Select Page

Donate Your Birthday

උපන්දිනය වෙනුවෙන් පිංකමක් කරමු ! Be the reason someone smiles today.

 

උපන්දිනය සැමරීම වෙනුවෙන් ඔබ වෙන් කරන මුදලෙන් සුළු මුදලක් අසරණ පුද්ගලයෙක් හෝ සතෙකු වෙනුවෙන් වෙන් කරන්න ඔබ සූදානම්ද? නොඑසේනම් ඔබේ මිතුරන්ද එකතු කරගෙන ඒ වෙනුවෙන් පිංකමක් කරන්න ඔබ කැමතිද ?

Make a Donation

ගමටම ඇඳුම් 2018 – Gamatama Andum (පාඩිග්ගම)

නව වසරේ අලුත් ඇදුම් ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබ සිටිනා අවස්ථාවේ ඇදුම් කඩමලු දෙකක් තුනක් පමණ මාරුවෙන් මාරුවට සෝදමින් අදින පවුල් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය, ඇටවීරගොල්ලෑව – පාඩිග්ගම ගම දුප්පත්කමේ අඩියෙම ඉන්නා ගමක්. මේ අයට ඇදුම් ලබාදෙන්න ඔබත් සහය වන්න. 

ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපෙන භාවිතා කරන ලද හොඳ තත්වයේ තිබෙන ඇඳුම් අවශ්‍යයි…

ශ‍්‍රී ලංකාවේ අති දුෂ්කර පළාතක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය, ඇටවීරගොල්ලෑව – පාඩිග්ගම අතිශය දුප්පත් පවුල් 100කට අධික ප්‍රමාණයක් සඳහා ඔබ විසින් භාවිතා කරන ලද එහෙත් නැවත භාවිතා කිරිමට හැකි ඇඳුම් ලබාදෙන්න. (යට ඇඳුම් ලබාදෙනවානම් අළුත් ඒවා ලබාදෙන්න)

ඔබගේ රැකියා ස්ථානයේ කාර්ය මණ්ඩලයේ අනික් අයටද මේ පිළිබඳව දැනුම් දී ඔවුන්ගෙන්ද හැකි පමණ ඇඳුම් එකතු කරදී මෙම පුද්ගලයන්ට උදව් කිරිමට අපට සහය වන්න…

විදේශ රටක සිට ඇඳුම් එවනවානම් door-to-door සේවාවක් ඔස්සේ මැදවච්චියට හෝ ශ්‍රී ලංකාවේ කොළඹ ආසන්නයේ සිටින ඔබගේ හිත මිතුරෙක්ට එය එවා අප වෙත ලැබෙන්න සලස්වන්න.

අපි ඇඳුම් උපරිම 10,000ක් පමණ එකතු කිරීමට බලාපොරොත්තු වෙන අතර ඔබ එවූ ඇඳුම් ප්‍රමාණය දළ වශයෙන් පහත උපදෙස් කියවීමෙන් පසු පෝරමය පුරවා සඳහන් කරන්න.

1 16

PROJECT DETAILS

ගමටම ඇඳුම් 2018 – Gamatama Andum (පාඩිග්ගම)

Post Date : 2018 December 14
Project Code : 2018-DEC-A-0031
ඇදුම් එවිය හැකි අවසාන දිනය : 2018 December 31 (දින 17ක් ඇතුලත) ඉහත දිනයෙන් පසු කිසිම හේතුවක් මත මේ ගම්මානයේ සිදුකරන ව්‍යාපෘතියට මෙහි දිනයේ වෙනසක් කල බව සදහන් කර නැතිනම් 
ඇඳුම් භාරනොගන්නා බව කරුණාවෙන් සළකන්න

 

ඇදුම් එවීමට තව ඇති දින ගණන

Day(s)

:

Hour(s)

:

Minute(s)

:

Second(s)

ඇදුම් එවීම් සදහා උපදෙස්

අවශ්‍ය කරන ඇඳුම් : කුඩා ළඳරුවාගේ සිට වැඩිහිටියන් දක්වා අවශ්‍ය කරන ඇඳුම්

ඇඳුම් එවිය යුතු ආකාරය : සියලුම ඇඳුම් සෝදා, පිළිවෙලට නමා කාන්තා/පිරිමි සහ වයස් කාණ්ඩ අනුව වෙන්කර ලේබල් කරන්න.

ඇඳුම් වල තත්වය : ඉරුණු, දුර්වර්ණ වූ, පැල්ලම් සහිත ඇඳුම් එවීමෙන් වළකින්න. භාවිතා කරන ලද යට ඇඳුම් එවීමෙන්ද වළකින්න.

ඇඳුම් එවිය යුතු ආකාරය : දුම්රිය පාර්සල් එවීමේ සේවාව මඟින් “මැදවච්චිය දුම්රිය ස්ථානයට” හෝ Curier සේවාවක් මඟින් අපගේ සම්බන්ධීකාරකගේ ලිපිනයට එවිය යුතුය. එය පහත සදහන් කර ඇත.

ඇඳුම් එවිය යුතු දිනය : මෙය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණකි. 2018 දෙසැම්බර් 15 වෙනිදා සිට දෙසැම්බර් 31 යන දින ඇතුලතදී පමණක් දුම්රිය ස්ථානයට ඔබේ පාර්සල් භාරදීමට කාරුණික වන්න. ඊට පෙර හෝ පසුව භාරදීමෙන් වළකින්න. මන්ද දිනපතා පාර්සල් ලබාගැනීමට දුම්රිය ස්ථානයට යෑමට සිදු වුවහොත් විශාල ප්‍රවාහන ගාස්තුවක් වැයවේවි.

සැ. යු : 2018 දෙසැම්බර් 31 වෙනිදායින් පසු කිසිම හේතුවක් මත මේ ගම්මානයේ සිදුකරන ව්‍යාපෘතියට මෙහි දිනයේ වෙනසක් කල බව සදහන් කර නැතිනම් ඇඳුම් භාරනොගන්නා බව කරුණාවෙන් සළකන්න

ඇඳුම් එවිය හැකි ආකාරය (දුම්රිය මගින් පාර්සල් යැවීම)

පාර්සල් එවීම සඳහා උපදෙස් : සතියේ දිනවල උදේ 09.00 සිට සවස 04.00 දක්වා, දුම්රිය මගින් යැවීමට පාර්සල් භාරගනු ලැබේ.  පාර්සලය හොඳින් ආවරනය කරන්න.
දුම්රිය ස්ථානාධිපති විසින් ඉල්ලා සිටින විට පාර්සලයෙහි ආවරණ ඉවත් කොට භාණ්ඩ හඳුනාගැනිමට සූදානම්ව සිටිය යුතුය.
පාර්සලයෙහි, එය ලබන්නාගේ නම, හැදුනුම්පත් අංකය සහ ලිපිනය පහත ආකාරයට පැහැදිලිව සටහන් කරන්න.

ගමනාන්ත දුම්රිය ස්ථානය : මැදවච්චිය
නම : එස්. සිසිර සේනාරත්න
ලිපිනය : සමාජසත්කාර.lk මැදවච්චිය සම්බන්ධීකාරක, 760891495V, හිරල්ලුගම, ඇටවීරගොල්ලෑව
දුරකතන අංකය : 0764849047 (Sisira) / 0703366488 (Danesh)

පාර්සලය එවන තැනැත්තාගේ නම, ලිපිනය හා දුරකතන අංකයද පාර්සලයේ සඳහන් කරන්න.

සමාජසත්කාර Project Code එක (ආධාර 2018-DEC-A-0031) ලෙස එහි සඳහන් කරන්න

දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඔබට රිසිට් පත (waybill) ක් ලබාදෙනු අත. මෙම රිසිට් පතෙහි පැහැදිලි ඡායාරූපයක් පහත ඇදුම් එවූ බව තහවුරු කිරීමේ පෝරමය පුරවා එවන්න කාරුණික වන්න. නොමැතිනම් අපට එම ඇදුම් ලබාගැනීමට තරමක් අපහසු වේවි.

පාර්සල් ගාස්තුව : සාමාන්‍යයෙන් මාතර සිට පාර්සලයක් (කිලෝග්‍රෑම් 50ක් දක්වා බර)  එවීමට යන උපරිම වියදම රු.800± VAT පමණි. බර සහ දුර අනුව වියදම වෙනස් වේ.
එක් පාර්සලයක උපරිම කිලෝග්‍රෑම් 25 දක්වා සීමා කරන්න.

ඇඳුම් එවිය හැකි ආකාරය (Curier සේවාවක් ඔස්සේ පාර්සල් එවීම)

නම : එස්. සිසිර සේනාරත්න
ලිපිනය : සමාජසත්කාර.lk මැදවච්චිය සම්බන්ධීකාරක, හිරල්ලුගම, ඇටවීරගොල්ලෑව
දුරකතන අංකය : 0764849047 (Sisira) / 0703366488 (Danesh)

පාර්සලය එවන තැනැත්තාගේ නම, ලිපිනය හා දුරකතන අංකයද පාර්සලයේ සඳහන් කරන්න.

සමාජසත්කාර Project Code එක (ආධාර 2018-DEC-A-0031) ලෙස එහි සඳහන් කරන්න

පහත වෙබ් අඩවි ඔස්සේ ඔබට පහසු කුරියර් ආයතනයක් සම්බන්ධ කරගෙන ඇදුම් එවීමට කාරුණික වන්න.

Local Courier Services :

Prompt Xpress :
Find your nearest Agent:  
http://www.promptxpress.lk

Domex :
Find your nearest Agent: http://www.domex.lk/

Pronto :
Find your nearest Agent:  
http://www.prontolanka.lk/

Certis Lanka :
Find your nearest Agent: 
http://www.certislankacourier.com

ව්‍යාපෘතියට සම්බන්ධ වන ආකාරය

පහත සඳහන්ව ඇති ඕනෑම ව්‍යාපෘතියකට ඔබට සම්බන්ධ විය හැක. අදාල චායාරූපය මත ක්ලික් කල විට  ලැබෙන ෆෝර්ම් එකෙහි ඔබ දායකත්වය දක්වන ආකාරය සඳහන් කරන්න. ඉන්පසු මෙම වෙබ් අඩවියේ සදහන් කර ඇති දායකත්වය දැක්වීමේ ක්‍රම වලින්  එකක් තෝරාගෙන මුදල් තැන්පත් කරන්න. වෙන ඕනෑම අවස්ථාවක බැංකු ගිණුම් විස්තර දැනගැනීමට මෙනු එකෙහි How to Donate  තෝරන්න. සියල්ල අවසානයේ ඔබ පොරොන්දු වූ මුදල ෆේස්බුක් පෝස්ට් එකේද කමෙන්ට් කරන්න කාරුණික වන්න. එමගින් ඒ පිළිබඳව අනෙක් මිතුරන්ද දැනගනීවි. 

Contact Us

Ask a question or book an appointment below. For emergencies chat with us by clicking below “Chat / චැට් කරන්න – සමාජසත්කාර ගැන දැනගන්න” icon.

(94) 70 33 66 488

SamajaSathkara.lk, Koskolawatta, Hunuwala, Thulhiriya

info@samajasathkara.lk