Select Page

විහාරස්ථාන දියුණු කරමු

by | Feb 17, 2020 | Facebook Posts | 0 comments

ඇති හැකි විහාරස්ථාන එකතු වී ශ්රී ලංකාවේ දුෂ්කර ප්රදේශවල පිහිටි අඩුපහසුකම් සහිත විහාරස්ථාන දියුණු කරමු ! (හැකි තරම් ශෙයාර් කරන්න)

හාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ පණිවිඩය දකිනවා කියන්නේ ඔබ වහන්සේ සාමාන්ය දුරට හෝ පහසුකම් සහිතව දිවි පෙවතක් ගෙවන ස්වාමීන්වහන්සේලා දහස් ගණනකින් එක් හිමිනමක් බවයි. නමුත් හාමුදුරුවනේ දානේ වේලවත් නොලැබෙන, සිවුරු පිරිකරවත් නොලැබෙන ස්වාමීන්වහන්සේලා/විහාරස්ථාන ලංකාවේ දුෂ්කර ප්රදේශවල තිබෙනවා කියලා ඔබ වහන්සේලා දන්නවද? කිලෝමීටර් ගණන් පයින් වඩින, විදුලි බලය නොමැති, අලින්ගෙන් කරදර විඳින, ගොවිතැනින්, කුළීවැඩෙන් ජීවත්වෙලා දිවි ගෙවන දුප්පත් මිනිස්සු ඉන්න ගම්වල ගොඩක් විහාරස්ථාන තිබෙනවා.
ඔබ වහන්සේලාගේ කුටියේ ටයිල් අල්ලන විට, ගොම මැටි ගෑ බිම පැදුරක් එලාගෙන සැතපෙන ස්වාමීන්වහන්සේලාද අපිට මුණගැසී තිබෙනවා. කරාමය විවෘත කල සැනින් ජලය ඔබවහන්සේලාට ලැබුනද පැන් පහසුව සඳහා කිලෝමීටර් ගණනක් පයින් වැඩිය යුතු ප්රදේශද තිබෙනවා…
දිනපතා විහාරස්ථාන සොයා ලංකාව පුරා සංචාරය කරන විට අපිට මෙවැනි විහාරස්ථාන මුණගැසෙනවා. අපි හැකි විදිහට එම විහාරස්ථාන වලට උදව් කරනවා.
ඔබ වහන්සේලාට දායකයින් පූජා කරන ඕනෑම දෙයක අතිරික්තයක් තිබෙනවානම් අපට ලබාදෙන්න. ඒවාට සුදුසු විහාරස්ථාන හෝ පවුල් සොයාබලා පූජා/පරිත්යාග කරන්න අප සූදානම්.
දුෂ්කර පංසල් වලට සහ දුප්පත් පවුල් වලට පරිත්යාග කල හැකි…
? සිවුරු
? අදන
? කුඩ
? සෙරෙප්පු
? අටපිරිකර
? පාත්තර
? වටාපත්
? පිගන්
? කෝප්ප
? කොට්ට
? පැදුරැ
? සබන්
? බුරුසු
? දත්බෙහෙත්
? ත්රිපිටක පොත් වහන්සේලා
? ධර්ම පුස්තක
? කිරිපිටි
? සිනි
? තේ කොළ
? බුද්ධ ප්රතිමා
? අඩු කෝප්ප
? විදුරුසෙට්
? පෙනඩෝල්
? සිද්ධාලේප
? කොපි පොත්
? පැන්
? පැන්සල්
? බෙඩ් සීට්
? තුවා
… වැනි ඕනෑම දෙයක් අප හට ලබාදිය හැක.
ඇති හැකි පන්සල් වලින් උදව් කරනවානම් ශ්රී ලංකාවේ අඩුපහසුකම් සහිත පන්සල් කියා දෙයක් නොතිබෙන්නට පුලුවන. ඒ තරමට ආධාර ලැබෙන විහාරස්ථාන අද ලංකාවේ තිබෙනවා. සමහර විහාරථානවලට එකතුවෙන කෝටි ගණනක් ආධාර පෞද්ගලික සුඛ විහරණයට යොදාගැනෙනවා. නමුත් නිවන් මග යන පිංවත් ස්වාමින්වහන්සේ නමකට එවන් පරිත්යාගයක් කිරීම අපහසු කාර්යයක් නෙමේ.
ඔබවහන්සේත් යම් පරිත්යාගයක් සිදු කිරීමට කැමතිනම් අපට කතාකරන්න. එවන් පරිත්යාගයක් සිදුකරාවි යැයි සිතන ස්වාමීන්වහන්සේලාව මේ පෝස්ට් එකට ටැග් කරන්න කාරුණික වන්න…
තැපෑලෙන් එවනවානම් : “ධනේෂ් එදිරිසූරිය, සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුණුවල, තුල්හිරිය” ලිපිනයට එවන්න
දුරකතන අංකය : 0701 10 10 10

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.