Select Page

Donate via Dialog StarPoints (Donate as a Reload)

by | Dec 31, 2020 | ආධාර ඉල්ලීම් | 0 comments

සමාජසත්කාර පදනමේ ඩයලොග් දුරකථන අංකය : 0773366488

PCR යන්ත්‍රය වෙනුවෙන් පරිත්‍යාග කරන්න අතේ සල්ලි නැතිද? ෆෝන් එකෙත් Credit නැතිද? හැබැයි ඔබ නොදැනුවත්ව Foodcity හරහා භාණ්ඩ මිළදී ගැනීමේදී හෝ ඔබ භාවිතා කල ඩයලොග් සේවාවන් වෙනුවෙන් ඔබට StarPoints හිමිවී තිබෙන්නට පුලුවන්. රු.5ක් වුවද පරිත්‍යාග කල හැක.

දෙසැම්බර් 31 දිනට පෙර එය ඔබට අපගේ පදනමේ ඩයලොග් අංකයට රීලෝඩ් එකක් ලෙස පරිත්‍යාග කල හැක.

  1. MyDialog App ඇප් එකෙහි Reload තෝරා Pay for Others තෝරා 0773366488 අංකය යොදන්න. ඉන්පසු Pay Using යන්නෙහි Payment Method එක ලෙස Star Points යන්න තෝරන්න. ඉන්පසු Pay බොත්තම ඔබා Star Points ශේෂයෙහි රු.100ක් ඉතුරුවන ලෙස ඔබට ඉතිරි ශේෂය පරිත්‍යාග කල හැක.
  2. නොඑසේනම් StarPoints ඇප් එකෙහි Redeem Points තෝරා Type ලෙස Dialog Mobile/Mobile Broadband ලෙස තෝරන්න. Mobile Number ලෙස 0773366488 යොදන්න. ඔබ කැමති මුදල ටයිප් කර Redeem බොත්තම ඔබන්න.

සැ.යු : ඔබ එම මුදල් අප වෙත පරිත්‍යාග කරන්නේ පදනමේ අධ්‍යක්ෂ වරයාගේ දුරකථන අංකය වෙතටයි. ඔබ පරිත්‍යාගය සනාත කරන ස්ක්‍රීන් ශොට් එකක් 0773366488 අංකයට WhatsApp කරන්න.  ජනවාරි 1 වෙනි දින එම අගයට සමාන මුදල් අගයක් අප පදනමේ බැංකු ගිණුමකට හුවමාරු කර එය වෙබ් අඩවියේ  යාවත්කාලීන කරනු ලැබේ.

මේ සේවාව සඳහා ඩයලොග් ආයතනය සමඟ කිසිදු ගිවිසුමකට එළඹ නැති අතර StarPoint හරහා Dialog දුරකතන අංක රීලෝඩ් කරන සේවාව භාවිතා කරනු ලැබේ. ඉදිරියේදී අප පදනම ඩයලොග් ආයතනය සමඟ ගිවිසුමකට එළඹ ඇප් එක හරහා සෘජුව පරිත්‍යාග කරන්න පහසුකම ලබාගැනීමට බලාපොරොත්තු වේ. ඔබගේ අවධානය වෙනුවෙන් ප්‍රවර්ධන සඳහා ලෝගෝ භාවිතා කර ඇත.

උපදෙස් සඳහා අමතන්න 0701 10 10 10

විනිවිදභාවය වෙනුවෙන් ඔබේ Star Point පරිත්‍යාගය සඳහා රිසිට් පතක් ලබාගන්න පහත ලින්ක් එකට යන්න. තැන්පත් කල සියලුම දෙනාගේ විස්තර වෙබ් අඩවියේ පළවනු ඇත.

https://supportsrilanka.lk/donate-a-pcr-machine/

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.