loader image
Select Page
වැඩිහිටියන්ට, ආබාධිත අයට, දරුවන්ට, ගැබිණි මව්වරුන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 03

වැඩිහිටියන්ට, ආබාධිත අයට, දරුවන්ට, ගැබිණි මව්වරුන්ට වන්දනාමාන කිරීමට සඳහා බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග කර පුතණුවන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය (Donating Buddha Statues) – Part 03

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම පසුගිය දිනක අප සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල සාමාජිකයින් ධර්මය කරා යොමු කිරීමයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍යන් අතරින් උද්දේසික චෛත්‍ය ලෙස හදුන්වන පිළිම වහන්සේ උදෙසා නිවැරදි ලෙස වැදුම් පිදුම් කිරීම, උදයට සවසට නිවසේ සියල්ලන් එක්වී පන්සිල් සමාදන් වී පිරිත් කීම, නිසි ලෙස පිළිම වහන්සේ උදෙසා වත්පිළිවෙත් සිදු කිරීමේ ආනිසංස වරක් අප සමග මෙවැනිම පිංකමට සම්බන්ධ වූ ගල්ටැම්මණ්ඩිය විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් පහදා දීම සිදුකලා.

මේ පවුල් ඉන්නේ කොටදෙණියාව. පසුගිය සති කිහිපයේ අපි මේ අයට බුද්ධ ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කලා.

දැහැමි පවුලක් මගින් දැහැමි සමාජයක් බිහි කිරීමේ උතුම් පරමාර්ථය ඇතුව මේ පිංකම සිදුකලේ Udari Wanigasekara අක්කා. ඇයගේ ආදරණීය පුතණුවගේ Nethula Methsithu පුතාගේ උපන්දිනය වෙනුවෙන් තමයි අපි මේ පිංකම සිදුකලේ.

උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබේ දරුවාට, ඔබට සහ ඔබේ ස්වාමිපුරුෂයාට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… ඉදිරියේදී තවත් නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් චූටි පුතේ…

මතුසම්බන්ධයි….

 

Birthday Inspire | Plan Birthday with SamajaSathkara.lk

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk