Select Page

මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

by | Oct 18, 2020 | Adults, Sick Person | 0 comments

මදුරුපිටිය අම්මාගේ ජීවිතයේ අවසන් කාලය සැපවත්ව ගතකිරීමට පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම (October 08 | Part 02)

පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත් නොමැතිව අසරණ වී සිටි මදුරුපිටියේ අම්මා කෙනෙක් ගැන අපි විස්තර ෆේස්බුක් එකේ පළකලා ඔබට මතක් ඇතිනේ. පිළිකාවක් නිසා ඇය ජීවත් වෙන්නේ සති 3කටත් අඩු කාලයක් කියලා වෛද්‍යවරු ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ඒ අසරණ අම්මා බැලීමට විස්තර ලද විගස මා මදුරුපිටියට පැමිණියා. රෝගාතුරව සිටි මේ අම්මාට පිහිට වෙන්න සමාජ සත්කාර අපි තීරණය කලා. කාත් කවුරුත් නොමැතිව අසරණව සිටි මැයට පිහිට වෙන්න දෙස් විදෙස් වල සිටින ගොඩාක් යහලුවන් අප හා එක් වූවා. දරු මල්ලෙක් නොමැතිව සිටි ඒ අම්මාට විශාල දූ දරුවන් පිරිසක් පිහිට වන්නට කැමත්ත පළ කලා.

අම්මා සිටි අසනීප තත්ත්වය ගැන සොයා බැලීමේදී ඇය මේ ලෝකේ තව වැඩි කාලයක් ජීවත් නොවන බව අපට දැන ගන්නට ලැබුනා. එනිසා එම මෑණියන් ජීවත්ව සිටින මේ ටික කාලයේදී ඇයව පුලුවන් තරම් සුව පහසුවෙන් තැබීමට අප අවශ්‍ය කටයුතු සම්පාදනය කලේ පවතින මේ වසංගත රෝග තත්ත්වයද නොසළකා හරිමින්.

ඒ අනුව ඇය නැවැත්වීමට වගකීමක් දැරිය හැකි විශ්වාසවන්ත වැඩිහිටි නිවාසයක් මුලින්ම තෝරා ගෙන එහි කාමරය අලුත්වැඩියා කර අම්මාට අවශ්‍ය සියලුම දේ අපි එහි ගෙනවිත් තැබුවා. මේ සඳහා අප තෝරාගත්තේ අඹේපුස්ස වාසනා පෞද්ගලික වැඩිහිටි නිවාසයයි.

ඇයට අවශ්‍ය පහසුකම්, රැකවරණය කෑම බීම ලබා දීමට මසකට ගෙවීමක්ද අප විසින් සිදුකලා. මේ සියලුම දේ වලට අපට උදව් උපකාර කලේ සමාජ සත්කාර මිතුරු මිතුරියන්. දරු මල්ලන් නොමැති මේ අම්මට අවසන් කාලය සැපෙන් ජීවත් වීමට එයාලා ඒ අම්මාට ඇගේ දරුවන් වූවා. හැමෝටම ගොඩාක් පින් ඒකට.

ඉතින් අපි පසුගිය ඔක්තෝම්බර් 8 වෙනිදා ඒ අම්මාව වැඩිහිටි නිවාසය වෙත එක්කන් ආවා. කාත් කවුරුවත් නොමැතිව සිටි මේ අම්මාට එදා සිට මේ වැඩිහිටි නිවාසයේ රැකවරණය ලැබෙනවා. ඇයට අවශ්‍ය ආහාරපාන ටික බෙහෙත් ටික වෙලාවට ලැබෙනවා. ඉතින් ඒ නිසා ජීවිතයේ අවසාන දින කිහිපය සුවයෙන් මේ අම්මාට ගත කරන්න පුලුවන්. ඒ හැම දේටම පිහිට වූයේ සමාජ සත්කාර හා අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනායි.

ඒ අම්මාගේ භාරකාරයා වුනේ මමයි. යම් දිනක ඇය මෙළොව හැරගිය පසු අවසන් කටයුතු සිදුකිරීමේ වගකීමද සමාජසත්කාර පදනම විසින් භාරගත්තා.

ජීවත් කාලේටම කිසිදු සැප සම්පතක් විද නැති ඒ අම්මාට මේ ටික කාලය හරි මෙහෙම ඉන්න සැලසුව එක ලොකු පිනක්. අනික රෝගී උපස්තානය බුදු දහමට අනුව විශාල කුසල කර්මයක් වෙනවා. ඒ හැම කුසල කර්මයකටම එක සිතින් උදව්‍ කල ඔබ සැමට ඒ පින් අනුමෝදන් වේවා.

ඒ අම්මා වැඩිහිටි නිවාසයේ නවතා එන වෙලාවේ ඇයට කටින් කතා කර අපිට පින් දීමට තරම් ශක්තියක් නොතිබුනද ඇය මා පිටත් වීමට ආසන්නයේ මා දෙසට ඇගේ දෑත් එක්කර වැන්දේ මගේ දරුවන්ට මට පිහිට උන හැමටම ගොඩාක් පිං කියලා කියන්නා ලෙසයි. ඇගේ ඇසින් කඩා හැලුන කදුලු දුටු මගේ ඇසටත් කදුලක් එක් වූයේ මා නොදෙනුවත්වමය.

ඔබ සැමගේ මෙන්ම මගේත් ප්‍රාර්ථනය වන්නේ අම්මේ ඉක්මනින්ම සනීප වෙන්න කියායි. ඔබේ කුසින් නොවැදුවත් අම්මා හොද වෙනකල් ඔයාගෙම උන දරු පිරිසක් බලාගෙන ඉන්නවා.

ඉක්මනින්ම සුව වෙන්න අම්මේ, තෙරුවන් සරණයි !

මෙම සත් කාර්යය වෙනුවෙන් සති කිහිපයක් තිස්සේම ඉතා ඕනෑකමින් කටයුතු කල මා සමග දිනකට 10-12 වතාවක් ඇමතුම් ලබාදෙමින්, සාකච්ඡා කරමින් මේ සඳහා සහය වූ මදුරුපිටිය වසමේ සංවර්ධන නිළධාරිනී Lalani Athauda මෙනෙවියට, ග්‍රාම නිලධාරී නිරංජලා රාජපක්ෂ මෙනවියට, ප්‍රවාහන පහසුකම් ලබා දී සියලු දේට ශක්තියක් වූ සමෘද්ධි නිලධාරී ප්‍රභාත් ජයරත්න මහතාට මෙන්ම මෙම මෑණියන් නිවසේ සිටින කාලය තුල කෑම බීම මෙන්ම පිරිසිදු කිරිම් කටයුතු වලට දායක වූ ගම්වාසී සියලු දෙනාට, ඒ වගේම වැඩිහිටි නිවාසය සොයාගැනීමට සහය වූ අප ප්‍රාදේශීය ලේකම් Rangana Sajeewa මහතාටත්, වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම පිං.

මාස ගණනක් සිහිනයක්ව පැවති මේ අම්මාට සෙවණක් ලබාදීමේ කටයුත්ත යථාර්ථයක් කරන්න මූල්‍ය දායකත්වය දැක්වූ මාගේ ආදරණීය ෆේස්බුක් යාලුවන්ට මාගේ හෘදයාංගම ස්තූතිය.

මේ පිංකමට දායකත්වය දැක්වූ ඔබ සියලු දෙනාට මේ කුසලයේ ආනුභාවයෙන් ආයු වර්ණ සැප බලය නිරතුරුව ලැබේවා. රෝග පීඩා නැති වේවා. නිවන් දැකීමට මේ කුසලය හේතු වාසනා වේවා.

තෙරුවන් සරණයි !

සෙනෙහෙබර වදන් පෙළගැස්ම : Manoj Prasanna

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.