Select Page

මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම

by | Apr 9, 2020 | Water Needs, Buddhist | 0 comments

පවුලේ සැමට ආශිර්වාද පතා සහ පියාණන්ට පිං පිණිස අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank)

මගේ ෆේස්බුක් මිතුරියක් වන

Desmi Chandrasena

අක්කාගේ ආදරණීය පියාණන් Gamini Chandrasena මහතාට පිං පිණිස සහ පවුලේ සැමට ආශිර්වාද පතා තමයි අක්කා මේ පිංකම සිදුකලේ.

ඉතාමත් අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයක් වන ගලගෙදර උත්පලවන්නා සෙනසුනට තමයි අප මේ ජල ටැංකියක් පූජා කලේ. ඉතාමත් දුෂ්කර ප්රදේශයක තමයි මේ ආරාමය තියෙන්නේ.
අප විසින් සිදු කළ මෙම පරිත්යාගය බොහෝ සේ වටින බව මෙහෙණින් වහන්සේ බොහෝමත්ම කෘතවේදිව ප්රකාශ කළා. උතුම් මෙහෙණින් වහන්සේලා උදෙසා අවශ්ය වන පහසුකම් සොයා බලා ඉටු කරදීම මහත් ඵල මහානිසංස ගෙන දෙන උතුම් පුන්යකර්මයන් බවත් පැවසුවා. දැන් මෙහෙණින් වහන්සේ හට පහසුවෙන් ජලය භාවිතයට ගන්න හැකියාව ලැබෙනවා. ඒ ඔබ විසින් සිදු කෙරූ උතුම් පරිත්යාගය හේතුවෙනි.
මහා සංඝරත්නයේ පහසුව උදෙසා මෙසේ පානීය ජල පහසුකම් ලබා ගැනීමට ඔබ විසින් සිදු කරා වූ උතුම් පරිත්යාගය හේතුවෙන් …..
ඔබගේ, ඔබේ ස්වාමිපුරුෂයා සහ ඔබේ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා. ඒ වගේම ඔබ දෙපළ නමින් මිය පරළොව ගිය පිං බලාපොරොත්තුවෙන් කෙනෙක් සිටීනම් මේ පිං බලයෙන් සැපවත් ආත්මයක් ලැබෙත්වා. විශේෂයෙන්ම ඔබේ පියාණන්ට මෙම පිං අනුමෝදන් වේවා. කෙළවර උතුම්වූ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා. කොරෝනා ව්යසනයෙන් ඔබ සැම ආරක්ෂා වේවා.
අප සංචාරය කරන විට මුණගැසෙන අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල ටැංකියක් හෝ වෙන ඕනෑම දෙයක් පූජා කිරීමට කැමතිනම් මැසේජ් එකක් එවන්න…
ශ්රී සෞභාග්ය ධෛර්ය, බුද්ධි තේජස්‌ ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්රමාණ පුණ්යසම්පත්තියක්‌ ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්යවත් අරහත් සම්යක්‌ සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක්‌ මඟුල් ලකුණු අනුහසින්
සවණක්‌ ඝණ බුදුරැස්‌ අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක්‌ ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද
ඔබගේ පවුලේ සියලු දෙනාගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද
සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා·
ඔබ සියලු දෙනාගේ සියලු පැතුම් ඉටුවේවා·
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා·
මේ පිළිබඳව මට දැනුම් දුන් Sharmini Dela අක්කාටත් Chandimal Arambewewa අයියාටත් බොහොමත්ම පිං
තෙරුවණ් සරණයි !!!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.