Select Page

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම

by | Feb 18, 2020 | Buddhist, Water Needs | 0 comments

පරලෝ සැපත් මෑණියන්ට නිවන් සුව පතා මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්යාග කෙරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

පොළොන්නරුව දිස්ත්රික්කයේ ඉහකුළුවැව ප්රදේශයේ පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්යාග කරමින් තම මව සහ නැන්දනිය වෙනුවෙන් නිවන් සුව ප්රාර්ථනා කලේ Kasthuri Weerasuriya අයියා සහ Thushara Maduwanthi අක්කා.
මෙහෙණින් වහන්සේලා හට මෙහි වටිනාකම කියා නිම කළ නොහැකි තරම්. දුෂ්කර ප්රදේශ වල ඉතාමත් අපහසුවෙන් ජල පහසුකම් සොයා ගන්නා මේ මෙහෙණින් වහන්සේලා මෙම ජීවිතයට හුරු වී සිටියත් ඒ දුෂ්කර බව යම් විටෙක පීඩාවක් බවටත් පත් වනවා. ජල පහසුකම් ලබා ගන්න තරම් දායකත්වයක් මෙම ආරාමයට නොලැබෙන නිසාවෙන්ම කළක පටන්ම මේ දුෂ්කරතාවන් මධ්යයේ වූවද ධර්මය ඇසුරු කරමින් මෙහි වෙසෙන්නට සිදු උනා. නමුත් මේ වන විට කස්තුරි අයියාගේ සහ තුෂාරා අක්කාගේ නොමසුරු දායකත්වයෙන් මෙම මෙහෙණි ආරාමයට නව ජල ටැංකියක් ලැබුණා. අද පටන් පිරිසිදු පැන් පොදක සිහිළස ලබන්නට මේ මෙහෙණින් වහන්සේලාට හැකි වනවා.
අපට ඉතාමත් දුෂ්කර වූ මාර්ගයක කිලෝමීටර් ගණනාවක් දුර සිට තමයි මේ මෙහෙණි ආරාමයට ජල ටැංකිය රැගෙන එන්නට සිදුවූයේ.
මේ උතුම් වූ පරිත්යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ මෑනියන් හට අනුමෝදන් වේවා….
මිය පරලොව යන්නට යෙදුනාවූ ඒ මෑණියන් මේ පින් අත්වීමෙන් යම් සැපවත් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ සැප වැඩි දියුණු වේවා… යම් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලැබීමට මේ පින් හේතු වේවා…
එමෙන්ම මෑනියන් වෙනුවෙන් මෙවන් පරිත්යාගයක් සිදු කෙරූ ඔබ දෙපළටත් මේ සිදුකළා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගි සුවය උදා වේවා… සතුට සැනසුම සෞභාග්යය නිරන්තරයෙන්ම රැඳේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා…. කරන කියන සෑම දෙයක්මද රැකීරක්ෂා කටයුතුද ව්යාපාරය හෝ අධ්යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්මද සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා…
මෙම පිංකමට මග පෙන්වූ පොළොන්නරුව දිස්ත්රික් සමාජසත්කාර පදනමේ සම්බන්ධීකාරක Suraj Samitha Jayawickrama මිතුරාටද බොහොමත්ම පිං…
Project Water | Water for Temples

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.