Select Page

බ්‍රව්නී දැන් බොහෝම සතුටින්…. දැන් එයාට අලුත් පාද ලැබිලා – බව්Cart Project 02 | බ්‍රවුනි ? (තල්දූව, අවිස්සාවේල්ල) – Part 02

by | Nov 29, 2017 | Disabled Animal

මේ ඉන්නේ බ්රව්නි. ඔයාලට මතක ඇතිනේ චූටි පැටියා කාලෙදිම ඇවිදින්න බැරුව ගිහින් බඩගාගෙන ඇවිදන් යන අසරණ වුන බ්රව්නි. මෙයාගේ අසරණකම දැක්ක මේ නැන්දයි මාමයි එයාව ආදරෙන් බලාගත්තත් මෙයාගේ මේ අඩුපාඩු දැකපු බොහෝ දෙනෙක් එයා ජීවත් වෙයි කියලා විශ්වාස කළේ නැහැ. ඒ නිසාම ඒ අය මේ නැන්දටයි මාමටයි කියලා තියෙනවා ඉන්ජෙක්ෂන් දීලා මේ අසරණ බ්රව්නිගේ ජීවිතය නැති කරමු කියලා. ඒ පාපකර්මයට කිසිසේත්ම කැමති නොඋන මේ නැන්දයි මාමයි හරි ආදරෙන් අදටත් බ්රව්නිව බලා ගන්නවා.

අද දවසේ උදේ පාන්දරම අපි පිටත් උනේ බ්රව්නිව බලන්න යන්න ආසාවෙන්. මොකද අද අපි ගියේ එයාට බොහෝම වටින තෑග්ගකුත් අරන්නේ… උදේන්ම පිටත් උන අපි තල්දූව, අවිස්සාවේල්ලට ළඟා උනේ බ්රව්නිව දැක ගැනීමේ ආසාවෙන්. අපි යද්දිත් බ්රව්නි බොහෝම අමාරුවෙන් බඩගාමින් යනවා. ගිහින් ආදරෙන් කතා කරලා අපි එයාට ගෙනාපු බව් Cart එක පරිස්සමින් ඇඟට දාද්දි ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන දරුවෙක් වාගේ පාඩුවේ හිටියා.

හැබැයි මේ Dog cart එක දාපු ගමන් එයා ඇවිදින්න පටන් ගත්තා. ඒක ඇවිද්දා නෙමේ සන්තෝසේ වැඩිකමට දිව්වා වගේ. දෙතුන් වතාවක් නම් උපරිම වේගෙන් යන්න ගිහින් බිත්ති වල වද්දගත්තා. හැබැයි චූටි වෙලාවකින් බ්රව්නි තේරුම් ගත්තා වාහනයක් වගේ මේක හරවගෙන යන්න ඕන කියලා. ඔන්න ඊට පස්සේ මෙයා වාහනයක් හරවලා යනවා වගේ බිත්ති ළඟදි ලස්සනට හරවලා එයාට ඕන දිහාවට යන්න ගත්තා. ඒ හිතේ මොනතරම් නම් සතුටක් ඇතිද.

මේ අසරණ බ්රව්නිගේ ජීවිතයට සතුට උදා කරලා දෙන්න දායක උනේ Nalin Hemapala මිතුරා. වටිනාකමක් නැතිව ගිය අසරණ උන මේ ජීවිතය මේ නැන්දයි මාමයි ආදරයෙන් සෙනෙහෙහසින් පිරෙව්වා වගේම නලින් මිතුරාගේ සහයෝගයෙන් ඒ ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් එක් කරන්න හැකි උනා.

අද මේ අහිංසක බ්රව්නි සතුටින් ඉන්නේ ඔයාගේ සහයෝගය නිසයි. මේ රැස් කරගත්ත කුසලය අප්රමාණයි. මේ අසරණ ජීවිත වල අසරණභාවය කියාගන්න හැකියාවක් ඒ අයට නැහැ. ඉතින් ඒ අසරණයන්ගේ දුකට පිහිටක් වෙන්න හැකි වෙන්නේ සැබැවින්ම ළයාන්විත හදවතක් ඇති සෙනෙහෙබර මිනිස් හදකටම පමණයි. අහිංසක බ්රව්නි වෙනුවෙන් පිහිට වූ නලින් මිතුරාට මේ සිදුකළා වූ කුසලයේ ආනුභාවයෙන් නිදුක් නීරොගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා… සතුට සැනසුම සෞභාග්යය උදා වේවා…. කරන කියන යම් කටයුත්තක් වේද ඒ සියල්ලක්ම සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා… පින්වන්ත මෙන්ම වාසනාවන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ඔබට නිරන්තරයෙන්ම ලැබේවා….

0 Comments

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.