Select Page

කොරෝනා වයිරස් (COVID-19) ස්වයං තක්සේරු කිරීම / අවදානම් පරීක්ෂණය

Coronavirus (COVID-19) Self-Assessment / Vulnerability Test

ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ වෙනත් COVID-19 රෝග ලක්ෂණ අත්විඳින්නේ නම් එක්වරම රෝහලකට හෝ වෛද්‍යවරයෙකු වෙත නොගොස් වහාම 1999 – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අමතන්න. ඔබේ රෝග ලක්ෂණ සහ සංචාරක ඉතිහාසය ගැන ඔවුන්ට දැනුම් දෙන්න.

If you experience shortness of breath or other COVID-19 symptoms, immediately call the Health Promotion Bureau – 1999 – without going to a hospital or doctor. Advise them of your symptoms and travel history.

උපදෙස් 

මෙම තොරතුරු / පරීක්ෂණය  ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා දීමට අදහස් නොකෙරේ. ඔබට වෛද්‍ය ප්‍රශ්න තිබේ නම්, වෛද්‍යවරයෙකුගෙන් හෝ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විමසන්න. මෙය හුදෙක් ඔබ අවධානමකට පත්විය හැකි ඔබ නොහිතන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි.

උණ, කැස්ස, කිවිසුම් යාම, උගුරේ අමාරුව හෝ හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු දින 14 ක් ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තරයේ ඉල්ලා සිටී. ප්‍රසිද්ධ ස්ථාන වලදී ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා, නිතරම ඔබේ දෑත් සෝදාගෙන අනෙක් අයගෙන් මීටර් 1 ක් පමණ දුරක් පවත්වා ගන්න. COVID-19 පිළිබඳ වැඩි විස්තර සඳහා, පිවිසෙන්න https://www.hpb.health.gov.lk/si/covid-19

කොරෝනා වයිරස් (COVID-19) ස්වයං තක්සේරු කිරීම / අවදානම් පරීක්ෂණය

ඔබගේ පුද්ගලික තත්වයන් මත පදනම්ව ඔබ විසින් ගත යුතු අවදානම් සහ පූර්වෝපායන් තේරුම් ගැනීමට අපගේ COVID-19 ස්වයං තක්සේරු කිරීමේ පද්ධතිය භාවිතා කරන්න. (Use our COVID-19 self-assessment system to understand the risks and precautions you need to take based on your personal circumstances.)

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සහ වෛරසය ආසාධනය වී ඇත්දැයි සැක සහිතනම් ඔබ පිළිපැදිය යුතු කරුණු

තොරතුරු මුලාශ්‍ර : සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය 

health beauro

COVID-19 සෞඛ්‍ය ගැටළු සඳහා පැය 24 පුරා අප ආයතනය හා සම්බන්ධ වෙන්න. භාෂා 3න්ම ඔබට සහය ලබාදීමට අප සුදානම්.

35428311

කරුණාකර නිවසේ රැඳී සිටින්න
Please stay at home

පූර්වාරක්ෂාවක් ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය රෝග ලක්ෂණ ඇති ඕනෑම කෙනෙකුට (උණ, කැස්ස, කිවිසුම් යාම, උගුරේ අමාරුව හෝ හුස්ම ගැනීමේ අපහසුතා) දින 14 ක් නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටී. ඔබේ රෝග ලක්ෂණ නරක අතට හැරේ නම්, සෞඛ්‍ය තොරතුරු සහ උපදෙස් සඳහා 1999 අමතන්න.

3625429

නිවසේ සිට ස්වයං නිරෝධායනයට යොමුවීමට උපදෙස් 
Instructions for Self-isolation

ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පවතී ද?

මේ රෝග ලක්ෂණ තිබූ පමණින් ඔබ corona ආසාදිත යැයි සිතිය නොහැකිමුත් කොරෝනා වෛරස ආසාදනයේ ද දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේවා ම වන බැවින් ඔබගේ ආදරණීයයන් ගේ ආරක්ෂාව පිණිස පහත පියවරයන් අනුගමනය කරන්න. මෙය පුරවැසියෙකු ලෙස ඔබගේ ජාතික වගකීමකි.

වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන්න.

නිවසේදී:

1. හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න

2. අනෙකුත් නිවැසියන් සමග මීටරයකට වැඩි දුරක් පවත්වා ගන්න

3. හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.

4. නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න.

5. ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.

6. තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න.

7. කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.

9. ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න.

වඩාත්ම වැදගත් දෙය නම් ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ corona රෝග ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.

1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගත හැක

ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.

suwsariya 1

ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ corona රෝග ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.

1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගත හැක

ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.

police

විදෙස් රටවල සිට පැමිණ, නිරෝධායනයට ලක් නොවී සාමාන්‍ය සමාජයට පැමිණි පුද්ගලයන් සිටින බැවින් ඔවුන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ලඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 119 අංකයට හෝ  නොඑසේනම් 117 අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.