Select Page

වෛද්‍යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා ආරක්ෂිත ඇඳුම් (PPE Kit) පරිත්‍යාග කිරීම

by | Apr 4, 2020 | COVID-19, Medical | 0 comments

කොරෝනා (Covid-19) Support Project 02 | ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් වෛද්යවරු සහ හෙද නිළධාරීවරුන් උදෙසා ආරක්ෂිත ඇඳුම් (PPE Kit) පරිත්යාග කිරීම (වරකාපොල රෝහල)

අපිව මේ කොරෝනා වසංගතයෙන් බේරන්නට වෙරදරන අපේම මිහිපිට දෙවිවරැ හරියට අාරක්ෂිත අැදුමක්වත් නොමැතිව දුක් විදින තරම්. නොයෙක් ලෙඩ හදාගෙන රෝහලට එන පිරිස අතර කොරෝනා වෙෙරසය හැදුන පිරිසත් ඉන්නවා. ඒ අය දන්නෙත් නැ ඒ අය කොරෝනා ලෙඩ්ඩු කියලා. පරික්ෂණයට භාජනය කලාමයි කොරෝනා කියලා දැනගන්නෙ. ඒත් වෛද්යවරුන්ට සහ හෙදියන්ට ඔවුන් සමග සුහදව කටයුතු කරන්නම වෙනවා. ඒත් ඔවුන්ගේ ජිවිත අවදානමේ අාරක්ෂිත අැදුමක්වත් නැතිව. ඔවුන්ටත් දරැ පවුලක් තියෙයි. ඔවුනුත් අාරක්ෂිත වෙන්න ඕන. මේ වසංගතය දුරලන්නට අප වෙනුවෙන් කැප වෙන ඔවුන්ට හැකි තරම් අාරක්ෂිත අැදුම් පරිත්යාග කරන්න අපි ව්යාපෘතියක් ආරම්භ කලා.
නියම ප්රමිතියෙන් යුත් ආරක්ෂිත ඇඳුම් දැන් ලංකාවේ හොයාගන්නවත් නැති තරම්. ඉතිං දැනට සමහර රෝහල් ඉටිරෙදි වලින් රේන් කෝට් වගේ මහගෙන තමයි රෝගීන් පරික්ෂා කරන්නේ. ඔවුන්ට එවැනි ඇඳුමක් හෝ පරිත්යාගය මේ අවස්ථාවේ වටිනවා. ඒ ඇඳුමක් භාවිතා කරන්න පුලුවන් එක් වරක් විතරයි. තවත් සමහර ඇඳුම් තියේ සෝදා කිහිප වරක් භාවිතා කරන්න පුලුවන්. දැනට අපි එවැනි ඇඳුම් නිර්මාණය කරන ආයතන කිහිපයක් සමඟ කතා කරලා ඇඳුම් තොගයක් මසාගත්තා.
මෙය වරකපොල රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු මාගේ මිතුරෙකුගේ ආයාචනය මත ආරම්භ කරන ලදි. වරකාපොල ප්රදේශය/නගරය දින කිහිපයක සිට වසා දමා තිබුණේ. ඒ එක් කොරෝනා රෝගියෙකු නිසා. ඔහු හා සබඳකම් පැවැත්වූ 100 ගණනක් පිළිබඳව මේ අවස්ථාවේ විමසිල්ලෙන් ඉන්නේ. විශාල ලෙස සාමාන්ය රෝගීන් පිරිසක් රෝහල වෙත පැමිණෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් පමණ සැමවිටම සූදානමින් සිටින්නේ. එක් අයෙක් සාමාන්යයෙන් පැය 12ක සේවා කාලයක් කටයුතු කරනවා ඇඳුම් හිඟකම නිසා. ඇඳුම් හිඟකම නිසා ඇඳුම ගලවන්න බෑ. හිතන්න කුසට අහරක් නැතිව පැය 12ක් සම්පූර්ණ ශරීරයම ආවරණය වෙන ඇඳුමක් අඳිනවා කියන එක. පෝරණුවක ඉන්නවා වගේ ඒ අය ඉන්නේ. ඒත් ඔවුන්ට ඒ ඇදුම් අඳින්නම වෙනවා. ඉතිං අපි ආරම්භයක් ලෙස මෙම රෝහලෙන් මෙම ව්යාපෘතිය ආරම්භ කලා.
පසුගිය සතියේ අපි වරකාපොල රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සේවය කරන

Saman Munasinghe මහතා වෙත ආරක්ෂිත ඇඳුම් 100ක් පරිත්යාග කලා. රත්නපුරෙන් තමා ඇඳුම් අපි නිර්මාණය කරගත්තේ. ඇඳුම් රෝහලට කෙලින්ම අපි යැව්වා. දින ගණනකට පසුව තමයි අපි ඔබ වෙනුවෙන් පරිත්යාගය තහවුරු කිරීමට ඡායාරූප ගැනීමට ගියේ.
මේ සඳහා අපට මූල්යමය සහ ශ්රම දායකත්වය දුන් ඔබ සියලු දෙනාටද, මේ සඳහා අවස්ථාව ලබා දුන් සමන් මහතාටද ගෞරවනීය ස්තූතිය පුද කර සිටින්නෙමු.
මෙම පරිත්යගය හමුවේ අප අමතා අපගේ සහය ඉල්ලා සිටි දිවයින පුරා අනෙක් රෝහල් වලටද හැකි පමණින් අපගේ සහය ලබා දීමට තව දුරටත් ඔබ අප සමඟ අත්වැල් බැඳ ගනු ඇතැයිද අප අපේක්ෂා කරන්නෙමු.
එමෙන්ම මේ පරිත්යාගය සඳහා අවශ්ය මූල්ය ප්රතිපාදන අප වෙන්කලේ සමාජසත්කාර පදනමේ අරමුදලෙන් වන අතර ව්යාපෘතිය සඳහා පොරොන්දු වූ ඔබ සැම හැකි ඉක්මනින් ඔබගේ පොරොන්දු වූ ආධාර මුදල තැන්පත් කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
මේ උතුම් වූ කර්තව්යයට දායක වූ සියලුම ෆේස්බුක් මිතුරන්ට බොහොමත්ම පිං…
ඔබ හෝ ඔබගේ පවුලේ අයෙක්, හිතවතෙකු කොරෝනා ව්යයසනය හමුවේ යම් හෝ රටක අසරණ වී සිටීනම් මේ පුණ්යකර්මයේ ආනුභාවයෙන් ඔවුන්ගේ ප්රශ්න/කරදර හැකි ඉක්මනින්ම අවසන් වේවායැයි අප ප්රාර්ථනා කරනවා.
තෙරුවණ් සරණයි !

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.