සමාජසත්කාර.lk පදනම ගැන දැනගන්න
සමාජසත්කාර පදනම පවත්වාගෙන යනු ලබන්නේ පහත ආයතන/වැඩසටහන් වලින් ලැබෙන ආදායමෙනි
පහත ආයතන/වැඩසටහන් වලින් ලැබෙන ලාභය පදනම පවත්වාගෙන යාමට යොදාගනී
FAQ (නිතර අසන ප්‍රශ්න)සමාජසත්කාර ගැන දැනගන්න.
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ව්‍යාපෘතියක් තෝරාගන්න.
සමාජසත්කාර විසින් ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
අපගේ සාමාජීය ව්‍යාපෘති පහතින් දක්වා ඇත.
ඔබගේ ව්‍යාපෘතියේ තත්වය සොයා බැලීමට ව්‍යාපෘති කේතය හෝ මුදල් ගෙවීම් රිසිට් පත් කේතය යොදා සෙවීම කරන්න. උදා : 2019-JUNE-0000, 2019-BDU-002, ගැබිණි මව්වරු, දරුවන්, Kids
ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත.
අප විසින් පළකරන ලද පුවත් බැලීමට ඔබට අවශ්‍ය Category එක පහතින් තෝරන්න.
මුදල් පරිත්‍යාග කිරීමට සුවිශේෂී ක්‍රමද භාවිතා කල හැක.
Eventsඉදිරි වැඩසටහන් පිළිබඳව දැනගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.
අවසන් වරට පළකරන ලද පෝස්ට් පහතින් කියවන්න.
පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම පහත සදහන් කර ඇත
භාණ්ඩ පරිත්‍යාග කල හැකි ක්‍රම පහතින් සදහන් කර ඇත.
Shop to Donateඅපගේ Charity Shop එක හරහා භාණ්ඩ මිළදීගෙන පදනමට දායකත්වයක් දක්වන්න.
පහත ක්‍රම වලින්ද ඔබට සමාජසත්කාර පදනමට දායක විය හැක
ආබාධිත අය ගොඩක් ඉන්නවා වැසිකිළි යාමට අපහසු නිසා ඉන්න තැනම ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න. දරුවෙක්වනම් වඩාගෙන හරි යන්න පුලුවන්. හිතලා බලන්න අසරණ සීයා කෙනෙක් සහ ආච්චි කෙනෙක් ඉන්න ගෙදරක එක් අයෙක් ආබාධිත වුනොත් ඒ අය කොහොම අනෙක් කෙනාව වැසිකිළියට එක්ක යන්නද…
උපතින්ම, හදිසි අනතුරු හෝ අසනීප නිසා ආබාධිත වූ දරුවන් සහ වැඩිහිටියන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. අති දුෂ්කර ප්‍රදේශ වල ඉන්න අයට රජයෙන් ලබාදෙන රෝද පුටුවක් ලබාගන්න යන්නවත් වත්කමක් නෑ. දෙපයින් නැගිටින්න බැරුව අසරණ වෙලා ඉන්න කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග එක මහා පිංකමක්. ඔබේ උපන්දිනය වෙනුවෙන් එවැනි පිංකමක් කරන්න එකතු වෙන්න අපිත් එක්ක.
* මෙහිදී යන වියදම රෝද පුටුවක් මිළදී ගත හැකි අසන්නම නගරයේ සිට අදාල නිවස වෙත ප්‍රවාහනයට යන වියදම අනුව වෙනස් විය හැක.
පහත කොටුවෙහි රුපියල් වලින් සඳහන් කර ඇත්තේ එක් අයිතමයක/එක් වැඩසටහනක මිළ/වියදම වන අතර ඔබට අවශ්‍යයි නම් එහි වෙනත් ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති Drop-down Menu හෝ Button එකක් ක්ලික් කර ඔබට අවශ්‍ය අයිතම ප්‍රමාණයක් තෝරාගත හැක. තෝරාගන්නා අයිතම ප්‍රමාණය අනුව යන වියදම ඔබට බලාගත හැක.
පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.
* තරු ලකුණු යොදා ඇති ඒවා අනිවාර්යයෙන්ම පිරවිය යුතුය. අනෙක් විස්තර පිරවීම ඔබගේත් අපගේත් කාලය ඉතිරි කරන අතර එමගින් ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය සියලුම කරුණු පහසුවෙන් අප වෙත ලැබේ.
First Name *
Last Name
Email Address *
ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.
ඊමේල් එකෙහි සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.
ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.
සමාජසත්කාර පදනම යනු රජයේ ලියාපදිංචි පදනමකි. ලියාපදිංචි අංකය GA3032. ධනේෂ් මදුරංග එදිරිසූරිය වන මාගේ අදහසකට අනුව මෙය ස්ව ධන පරිත්‍යාගයෙන් ආරම්භ විය. 2013 වසරේදී ෆේස්බුක් මිතුරු මිතුරියන් එකතු කරගෙන මෙය ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කිරීමට මාහට හැකියාව ලැබුණ අතර මේ වන විට දේශීය සහ විදේශීය ඇගයීම් රාශියක් මේ පදනම වෙත ලැබී ඇත. මෙය 100%ක් ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් පවත්වාගෙන යන පදනමකි.
සමාජසත්කාර පදනම පවත්වාගෙන යාමට විශාල මුදලක් වැයවේ. මෙයට කිසිම දේශීය විදේශීය රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන වලින් ප්රතිලාභ නොලැබේ. පහත කරුණු කියවා බලන්න. ඔබ වෙනුවෙන් හෝ අසරණ මිනිසුන් වෙනුවෙන් මේ ආයතනය පවත්වාගෙන යාමට පහත ආකාරයට වියදම් වේ.
සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය - රු.40,000 අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා. පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර - 12-15km පෙට්‍රල් ලීටරයක් රු.125-140 වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් - ලීටර් 8000 (වියදම - රු.1,000,000 - 1,120,000) මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් - ලීටර් 666 (වියදම - රු.83,333 - 93,240)
සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. Vehicle Service (Every 5,000km - Twice a month) - රු.32,000 ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 - රු.78,000 මීට අමතරව අනෙක් කටයුතු සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ.
සිතා බලන්න ඔබ ඔබගේ යම් හේතුවක් මත අපට රු.500ක් වටිනා සෙල්ලම් බඩු දෙකක් දරුවන් දෙදෙනෙක්ට පරිත්‍යාග කිරීමට යැයි පවසනවා. එවිට අදාල දිනයට අප අපගේ තුල්හිරිය හෝ දියතලාව කාර්යාලයේ සිට කිලෝමීටර් 100-200ක් දුරට අසරණ දරුවන් දෙදෙනෙක් සොයා යායුතු වෙනවා. මන්ද අපි පිරිස් එකතුකරගෙන ව්‍යාපෘති සිදු කරන්නේ ඉතාමත් කලාතුරකින්. අප කරන්නෙ ඉතා දුෂ්කර පලාතවල ගෙයින් ගෙට ගොස් ඔවුන්ගේ අඩුපාඩු බලා උදව් කිරීමයි. එවිට රු. 500ක සෙල්ලම් බඩු දෙකක් බෙදා දීමට අපට එක දිනකට රු.10,000කට වැඩි මුදලක් වැයවේ. එම හේතුව නිසා අප සිදු කරන්නේ අප සතු පෞද්ගලික මුදල්වලින් හෝ දැනට අවසන් කර නොමැති ව්‍යාපෘති වලට එකතු වූ මුදල් වලින් එක් දිනකදී ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් සිදු කිරීමයි. එවිට එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් වැයවෙන මුදල අඩු වන අතර ෆේස්බුක් මිතුරන්ගේ ඉල්ලීම් මත අදාල දිනවලදී අප විසින් අපගේ මූල්‍ය ප්‍රතිපාදන වලින් පෙර සිදු කරන ලද ව්‍යාපෘති වල චායාරූප ඔබ වෙනුවෙන් වෙන් කිරීමයි. ඔබ විසින් ඉල්ලුම් කරන දිනයේදී අප විසින් ඔබට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් එම චායාරූප ෆේස්බුක් වෙත අප්ලෝඩ් කරනු ලබනවා.
ව්‍යපෘති වලට ඔබ ආධාර කරන්නේ අපගේ වෙබ් අඩවියට පිවිස අදාල විස්තර කියවා බලා එය තේරුම් ගෙන් බැවින් වරක් මුදල් පරිත්‍යාග කල පසු එම මුදල් නැවත ලබාදීමක් සිදු කරනු නොලැබේ. මෙය පෞද්ගලිකව දැන හැදිනගෙන විශ්වාසය මත සිදු කරන ක්‍රියාවකි. දානය යනු අතහැරීමයි. සමහර අවස්ථාවන් වලදී ව්‍යාපෘති ප්‍රමාද වුවත් අප ආරම්භ කල සියලුම ව්‍යාපෘති අවසන් කරන අතර අවසන් කල පසු ෆේස්බුක් හි එම ඡායාරූප සහ විස්තර අප්ලෝඩ් කරනු ලැබේ. සමහර අවස්ථාවලදී ව්‍යාපෘති ප්‍රමාද වන්නේ සම්පූර්ණ ශ්‍රී ලංකාවම ආවරණය කිරීමට මෙහි පූර්ණ කාලීනව කටයුතු කරන්නේ ධනේෂ් මධුරංග එදිරිසූරිය වන මා පමණක් බැවිනි.
විශාල පිරිසක් එක් රැස්කරගෙන ව්‍යාපෘති සිදු කරන අවස්ථාවන් වල ව්‍යාපෘතිය වෙනුවෙන් වැයවන මුදල අඩුවේ. නැතහොත් එක් දිනක් තුල සිදු කරන ව්‍යාපෘති වලට එය ක්‍රියාත්මක කිරීමට යන වියදමද ඇතුලත් වේ. යම් කිසි දිනක අපට රජයෙන් අනුග්‍රහයක් ලැබුණහොත් අපට ඒ වියදමද ඉවත්කර ව්‍යාපෘති සිදුකල හැක. එවැනි දිනයක් උදාවේවායැයි ඔබද හදවතින්ම ප්‍රාර්ථනා කරන්න.
ධනේෂ් මධුරංග එදිරිසූරිය වන මා, මාගේ පෞද්ගලික සුඛ විහරණය නොසලකා. වායු සමීකරණය කරනලද කාර්යාලයක සිට සිදුකරන ව්‍යාපාර, රැකියා, විනෝද ජනක ජීවිතය, නෑදෑ හිත මිතුරන් ඇසුරු කිරීම, විවාහ ජීවිතය ආදී සියල්ලෙන්ම ඉවත් වී අවසන් හුස්ම යන තෙක්ම සමාජසත්කාර වෙනුවෙන් කැපවීමට බැදී සිටී. එය විවේචනය කිරීමට පෙර 2006 සිට මා සිදුකල මෙහෙවර ආවර්ජනය කර බලන්න, විවිධ මිනිසුන්ගෙන් විවිධ පාඩම් ඉගෙන ගනිමින් තවමත් නොසැලී ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් මාගේ ආත්ම ශක්තියෙන් ගොඩනැංවූ මේ ආයතනයේ සේවාව අගය කරන්න පුරුදු වෙන්න. එය මාගේ ඉදිරි ගමනට ශක්තියක් වේවි.
ඔබ මෙම ව්‍යාපෘතියට/පදනමට ආධාර කරන්න කැමතිනම් "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න.
Danesh Maduranga Edirisooriya (Deshamanya, DeshaKeerthi Sri Lanka puthra) Founder & Managing Director SamajaSathkara.lk Foundation Mobile: + 94 70 33 66 488 / +94 77 33 66 488 Web: www.samajasathkara.lk
Donation Total: රු 3,600
{amount} donation plus {fee_amount} to help cover fees.