swayanrakiya 2

අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා ලබාදීම

රු 0 of රු 500,000 raised

එදා වේල කන්න නැතිව කහට උගුරක් බීලා දවස ගෙවාගන්න, අමාරුවෙන් තමන්ගේ දරුවෝ පාසල් යවන පවුල් ඕනෑ තරම් අද ලංකාවේ ඉන්නවා.

පසුගිය වසර කිහිපයම අපි හිතුවේ දිගින් දිගටම අපි උදව් කිරිමකින් තොරව අසරණ මිනිසුන්ට නැගී සිටින්නට ක්‍රමයක් හදලා දෙන්නේ කොහොමද කියලා. 2019 වසරේ සමාජසත්කාර.lk වෙතින් ආරම්භ කල ස්වයංරැකියා.lk  හරහා අපි තීරණය කලා අපට මුණගැසෙන  වඩාත් අවශ්‍යතා ඇති පවුල් තෝරාගෙන ඔවුන්ට ස්වයංරැකියා ලබාදෙන්න.

නිවසේ සිට හෝ සති පොළවල් වල, නිවසෙන් නිවසට ගොස් හෝ ප්‍රධාන මාර්ගයක් අසල සිට විකිණීමට හෝ අවැසි භාණ්ඩ ලබාදීමට හෝ නොඑසේනම් අවශ්‍ය කරන මැෂින් හෝ උපකරණ ලබාදීමට අප බලාපොරොත්තුව වෙනවා. දැනට ස්වයංරැකියා.lk හි නිෂ්පාදන සහ බෙදාහැරීම් (Re-branding Items) වෙන්නේ පහත සදහන් ඒවා වේ.

1. පාවහන්
2. සෙල්ලම් බඩු
3. පාපිසි
4. අත් බෑග්
5. ඇදුම්

ඊට අමතරව පහත මැෂින් හෝ උපකරණද අප පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුව වනවා.

1. මහන මැෂින්
2. බ්ලොක් ගල් හදන මැෂින්
3. තණකොල කපන මැෂින්
4. දොඩම් බීම කඩ සදහා අවශ්‍ය උපකරණ
5. හදුන්කූරු හදන මැෂින්
6. කෑම කරත්ත
7. බයිසිකල්

ඔබට අසරණ පවුලකට ස්වයං රැකියාවක් වෙනුවෙන් කැමති මුදලක් පරිත්‍යාග කල හැක. අප ඔබගේ පරිත්‍යාගය මෙහි සදහන් පවුල් සියල්ලක් වෙනුවෙන්ම වෙන් කරන අතර ඔබට අවශ්‍යයි නම් තනි පවුලක් බාරගත හැක. ඒ සදහා ෆේස්බුක් එකෙහි සදහන් අදාල පවුල වෙනුවෙන් සදහන් කර ඇති සම්පූර්ණ මුදල පහත සදහන් කරන්න.

ස්වයංරැකියා ව්‍යාපෘතියක් සදහා යම් කාලයක් ගත වෙන අතර ඔබ සියලුම දෙනා  පොරොන්දු වන මුදල තැන්පත් කල පසු අප අදාල භාණ්ඩ නිෂ්පාදනය සදහා සමාජසත්කාර සමග සම්බන්ධ වූ තෝරාගත් ස්වයංරැකියා භාණ්ඩ නිෂ්පාදන කණ්ඩායම් වෙත අප විසින් මුදල් ලබාදෙනු ලැබේ. ඔවුන් සති 3-8ත් අතර කාලයකදී අපට භාණ්ඩ ලබාදීමට පොරොන්දු වී ඇති අතර ඉන්පසු අප ව්‍යාපෘතිය සිදු කරනු ලැබේ.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Project Details
ෆේස්බුක් හි සදහන් අදාල පවුලේ හෝ ව්‍යාපෘතියේ අංකය පහතින් තෝරන්න. නොඑසේනම් "ඕනෑම අසරණ පවුලක්" යන්න තෝරන්න. අවශ්‍යයි නම් පවුල් කිහිපයක් වුවද එක අර තෝරා ගත හැක.
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods
Additional Info - අමතර තොරතුරු
ඔබගේ ව්‍යාපෘතියට අදාල පොස්ට් එකෙහි අමතරව සදහන් කලයුතු කරුණු හෝ මෙම පිංකමට ඔබට අමතරව තවත් අය දායකත්වය දක්වනවානම් ඒ අයගේ ෆේස්බුක් නම්ද සදහන් කරන්න.

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 2,500

{amount} donation plus {fee_amount} to help cover fees.