) ඇතුලත් කිරීමේ වියදම – රු.103,215

හදිසියේ හෝ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ අනුව සති 3ක් හෝ ඊට පසු මරණයක් සිදුවුවහොත් අවසන් කටයුතු සිදු කිරීම සඳහා යන වියදම – රු.27,000 + රු.6500 – රු.33,500

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම මාගේ මිතුරන් පොරොන්දු වූ/තැන්පත් කල මුදල් ප්‍රමාණය : රු.37,500

දැනට සියලුම කටයුතු සඳහා අවශ්‍ය මුදල : රු.99,215යි.

ඔබ ලබාදෙන්නට බලාපොරොත්තුවන මුදල කමෙන්ට් කරන්න. ‍රු.1000 වැඩි මුදලක් නම් ඉන් රු.1000ක් අප වෙන් කරන්නේ දෛනික භාරකාරිත්ව මුදල වෙනුවෙන්.

ඔබ පරිත්‍යාග කරන මුදල අපට දැනුම් දෙන්න. රු.100ක් හෝ මේ අම්මා වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කාරුණික වන්න…

How to Donate :

බැංකු ගිණුම් විස්තරය :

Sampath Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola

Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala

Bank Of Ceylon (BOC) හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 83609177
Branch : Warakapola

People’s Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola

NDB Bank (Organizational Account)
A/C Holder Name : SamajaSathkara.lk Foundation
Account No : 106110445132
Branch : Warakapola

වෙනත් බැංකුවක් හරහා මුදල් එවන ආකාරය දැන ගන්න අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.samajasathkara.lk/donate-now

ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10

SamajaSathkara.lk Foundation (formerly known as B.H. Edirisooriya Community Service Foundation) is a Registered Foundation : Reg No : GA3032

Helping Everyone | Everyday | Everywhere
www.Samajasathkara.lk

Photograph used for promotional purposes only!

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.