Select Page

SUDHEERA SAHAN'S Birthday Fundraiser #40for40

උපන්දිනය වෙනුවෙන් වෙනස් විදිහක තෑග්ගක් දෙන්න ! Donate instead of gifts

 

ජනවාරි 30 මගේ උපන්දිනය. ඒ වෙනුවෙන් මම හිතුවා වෙනස්ම දෙයක් කරන්න.
මගේ උපන්දිනය වෙනුවෙන් ඔබ තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවානම් ඒ තෑග්ගට වියදම් කරන මුදල ඇත්තටම තෑග්ගක් අවශ්‍ය කරන කෙනෙක්ට දෙන්න එකතු වෙන්න මාත් එක්ක…

READ MORE

මගේ 40 වෙනි උපන්දිනය (#40for40 Campaign)

අපි බොහොමයක්  අය උපන්දිනය වෙනුවෙන් විශාල ලෙස මුදල් නාස්ති කරනවා. සමහර වෙලාවට ලොකු සාද පවා තියනවා. අපි මහන්සි වෙලා උපයන මුදලින් අපේ හිත මිත්‍රාදීන් සතුටු කරන්න සාද පැවැත්වුවට කමක් නැහැ. ඒත් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා අපට පුලුවන්නම් අසරණ මිනිසුන් කිහිපදෙනෙක්ට පිහිට වෙන්න එය ගොඩක් වටිනවා.
මේ අවුරුද්දේ මගේ 40 වෙනි උපන්දිනය වෙනුවෙන් මම සමාජසත්කාර.lk  පදනම සමග එකතු වුණා වෙනස් දෙයක් කරන්න. ඒ තමයි #40for40 Campaign. ජනවාරි 30 වෙනිදට යෙදී තිබෙන මාගේ 40 වෙනි උපන්දිනය වෙනුවෙන් පසුගිය මාස 2 පුරාවට මම ලංකාවේ විවිධ ප්‍රදේශවල අසරණ පවුල් 100කට අධික ප්‍රමාණයකට එකිනෙකට වෙනස් වූ ව්‍යාපෘති 40ක් සිදු කරමින් ඔවුන්ට පිහිට වුණා. ඔබට පහල ඒ ව්‍යාපෘති වල විස්තර සහ ඡායාරූප දැකගන්න පුලුවන්. ඉදිරි සති කිහිපය තුළද තවත් ව්‍යාපෘති ගණනාවක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

උපන්දිනය වෙනුවෙන් ඔබ මා හට තෑග්ගක් මිළදී ගන්න සිතාගෙන ඉන්නවාද ? පොඩ්ඩක් ඉන්න…

ඇත්තටම මට තෑග්ගක් අවශ්‍යයි කියලා ඔබ සිතනවාද? නැහැ, මට තෑගි අවශ්‍ය නැහැ. ඒත් ආදරය, මිත්‍රත්වය පෙන්වන්න අපි හැමෝම අපේ ආදරණීයයන්ගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් දෙන්න කැමතියි. හැබැයි මට තෑග්ගක් ලබාදෙනවට වඩා ඒ තෑග්ග වෙනුවෙන් ඔබ වියදම් කරන මුදල අපට පුලුවන්නම් අසරණ කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න, මට ඊට වඩා වටින තෑග්ගක් තවත් නැති වේවි. ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබට පුලුවන් මට ඒ විදිහේ තෑග්ගක් දෙන්න. කරන්න තියෙන්නේ DONATE INSTEAD OF GIFTS  යටතේ ඇති රූපය ඔබා ඔබගේ ආධාරය ලබාදීම පමණයි. ඉදිරි සති කිහිපයේ ඔබගේ තෑගී මුදලෙන් පිංකමක් සිදුකර ඒ පිළිබදව විස්තර ඔබට එවීමට අප බලාපොරොත්තු වනවා. ඒ සදහා මා හට සමාජසත්කාර පදනමේ නිර්මාතෘ ධනේෂ් මධුරංග එදිරිසූරිය මිතුරා සහය දක්වනවා. 

Thank you,
51029425 2212852005401686 9109890273520910336 n
Sudheera Sahan
Associate Director – Deliver at Virtusa

මාගේ උපන්දිනය වෙනුවෙන් මා විසින් සිදුකල පිංකම් (#40for40 Campaign)

Project 01 : පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට රෝද 3ක රෝද පුටුවක් පරිත්‍යාග කිරීම 

20181214133900 IMG 2540

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දරුවෝ මේ තාත්තව අතහැරලා ඇවිදින්න බැරි නිසා. වෙන ගෙදරක තමයි දැනට ජීවත්වෙන්නේ. හොඳින් හිටිය කාලේ ගොවිතැන් කරලා ජීවත් වුනේ. නමුත් ඇවිදින්න බැරි වුණාට පස්සේ මේ තාත්තා ගොඩක් අසරණ වුණා. ඉතිං අපි මේ තාත්තගේ අපහසුතා බලලා මේ තාත්තට ඇවිදින්න වාරුවක් විතරක් නෙමෙයි සවියක් වෙන විදිහට රෝද තුනේ විශේෂයෙන් සකසන ලද රෝද පුටුවක් අපි පරිත්‍යාග කරා. මේ තාත්තට සාමාන්‍ය රෝද පුටුවක් වැදගත් වෙන්නෙ නැත්තේ ඔහු බොහෝ වෙලාවට ගෙයක් ගෙයක් ගානේ ගිහින් තියෙන විදිහට දෙයක් ඉල්ලගෙනයි එදා වේල හොයාගන්නෙ. ඉතින් ඒකට මහමඟ යන්න පුළුවන් විදිහේ රෝද පුටුවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ උපකාරය ඔහුට කෙතරම් වටිනවද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ.

Project 02 : වැඩිහිටියන්ට උතුම්වූ සද්ධර්මය ශ්‍රවණය කිරීමට රේඩියෝ පරිත්‍යාග කිරීම

20180728175719 IMG 6045 1

එදිනෙදා ජීවිතයේ නොයෙකුත් දුක් කම්කටොළු මැද ජීවත් වෙන වැඩිහිටි අයට නිතරම විහාරස්ථානයක් වෙත ගොස් ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශයක් නොලැබේ. ඒ වගේම මෙම නිවෙස් වල විදුලි පහසුකම් නොමැතිකම සහ ආර්ථික අපහසුතා නිසා අමතරව මුදලක් යොදවා ගුවන් විදුලි යන්ත්‍රයක් මිළදී ගැනීමටද නොහැක. ඉතිං අපි අපට සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණු අසරණ අම්මලා කිහිප දෙනෙක්ට රේඩියෝ පරිත්‍යාග කලා.

අප විසින් පරිත්‍යාග කල බැටරියෙන් වැඩකරන මෙම ගුවන් විදුලි යන්ත්‍ර මගින් ඔවුනට විවේකි අවස්ථාවලදී ධර්ම කරුණු මෙන්ම රටේ සිදුවන වැදගත් තොරතුරු ආදියෙන්ද දැනුවත් වීමට ඔවුන්ට හැකිය. උදේ සවස ධර්ම ශ්‍රවණය තුළින් තෙරුවණ් නමැදීමටද යොමුවීමෙන් තම සිතේ සැනසීම උදාකර ගනු ඇතැයිද, ධර්මයට යොමු වීමෙන්, පිං දහම් කිරීමෙන් ඊලඟ භවයන් වලදී වාසනාවන්ත, සැපවත් ජීවිතයකටද අවස්ථාව උදාවෙතැයිද අප විශ්වාස කරනවා. ඒ වගේම පවුලේ සියළු දෙනාම ආගම දහමට යොමුවීම තුළින් අප බලාපොරොත්තු වන දැහැමි සමාජය ගොඩනැගීමේ කර්තව්‍යයද නිරායාසයෙන් සිදුවෙනවා.

Project 03 : පාසල් යන දරුවන් වෙනුවෙන් නිළ ඇඳුම් පරිත්‍යාග කිරීම

20181214120633 IMG 2449

බොහෝමයක් දරුවන්ට වසරක් පාසා රජයෙන් ලබා දෙන නිළ ඇඳුමට අමතරව දින පහට නිළ ඇඳුම් පහක් පමණ තිබෙනවා. නමුත් දුෂ්කර පළාත් වල ජීවත් වන අසරණ පවුල් වල දරුවන්ට එලෙස නිළ ඇඳුම් කිහිපයක් වෙනුවෙන් වැය කරන්න මුදල් නැහැ. ඒ වෙනුවට තියෙන ඇඳුමක් හැමදාම ඇඳලා සෝදගන්න වෙනවා මේ දරුවන්ට. සුදු ඇඳුම වේලගන්න බැරි උනෝතින් පාසල් යන්න පවා නොහැකි වෙන තත්වයක ඉන්න මේ දරුවන්ට රජයෙන් ලබා දෙන නිළ ඇඳුම් රෙදි කට්ටලය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. දැන් මේ දරුවන්ට එක සුදු ඇඳුමක් වෙනුවෙන් ලතවෙන්නට හේතුවක් නැහැ. දිනපතා පාසල් යන්නත් පුළුවන්.

Project 04 : අසරණ දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම

stationary 6

පසුගිය සෙනෙහසේ චාරිකාවන් තුළදී හමු වූ ඉතාමත් අසරණ පවුල් කිහිපයකම පාසල් යන වයසේ දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කරා. නව පාසල් වාරය එළඹෙද්දි බොහෝ දුප්පත් මේ පවුල් වල දරුවන්ගේ දෙමාපියන්ට නැඟෙන විශාල බරක් මේ අයුරින් නිදහස් වීම ගැන ඒ දෙමාපියන්ගේ හිතේ තිබ්බේ පුදුමාකාර සතුටක්. දරුවොත් මූණු පුරා හිනාව රඳවගෙන හිටියේ ලැබුණ බෑග්, කෑම පෙට්ටි, වතුර බෝතල් එහෙමත් තුරුළු කරන්.

මේ ඔබ සවියක් උනේ එක් වර්ෂයක පාසල් වාරයකට වූවත් මෙය ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් ලැබූ වටිනාම තිළිණය බවට කෙදිනක හෝ පත් වේවි. මේ උපකාරයෙන් දිනෙක ඔවුන් අධ්‍යාපනය ඉහළින්ම ජය ගනීවී. ඒ මඟට යන්නට වරක් හෝ පිහිට වූ බව සිතෙන විටත් ඔබට කෙතරම් සතුටක් ඇති වේවිද. නැණස පාදා ගන්නටයි ඔබ මෙසේ සවියක් උපකාරයක් වූයේ. මේ පින සසර පුරාවටම ඔබට නැණ නුවණින් මනා බුද්ධියෙන් ජීවිතය ජය ගන්නටත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීමටත් හේතු වේවා…. 

Project 05 : අසරණ දරුවන්ට කතාන්දර පොත් ගොන්නක් පරිත්‍යාග කිරීම

20181117122830 IMG 1970

ගම්වල ඉන්න පුංචි ළමයින්ට කතන්දර පොත් කියන්නෙ ඉස්කෝලේ පුස්තකාලෙට විතරක් සීමා උන පොත් වර්ගයක්. ඒත් ඒවා අපේ නගරේ දරුවන්ට නම් පාරක් පාරක් ගානේ විකුණන තවත් එක් පොත් වර්ගයක් විතරයි. ගම්වල දරුවොත් ආසයි කතන්දර පොත් කියවන්න. ඒත් ලියන පොතක් ගන්නෙත් අමාරුවෙන්, ඉතිං කොහොමද කතන්දර පොත් ගන්නෙ.

ඉතින් අපිට සෙනෙහසේ චාරිකාවේදී හමු උන මේ දරුවන්ට විවිධ වූ කතාන්දර පොත් පරිත්‍යාග කරා. කතන්දර පොතක් අතට ලැබෙද්දි හරිම ලස්සන හිනාවක් ඒ මූණු වල ඉබේටම ඇඳුණා. කතන්දර කියවන්න අපේ දරුවෝ තාමත් හරි ආසයි කියලා ඒකෙන් දැනගත්තා. අපිත් ඉතින් ආසයිනෙ කතන්දර පොත් වලට. ඒ දරුවොත් එහෙම තමා.

Project 06 : ලස්සන ඇඳුම් පුංචි දියණියන් පරිත්‍යාග කිරීම

Frock 3

ගම්වල ඉන්න පුංචි ළමයින්ට කතන්දර පොත් කියන්නෙ ඉස්කෝලේ පුස්තකාලෙට විතරක් සීමා උන පොත් වර්ගයක්. ඒත් ඒවා අපේ නගරේ දරුවන්ට නම් පාරක් පාරක් ගානේ විකුණන තවත් එක් පොත් වර්ගයක් විතරයි. ගම්වල දරුවොත් ආසයි කතන්දර පොත් කියවන්න. ඒත් ලියන පොතක් ගන්නෙත් අමාරුවෙන්, ඉතිං කොහොමද කතන්දර පොත් ගන්නෙ.

ඉතින් අපිට සෙනෙහසේ චාරිකාවේදී හමු උන මේ දරුවන්ට විවිධ වූ කතාන්දර පොත් පරිත්‍යාග කරා. කතන්දර පොතක් අතට ලැබෙද්දි හරිම ලස්සන හිනාවක් ඒ මූණු වල ඉබේටම ඇඳුණා. කතන්දර කියවන්න අපේ දරුවෝ තාමත් හරි ආසයි කියලා ඒකෙන් දැනගත්තා. අපිත් ඉතින් ආසයිනෙ කතන්දර පොත් වලට. ඒ දරුවොත් එහෙම තමා.

Project 07 : අසරණ අම්මලාට චීත්ත පරිත්‍යාග කිරීම

20180818151100 IMG 7304

අසරණ පුද්ගලයින් සොයා යන ගමනේදී නිරතුරුවම හමු වන පිරිස් අතරේ අසරණ මව්වරු බොහෝ සේ අපට හමුවනවා. ඒ හැම කෙනෙක්ම තනිව ජීවත් වන අය. ඇතැම් අයට දරුවන් සිටින නමුත් ඒ අයගෙන් සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන් එදා දවස වෙනුවෙන් පුංචි දෙයක් හෝ කුසගින්න නිවාගන්න හොයාගන්න පුරුදු වෙලා. මෙසේ බොහෝම දුෂ්කර ජීවිතයක් ගෙවන මේ මව්වරුන්ට අළුත් ඇඳුමක් ගන්න එක නම් හිතන්නවත් බැරි තරම්. ඉතින් මේ අයට අපි චීත්ත පරිත්‍යාග කරා. ඒ අම්මලා නොසෑහෙන්න පිං දුන්නා.

වස්ත්‍ර පිදීමේ ආනිසංසයෙන් සසර පුරාවට සැප විපාක උදාකරවයි. වර්ණවත් වූ සිනිඳු වූ ශරීරයක්ද, ප්‍රියමනාප බවින් යුතු පුද්ගලයෙක් බවට පත් වීමද, වටිනා සළුපිළි දරන්නට හැකියාව ලැබීමද වස්ත්‍ර පිදීමේ ආනිසංස වේ. ඔබ මේ ආත්මයේද සැප සම්පත් වලින් අඩු පාඩුවක් නොමැතිව, ප්‍රියමනාප පෙනුමකින්ද යුත් අයෙක් වී ඇත්තේ සසරෙහි කවදා හෝ ඔබ මෙවැනි පිංකම් තවත් කර ඇති නිසා විය හැකිය.

අනෙකුත් පිංකම් වල ඡායාරූප සහ විස්තර යාවත්කාලීන කරමින් පවතී..