Select Page

? චිත්‍ර අඳින්න ? රට ආරක්ෂා කරගන්න

by | Mar 22, 2020 | COVID-19, Facebook Posts | 0 comments

? චිත්ර අඳින්න ? රට ආරක්ෂා කරගන්න ? තෑගි දිනන්න (හැකි තරම් ශෙයාර් කර කොරෝනා ව්යාප්තිය අඩු කිරීමට සහය දක්වන්න)

ඔබේ දරුවා හෝ ඔබට මේ සඳහා සම්බන්ධ විය හැක.
“දැනුවත් වී වගකීමෙන් කටයුතු කර කොරෝනා වෛරසයෙන් රට බේරාගනිමු”
සෞඛ්ය දෙපාර්තමේන්තුව හා අනෙකුත් වගකිවයුතු ආයතන කොතෙක් දැනුවත් කිරීම් කලද හුදු ආත්මාර්ථය හා නොදැනුවත් භාවය නිසා වගකීම් විරහිත ලෙස ක්රියාකරන මහජනතාව නිසා අද වන විට රටතුල COVID-19 (කොරෝනා) වෛරසය සීග්රයෙන් පැතිරෙමින් පවතී. මේ නිසා මේ COVID-19 වෛරසය පැතිරීම සම්බන්ධව දැනුවත්භාවය වැඩිකිරීමට නිවෙස් මට්ටමින් ගන්නා උත්සාහයක් ලෙස මේ දීපව්යාප්ත චිත්ර තරගය අරමුණු කරයි. අනෙක් අතට නිවෙසට වී ගත කරන කාලය සහ දරුවන්ගේ පාසල් නිවාඩුව ඵලදායි ලෙස යොදාගැනීමට සහ ඒ පිළිබඳව දරුවන්ගේ අවධානය යොමු කිරීමටයි මේ පුංචි උත්සාහය.
“කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීමට නම්” යන තේමාවට උචිත වර්ණ හෝ කළු සුදු චිත්රයක් ඇඳ (හරස් අතට අඳින්න – Landscape) ඔබගේ හෝ ඔබේ පියාගේ/මවගේ ස්මාර්ට් දුරකතනයෙන් ඡායාරූප ගතකර පහත Facebook Page එකට මැසෙජ් එකක් එවන්න. ඔබ ඡායාරූප 2ක් එවිය යුතුය.
චිත්ර එවිය යුතු දිනය : 2020 මාර්තු 25 දහවල් 12ට පෙර
1️⃣ චිත්රයේ ඡායාරූපය (A4 Sheet එකක හරස් අතට අදින්න – Landscape)
2️⃣ ඔබේ දරුවා සුන්දර සිනා මුසු මුහුණින් අත් දෙකෙන් චිත්රය අල්ලා සිටින ඡායාරූපයක්.
?️ පහතින් දක්වා ඇති කොරෝනා ව්යාප්තිය වළකා ගැනීමට ඇති උපදෙස් හෝ උපදෙසක් භාවිතයෙන් චිත්රය ගොඩනගන්න. (විවෘත ආරාධනයකි – ඕනෑම වයස් කාණ්ඩයකට සම්බන්ධ විය හැක.)
1️⃣ ඔබ අසනීප නම් මුහුණු ආවරණයක් පළඳින්න. ඔබ වෙනත් පුද්ගලයින් සමඟ සිටින විට (උ.දා. කාමරයක් හෝ වාහනයක්, සැපයුම් ස්ථානයක් ආදී) මුහුණු ආවරණයක් පළදින්න
2️⃣ වැලමිට භාවිතයෙන් ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කරන්න
3️⃣ ටිෂු කඩදාසියකින්, ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කර ඒවා නිසි ලෙස බැහැර කරන්න
4️⃣ ඔබේ අත් නිතරම සෝදන්න
5️⃣ අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් හා වතුරෙන් ඔබේ අත් සෝදන්න, (විශේෂයෙන් පොදු ස්ථානයක සිටීමෙන් හෝ කැස්ස/කිවිසුම් යාමේදී අත් භාවිතයෙන් පසු)
6️⃣ එසේ හොඳින් නොසේදූ දෑතින් ඔබේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න
7️⃣ වෛද්ය ප්රතිකාර ලබා ගැනීම හැර ඔබ අසනීප නම් නිවසේ රැඳී සිටින්න
8️⃣ සෙනග ගැවසෙන ස්ථාන වලට නොයන්න
9️මේ සම්බන්දයෙන් සෞඛ්ය, ආරක්ෂක අංශ සහ බලධාරීන්ගේ උපදෙස් නිසි ලෙස පිළිපදින්න
Art by : “Sanu & Tharu” little twin daughters of Prashan aiya & Krishani akka
තරඟයට සහභාගී වන සැමට වටිනා සහතිකයක් හිමිවේ. ත්යාග පිළිබදව ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වේ.
කොරෝනා වෛරසය පිළිබඳව වැඩි දුරටත්….
කොරෝනා වයිරස් යනු සතුන් හෝ මිනිසුන් තුළ රෝගාබාධ ඇති කළ හැකි විශාල වෛරස් පවුලකි. කොරෝනා පවුලට අයත් වෛරස කිහිපයක් මිනිසුන් තුළ, සාමාන්ය සෙම්ප්රතිශ්යාවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්රෝමය (MERS) සහ දරුණු උග්ර ශ්වසන සින්ඩ්රෝමය (SARS) වැනි දරුණු රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව දන්නා කරුණකි. මෑතකදී සොයාගත් කොරෝනා වයිරස් මගින් COVID-19 කොරෝනා වයිරස් රෝගයට හේතු වේ.
මිනිසුන්ට වෛරසය ඇති අයගෙන් COVID-19 බෝවිය හැකිය. COVID-19 සහිත පුද්ගලයෙකු කැස්ස හෝ හුස්ම ගන්නා විට නාසයෙන් හෝ මුඛයෙන් පිටවන බිඳිති හරහා මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. මෙම බිඳිති පුද්ගලයා වටා ඇති වස්තූන් හා පෘෂ්ටයන් මත තැන්පත් වේ. අනෙකුත් අයට COVID-19 වෛරසය ශරීර ගත වන්නේ මෙම වස්තූන් හෝ පෘෂ්ටයන් ස්පර්ශ කිරීමෙන් පසුව ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙනි. COVID-19 සහිත පුද්ගලයෙකුගේ ගෙන් පිටවන බිඳිති ආශ්වාස කළහොත් මිනිසුන්ට COVID-19 බෝවිය හැක. අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙකුගෙන් මීටර 1 ක් (අඩි 3) වඩා දුරින් සිටීම වැදගත් වන්නේ මේ නිසා ය. COVID-19 ව්යාප්ත වී ඇති ආකාරය පිළිබඳ අඛණ්ඩ පර්යේෂණ ලෝක සෞඛ්ය සංවිධානය තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් දිගටම බෙදා ගනු ඇත.
මෙහි වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ, උණ, විඩාව, සහ වියලි කැස්ස වේ. සමහර රෝගීන්ට ඇඟ පත වේදනා, නාසය සිරවීම, සොටු දියර ගැලීම, උගුරේ අමාරුව හෝ පාචනය ඇති විය හැක. මෙම ලක්ෂණ සුළුවෙන් පටන් ගෙන, ක්රම ක්රමයෙන් මතුවිය හැක.සමහර පුද්ගලයන් අසාදිත වුවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අසනීප බවක් නොදැනේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ. වැඩිහිටි පුද්ගලයින් සහ අධි රුධිර පීඩනය, හදවත් රෝග හෝ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති අයට සංකුලතා ඇතිවීමේ ඉඩ කඩ ඇත. උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය වෛද්ය ප්රතිකාර ලබා ගත යුතුවේ.
(https://www.hpb.health.gov.lk/en ඇසුරින්)
සියලුම තොරතුරු යාවත්කාලීන කරන්නේ මෙම පෝස්ට් එකේ බැවින් කරුණාකර මෙය ඔබේ ගෘප් එකේ හෝ පේජ් එකේ ඩවුන්ලෝඩ් කර අප්ලෝඩ් කිරීමෙන් වළකින්න. උදව් කිරීමට කැමතිනම් ඔරිජිනල් පෝස්ට් එක ශෙයාර් කරන්න. ඕනෑම පේජ් එකකට, ගෲප් එකකට අපත් සමග මේ උතුම් කර්තව්යයට එකතු විය හැක.
ඔබත් සහය වීමට කැමති පේජ් එකක්නම් ප්රථමයෙන්ම 0701 10 10 10ට ඇමතුමක් ගන්න. අපත් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පහත ආකාරයට පෝස්ට් එක ඔබේ පේජ් වෝල් එකට දමන්න.
——————————
චිත්ර අඳින්න ? රට ආරක්ෂා කරගන්න ? තෑගි දිනන්න (හැකි තරම් ශෙයාර් කර කොරෝනා ව්යාප්තිය අඩු කිරීමට සහය දක්වන්න)
[Share the Original Post Link]
Supporting Partner : Your Page Name
Project of SamajaSathkara.lk

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.