Select Page

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද?

by | Nov 9, 2020 | Facebook Posts | 0 comments

පුංචිම පුංචි රු.100/- කින් ජීවිත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න පුලුවන් කියලා ඔබ දැන සිටියාද? (4th Post)

රු.100ක් පරිත්‍යාග කරන්නට හැකිනම් පමණක් කමෙන්ට් කරන්න කාරුණික වන්න.

වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ අසරණ පවුලකට හෝ කිහිපයකට නිවෙස් කිහිපයක් ගොඩනැංවීමට සහ සතුන් වෙනුවෙන් අභය භූමියක් ගොඩනැංවීමට ඉඩමක් මිළදී ගැනීම

අවශ්‍ය මුදල : දළ වශයෙන් රු.200,000
එක් මිතුරෙක්ගෙන් බලාපොරොත්තු වන මුදල රු.100
අවශ්‍ය මිතුරන් ප්‍රමාණය 2000 (2000 x 100 = රු.200,000)

මීට පෙර පළකල පෝස්ට් එකක් හරහා මිතුරන් රු.119,500ක් ලබාදෙන්නට පොරොන්දු වී ඇති නිසා දැනට අවශ්‍ය මුදල වන්නේ රු.80,500කි.

හැකියාව ඇති අය සිටීනම් ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව ඇත. (උදා: රු.500 බැගින් පරිත්‍යාග කලහොත් අවශ්‍ය වන්නේ මිතුරන් 400කි, රු.1000 බැගින් පරිත්‍යාග කලහොත් අවශ්‍ය වන්නේ මිතුරන් 200කි. පරිත්‍යාග කරන මුදල තීරණය කිරීම ඔබ සතුය. එම මුදල කමෙන්ට් කරන්න කාරුණික වන්න. විදේශගතව සිටින අයට රු .100ක් පරිත්‍යාග කිරීමට අපහසුය. ඔබට කැමති මුදලක් පරිත්‍යාග කිරීමට නිදහස ඇත.)

ගිණුම් විස්තර :

බැංකු ගිණුම් ඔස්සේ මුදල් තැන්පත් කිරීම : https://wa.me/p/3459671160779986/94701101010

ජංගම දුරකතන ඔස්සේ මුදල් තැන්පත් කිරීම : https://wa.me/p/3462475527179056/94701101010

Remittance, Foodcity හෝ Pay&Go Kiosk ඔස්සේ පරිත්‍යාග කිරීම : https://wa.me/p/3785409634817182/94701101010

ව්‍යාපෘතිය පිළිබඳව වැඩි දුරටත් :

දරුවන් නොමැති වයෝවෘද්ධ වැඩිහිටියන් පමණක් සිටින පවුල් තුනකට අයිති අක්කර භාගයක ඉඩමක් පිං තකා අප පදනමට පරිත්‍යාග කිරීමට එහි හිමිකරුවන් කැමැත්ත දක්වනවා. රුපියල් ලක්ෂ 20-30ත් අතර වටිනාකමක් ඇතැයි සලකන මෙම ඉඩම ඔවුන් අප පදනම වෙත රුපියල් ලක්ෂ 2ක් වැනි මුදලකට තමයි පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ඉතිං අප කණ්ඩායම තීරණය කලා මේ ඉඩම යොදාගෙන ව්‍යාපෘති කිහිපයක් අවස්ථා කිහිපයකදි කරන්න. එසේ අවස්ථා කිහිපයකදී කිරීමට බලාපොරොත්තු වන හේතුව වූයේ මේ ඉඩමට ප්‍රවේශවීමට දැනට පහසු මාර්ගයක් නොතිබීමත්, නගරයෙන් තරමක් දුරට වෙන්නට සහ බෑවුමක් සහිත ඉඩමක් වීමය.

මෙය වරකාපොල – අල්ගම ප්‍රදේශයේ බස්නාහිර සහ සබරගමුව මායිමේ පිහිටි ඉඩමකි. ඉඩමට තරමක් ඔබ්බෙන් බස්නාහිර පළාතට අයත් ප්‍රදේශය වේගයෙන් සංවර්ධන වෙමින් පවතින අතර කෙටි කාලයකින් මෙයට ප්‍රවේශ වීමට මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් සම්පූර්ණ වෙතැයි බලාපොරොත්තු විය හැක. මන්ද එම ඉඩමට කිලෝමීටරයකට අඩු දුරකින් අක්කර 80ක අධික භූමි භාගයක ආයෝජය ප්‍රවර්ධන කලාපයක් ගොඩනැගෙමින් පවතිනවා.

ඒ හේතුව මත අප ඉඩම භාවිතා කිරීමේ අරමුණ අදියර කිහිපයකට සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පහත ආකාරයේ අදහස් තමයි දැනට අප කණ්ඩායම සහ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීතුමිය සහ සංවර්ධන නිළධාරීතුමිය අපට ලබාදුන්නේ.

1. ඉඩම මිළදීගෙන ඉඩමෙහි එක් නිවසක් ඉදි කිරීම (දැනට ප්‍රමාණවත් තැනිතලා බිමක් තිබෙන්නේ එක් නිවසක් ඉදිකිරීමට පමණි)

2. ඉඩම වටා වැටක් ඉදිකීරීම

3. අඩුආදායම්ලාභී පවුලක් (නිවසක් හෝ ඉඩමක් නොමැති) එම නිවසෙහි පදිංචි කර ඔවුන්ට ඉඩම බලාගැනීමට පැවරීම

4. ඉඩමෙහි තේ, ගම්මිරිස්, අන්නාසි වැනි වගාවක් ආරම්භ කිරීම (භූමියෙහි පිහිටීම අනුව කෘෂි නිළධාරීන්ගේ උපදෙස් අනුව) ඉදිරියේදී තීරණය කරණු ලැබේ. එම ආදායම එහි පදිංචි පවුල නඩත්තුවට ලබාගත හැක

5. මරණයට බේරාගත් කිරි ගවයින්, එළුවන් ආදී සතුන්ට අභය භූමියක් ලෙස භාවිතා කිරිම

6. භූමිය සංවර්ධන කර අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට නිවාස හෝ අවසර ලබා ගැනීමට හැකිනම් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ගොඩනැගිල්ලක් ඉදිකිරීම (ප්‍රවේශ වීමට පහසු මාර්ගයක් ඉදිවීම මේ සඳහා අනිවාර්ය වේ. නොඑසේනම් ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර් කිහිපයක් ඇතුලත ඇති ගමක වයෝවෘද්ධ වැඩිහිටියන්ට රැකවරණය දෙන නිවහනක් ආරම්භ කිරීම අවධානම් තත්වයකි)

ඉහත මොනයම් හෝ සැලසුමක් ක්‍රියාත්මක කලහොත් එයින් ජීවිත කිහිපයක වෙනසක් ඇති කරන්න අපට හැකිවෙනවා.

ඔබට කරන්නට තිබෙන්නේ රු.100ක පරිත්‍යාගයක් සිදු කිරීම පමණයි. ඔබේ කැමැත්ත ප්‍රකාශ කිරීමට කමෙන්ට් එකක් යොදන්න. රු.100ට වඩා පරිත්‍යාග කිරීමට කැමතිනම් පණිවිඩයක් එවන්න කාරුණික වන්න.

මේ සඳහා මූලික තාක්ෂණික සහය “Home – කැදැල්ල” ෆේස්බුක් සමූහය හරහා ලබාගැනීමට බලාපොරොත්තු වේ. මුල්‍යමය ආධාරද සමූහයේ මිතුරන්ට ලබාදිය හැකිය. මෙහි Original Post එකෙහි පමණක් කමෙන්ට් කිරීමට කාරුණික වන්න.

ඒත් සමගම එම සමූහයේ ප්‍රවීණයන්ගේ සහය මත මෙම ඉඩමෙහි පහත ක්‍රියාකාරකම් කිරීමට බලාපොරොත්තු වේ..

1. තක්සේරු කිරීම
2. ඉඩම මායිම් නිරවුල් කිරීම land surveying
3. නිත්‍යානුකූල පවරා ගැනීම
4. ඉදිකිරීම් සැලසුම් කිරීම
5. ගොඩනැගිලි සැලසුම් ඇදීම (2D)
6. ඉංජිනේරුමය නිර්මාණ සැකසීම (3D/Walkthrough)
7. ඉදිකිරීම් ඇස්තමේන්තු සැකසීම
8. ඉදිකිරීම් ආරම්භ කිරීම.

පුංචිම පුංචි රු.100ක මුදලක් මිතුරන් 2000 ගෙන් පමණයි අවශ්‍ය වන්නේ. ඉතිං ඔබත් කැමතිනම් සහය වන්න කමෙන්ට් එකක් දාන්න.

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10

සැ.යු : මෙය තවමත් පරිත්‍යාගශීලීන් සමඟ සාකච්ඡා මට්ටමේ තිබෙන දෙයකි. එය ආරම්භ කිරීම තීරණය කරනු ලබන්නේ මෙයට ලැබෙන ප්‍රතිචාර මතය.

SamajaSathkara.lk පදනම “Home – කැදැල්ල” ෆේස්බුක් සමූහයේ තාක්ෂණික සහය සමග සිදු කරන සමාජ මෙහෙවරකි.

Photographs used for promotional purposos only !

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.