Select Page

මෙලොවින් සමුගත් සොහොයුරාට පරලෝ සුගතිය පිණිස පිංකමක් සිදුකල Phr Shyamalie Paulu Hewage අක්කා.

by | Jul 17, 2017 | Clothes, Dry Rations | 0 comments

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන ශ්‍යාමලී අක්කාගේ ආදරණීය මල්ලී, P.H.N. සුනිමල් මහතා 2017. 06. 07 වන දිනට මෙලොවින් සමුගෙන වර්ෂයක් සම්පූර්ණ වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඒත් මේ මල්ලී ජීවිතයෙන් සමුගත්තේ අකාලයේ. වකුගඩු රෝගයකින් පීඩා විදලා තමයි මේ මල්ලී සදහටම මේ ලෝකෙන් සමු අරන් ගියේ. ඉතින් අපේ හිතවතුන් ජීවත් වෙලා ඉද්දී කොයි තරම් දේවල් කරලා සලකන්න පුලුවන් උනත් ආදරය කරන්න පුලුවන් උනත් මරණයෙන් පස්සේ ජීවත් වෙලා ඉන්න අපට කරන්න පුලුවන් එකම දේ ඒ මියගිය කෙනා වෙනුවෙන් පිං පමුණවන්න විතරයි. ඉතින් ශ්‍යාමලී අක්කත් තමාගේ ආදරණීය මල්ලී වෙනුවෙන් විශේෂ දානයක් දීලා පිං දෙන්න තීරණය කලා. එයා මට දන්වා සිටියා දුප්පත් අය වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් සහ ඇඳුම් ලබා දෙන්න කියලා.

ඉතින් මම දුප්පත් අසරණ වයෝවෘද්ධ වැඩිහිටියන් කිහිප දෙනෙකුට සති කිහිපයකට සෑහෙන වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පර්සල් සහ ඇඳුම් ලබා දුන්නා. තමන්ට නොසිතූ ලෙස මේ ලැබුනු ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් ගැන ඒ වැඩිහිටියන් ගොඩාක් සතුටු උනා. ඒ වගේම ගොඩාක් පිං දුන්නා. තම ජීවිත කාලයේ ලැබුනු වටිනාම තිලිණය එය බව ඔවුන් පවසා සිටියා. ඒ පිං වල හැබෑ අයිතිකාරිය ඔයයි අක්කේ. තමන්ගේ කෙනෙක් ජීවත්ව සිටියදී පවා නොසලකන කාලයක ඔයා මිය පරලොව ගිය ඔයාගේ මල්ලී වෙනුවෙන් පිං දෙන්න මෙලෙස පරිත්‍යාගයක් සිදු කලේ ඔයාගේ හිතේ මල්ලී වෙනුවෙන් පවතින අසීමිත සහෝදර ප්‍රේමය නිසා බව කිව යුතු නෑ. මේ ලැබුනු පින් ඔයාගේ මිය පරලොව ගිය මල්ලීට අනුමෝදන් වේවා. ඔහුට සැපවත් ජීවිතයක් අත් වී ඇත්නම් ඒ සැප සම්පත් වැඩි වීමටත් දුක්‍ ඇති ආත්මයක් ලැබි ඇත්නම් ඒ දුකින් අත්මිදෙන්නටත් මේ පිං හේතු වාසනා වේවා. තවද සසර වසනා තුරු මෙවන් අකල් මරණයකට මුහුණ දීමට සිදු නොවේවා..

ඉතින් අක්කේ මේ සිදු කලා වූ කුසලයේ ආනුභාවයෙන් ඔබගේ පවුල් දිවියද සතුටින් සමාදානයෙන් ගෙවීමට හැකිවේවා. තව තවත් මෙවැනි අසරණ මිනිසුන්ට උදවු කිරීමට හැකි වේවා. ඔබගේ දෙමාපියන්, දරුවන් සහ සහෝදරියන් දෙදෙනා ඇතුලු සියලු හිත මිත්‍රාදීන් සැමටත් මේ පින් අනුමෝදන් වේවා.

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.