Select Page

විශේෂ නිවේදනයයි

by | Oct 29, 2020 | Facebook Posts | 0 comments

විශේෂ නිවේදනයයි | මැදවච්චිය ව්‍යාපෘති

සති කිහිපයකට කලින් අපි මැදවච්චිය පවුල් 17ක් වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කලා.

1. සෝලර් පැනල් හරහා විදුලිය ලබාදීම
2. වියළි ආහාර පරිත්‍යාග කිරීම
3. පාසල් උපකරණ පරිත්‍යාග කිරීම
4. සපත්තු පරිත්‍යාග කිරීම
5. බයිසිකල් පරිත්‍යාග කිරීම
6. කිරිපිටි පරිත්‍යාග කිරීම
7. වෙනත් ගෘහ භාණ්ඩ පරිත්‍යාග කිරීම
8. ස්වයංරැකියා ලබාදීම
9. රෝද පුටු පරිත්‍යාගය
10. නිවාස ව්‍යාපෘති

මෙම ව්‍යාපෘති වත්මන් කොරෝනා තත්වය මත මදක් ප්‍රමාද වන බව කරුණාවෙන් සළකන්න.

මෙම ව්‍යාපෘති සිදුකිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටියේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා. නමුත් හේතු කිහිපයක් මත මැදවච්චිය සෙනෙහසේ චාරිකාව කල් දමන්නට සිදුවුණා..

1. ප්‍රධානම කාරණාව වන්නේ මැදවච්චිය අඹගස්වැව ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත බස් රථ රියදුරෙක් සොයාගැනීමයි. ඔහු කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සුපිරිවෙළඳ සැල්, ඉන්ධන පිරවුම් හල් වැනි ප්‍රසිද්ධ ස්ථාන වලට ගොස් තිබෙනවා. සංචරනය සීමා කරන ලෙස දැනුම් දීමක්ද ලබාදී තිබෙනවා.

2. ඉහත කාරණාව අමතර කර සෙනෙහසේ චාරිකාව පුද්ගල සම්බන්ධතා සහ ප්‍රසිද්ධ ස්ථාන මගහැර සිදුකරන්නට සූදානම් වන විට ඊට වඩා ප්‍රශ්නයක් වූයේ ආසාධිත පුද්ගලයාගේ මිතුරෙක් (පළමුපෙළ ආශ්‍රිතයෙක්) මැදවච්චිය අපගේ පවුල් සිටින ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගී වී ඇති අතර නිරෝධායන නීතී නොතකමින් විශාල ගම් ප්‍රමාණයකින් මෙයට පිරිස් සම්බන්ධ වී තිබෙනවා. අපට ඇතිවුණ ප්‍රධානම ගැටලුව වූයේ මේ පවුල් සම්බන්ධීකරණය කල අපගේ සමාජසත්කාර අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක මහතාද මෙයට සහභාගී වීමයි. ඉතිං මග පෙන්වන්නෙකු නොමැතිව සහ මෙම අවමගුල් උත්සවයට විශාල පිරිසක් සම්බන්ධ වූ නිසා කවුරුන් ආසාධිතයින් වී ඇත්දැයි සොයාගැනීමට අපහසු වී ඇති නිසා සෙනෙහසේ චාරිකාව දින 14කට කල් දැමීමට සිදුවූවා.

3. ඊට අමතරව අප බෙදාදීමට බලාපොරොත්තු වූ පාසල් උපකරණ වලින් කොටසක් මිළදී ගන්නේ කොළඹ සහ ගම්පහ/යක්කල ප්‍රදේශ වලින් නිසා ඒවා මිළදී ගැනීමටද අපහසුය.

4. බොහොමයක් භාණ්ඩ ආනයනය අඩු කර ඇති නිසා සෝලර් පැනල් නිර්මාණයට අවශ්‍ය ද්‍රව්‍ය වල හිඟයක් පවතිනවා. නමුත් සති 2ක උත්සාහය මත සෝලර් පැනල් වලින් කිහිපයක් (7) අපට නිර්මාණය කරගැනීමට හැකි වූ අතර ඒවාද කොළඹ ප්‍රදේශයේ සිට අප තුල්හිරිය සමාජසත්කාර කාර්යාලයට ගෙන්වා ගැනීමට අපහසුතාවයකින් සිටින්නේ ඒවායින් කොටසක් නිර්මාණයට සහය වන අයෙක් මේ අවස්ථාවේ කොළඹ දැඩි අවදානම් කලාපයක සිටින නිසා සහ අනෙක් කොටස් නිර්මාණය කරන පුද්ගලයා ඇඳිරිනීතිය ඇති ගම්පහ ප්‍රදේශයේ සිටින නිසාය. ඒවා ගෙන්වා ගැනීමට හැකි වූ සැනින් එම ව්‍යාපෘති සිදු කිරීමට බලාපොරොත්තු වේ.

එක් සෙනෙහසේ චාරිකාවකට රු. 50,000 වඩා වියදමක් (ඉන්ධන,කෑමබීම, නවාතැන්, වැටුප් සහ වෙනත්) වියදම් වන නිසා සියලුම ව්‍යාපෘති එකම සෙනෙහසේ චාරිකාවකින් (සති 1-2 සංචාරයක්) සිදුකිරීමට බලාපොරොත්තු වේ.

සිදුවන ප්‍රමාදය පිළිබඳව අප කණ්ඩායමේ බලවත් කණගාටුව…

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.