ඉහත ඔබගේ ෆේස්බුක් එකෙහි සදහන් නම First Name, Last Name යන කොටු දෙකෙහි ටයිප් කරන්න. නම වෙනස් ආකාරයකින් සදහන් කලහොත් අපට ඔබව ෆේස්බුක් ඔස්සේ සොයාගැනීමට අපහසුවන බවද එසේ වුවහොත් ඔබගේ පෝස්ට් එක පළ කිරීමට අපහසු බවද කරුණාවෙන් සළකන්න. එමෙන්ම ඔබගේ රිසිට් පත එවීමට අවශ්‍ය Email Address එකද ඉහතින් ඇතුලත් කරන්න. පහතින් ඔබගේ දුරකතන අංකයද සදහන් කරන්න..
Your Contact No *
Reason for the Donation - මෙම ව්‍යාපෘතිය සිදු කරන හේතුව
ඔබ මෙම ව්‍යාපෘතියට දායකත්වය දක්වන හේතුව පහතින් තෝරන්න
Birthday - උපන්දිනය
Wedding Anniversary - විවාහ සංවත්සරය
Death Anniversary - මරණ සංවත්සරය
Special Events - නව වසර. අලුත් අවුරුදු උදාව, පොහොය දිනය, මව්වරුන්ගේ/පියවරුන්ගේ දින, ආදරවන්තයින්ගේ දිනය, නත්තල් වැනි විශේෂ දින
Happiness - අසරණ කෙනෙකුට උදව්කර සතුටක් ලබන්නට
වෙනත් හේතුවක් නම් එය සදහන් කරන්න.
Dedicate this Donation / ඔබ මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කා වෙනුවෙන්ද ?
ඔබ මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ කාහට පිං ලබාදීමටද, කාහට ආශිර්වාද කිරීමටද යන්න මෙහි සඳහන් කරන්න. මෙම තොරතුරු අපි අදාල පරිත්‍යාගය සිදු කිරීමේදී ප්‍රතිලාභියා හට දැනුම් දෙනු ලැබේ.
පිං/ආශිර්වාද ලබාදිය යුතු අයගේ නම්
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
Donation Method *
- select -
Bank Transfer (Sampath, Commercial, NDB, BOC, Peoples, NTB, NSB, DFCC, HNB, CDB)
Mobile Reload (Dialog)
eZ Cash
mCash (Not Available)
Cash Donation
Credit Card (Swipe & Donate)
Cheque Donation
Pay&Go (App/KIOSK)
Moneygram
Western Union
Ria Money Transfer
Other Remittances - Xpress Money, EzRemit, Speed Remit, Instant Cash etc
Xoom (Visa/Master Online)
Vardhana Virtual Wallet Transfer
FriMi Donation
Flash (Com Bank)
Paypal (Not Available)
Neteller (Not Available)
Skrill (Not Available)
Date of the Project - ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය
ඔබගේ උපන්දිනය, සංවත්සර දිනය හෝ මෙම ව්‍යාපෘතිය සිදුකල යුතු දිනය පහතින් තෝරන්න. සමහර ව්‍යාපෘති අප අදාල දිනයට කලින් සිදු කරන අතර ඔබ තෝරන දිනයට ෆේස්බුක් පෝස්ට් එක අප්ලෝඩ් කරනු ලැබේ. සමහර ව්‍යාපෘති අදාල දිනයටම සිදු කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.
Date
Additional Info - අමතර තොරතුරු
ඔබගේ ව්‍යාපෘතියට අදාල පොස්ට් එකෙහි අමතරව සදහන් කලයුතු කරුණු හෝ මෙම පිංකමට ඔබට අමතරව තවත් අය දායකත්වය දක්වනවානම් ඒ අයගේ ෆේස්බුක් නම්ද සදහන් කරන්න.
Volunteering - වැඩසටහනට ශ්‍රමදායකත්වය දැක්වීම
Join the Project
ව්‍යාපෘතියට සම්බන්ධ වීමට හැකියාවක් නොමැත. අවශ්‍ය ආකාරයට එය සංවිධානය කිරීමේ නිදහස ඔබ සතුය. ඡායාරූප එවීම ප්‍රමාණවත්
ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කැමතිය. දිනය හා ස්ථානය දැනුම් දෙන්න
Tagging Instructions - පෝස්ට් එක ටැග් කිරීම පිළිබදව උපදෙස්
ඔබගේ ව්‍යාපෘති පෝස්ට් එක ෆේස්බුක් ඔස්සේ ඔබට ටැග් කල යුතුද ?
Tag me - පෝස්ට් එකට මාව ටැග් කරන්න
Don't Tag me - නම සදහන් කරන්න, නමුත් ටැග් කිරීමෙන් වළකින්න
Anonymous Donation - මා පිළිබඳව විස්තර හෝ හේතුව පළ කිරීම අවශ්‍යම නොමැත, මැසෙන්ජර් ඔස්සේ ඡායාරූප එවීමද ප්‍රමාණවත්
Donate to SamajaSathkara.lk - පදනමට ආධාර කිරීම
පදනමට ආධාර කරන මුදල (රු.)
Terms
සමාජසත්කාර පදනම යනු රජයේ ලියාපදිංචි පදනමකි. ලියාපදිංචි අංකය GA3032. ධනේෂ් මදුරංග එදිරිසූරිය වන මාගේ අදහසකට අනුව මෙය ස්ව ධන පරිත්‍යාගයෙන් ආරම්භ විය. 2013 වසරේදී ෆේස්බුක් මිතුරු මිතුරියන් එකතු කරගෙන මෙය ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කිරීමට මාහට හැකියාව ලැබුණ අතර මේ වන විට දේශීය සහ විදේශීය ඇගයීම් රාශියක් මේ පදනම වෙත ලැබී ඇත. මෙය 100%ක් ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් පවත්වාගෙන යන පදනමකි.
සමාජසත්කාර පදනම පවත්වාගෙන යාමට විශාල මුදලක් වැයවේ. මෙයට කිසිම දේශීය විදේශීය රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන වලින් ප්රතිලාභ නොලැබේ. පහත කරුණු කියවා බලන්න. ඔබ වෙනුවෙන් හෝ අසරණ මිනිසුන් වෙනුවෙන් මේ ආයතනය පවත්වාගෙන යාමට පහත ආකාරයට වියදම් වේ.
සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය - රු.40,000
අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර - 12-15km
පෙට්‍රල් ලීටරයක් රු.125-140
වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් - ලීටර් 8000 (වියදම - රු.1,000,000 - 1,120,000)
මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් - ලීටර් 666 (වියදම - රු.83,333 - 93,240)
සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි.
Vehicle Service (Every 5,000km - Twice a month) - රු.32,000
ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 - රු.78,000
මීට අමතරව අනෙක් කටයුතු සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ.
සිතා බලන්න ඔබ ඔබගේ යම් හේතුවක් මත අපට රු.500ක් වටිනා සෙල්ලම් බඩු දෙකක් දරුවන් දෙදෙනෙක්ට පරිත්‍යාග කිරීමට යැයි පවසනවා. එවිට අදාල දිනයට අප අපගේ තුල්හිරිය හෝ දියතලාව කාර්යාලයේ සිට කිලෝමීටර් 100-200ක් දුරට අසරණ දරුවන් දෙදෙනෙක් සොයා යායුතු වෙනවා. මන්ද අපි පිරිස් එකතුකරගෙන ව්‍යාපෘති සිදු කරන්නේ ඉතාමත් කලාතුරකින්. අප කරන්නෙ ඉතා දුෂ්කර පලාතවල ගෙයින් ගෙට ගොස් ඔවුන්ගේ අඩුපාඩු බලා උදව් කිරීමයි. එවිට රු. 500ක සෙල්ලම් බඩු දෙකක් බෙදා දීමට අපට එක දිනකට රු.10,000කට වැඩි මුදලක් වැයවේ. එම හේතුව නිසා අප සිදු කරන්නේ අප සතු පෞද්ගලික මුදල්වලින් හෝ දැනට අවසන් කර නොමැති ව්‍යාපෘති වලට එකතු වූ මුදල් වලින් එක් දිනකදී ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් සිදු කිරීමයි. එවිට එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් වැයවෙන මුදල අඩු වන අතර ෆේස්බුක් මිතුරන්ගේ ඉල්ලීම් මත අදාල දිනවලදී අප විසින් අපගේ මූල්‍ය ප්‍රතිපාදන වලින් පෙර සිදු කරන ලද ව්‍යාපෘති වල චායාරූප ඔබ වෙනුවෙන් වෙන් කිරීමයි. ඔබ විසින් ඉල්ලුම් කරන දිනයේදී අප විසින් ඔබට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් එම චායාරූප ෆේස්බුක් වෙත අප්ලෝඩ් කරනු ලබනවා.
ව්‍යපෘති වලට ඔබ ආධාර කරන්නේ අපගේ වෙබ් අඩවියට පිවිස අදාල විස්තර කියවා බලා එය තේරුම් ගෙන් බැවින් වරක් මුදල් පරිත්‍යාග කල පසු එම මුදල් නැවත ලබාදීමක් සිදු කරනු නොලැබේ. මෙය පෞද්ගලිකව දැන හැදිනගෙන විශ්වාසය මත සිදු කරන ක්‍රියාවකි. දානය යනු අතහැරීමයි. සමහර අවස්ථාවන් වලදී ව්‍යාපෘති ප්‍රමාද වුවත් අප ආරම්භ කල සියලුම ව්‍යාපෘති අවසන් කරන අතර අවසන් කල පසු ෆේස්බුක් හි එම ඡායාරූප සහ විස්තර අප්ලෝඩ් කරනු ලැබේ. සමහර අවස්ථාවලදී ව්‍යාපෘති ප්‍රමාද වන්නේ සම්පූර්ණ ශ්‍රී ලංකාවම ආවරණය කිරීමට මෙහි පූර්ණ කාලීනව කටයුතු කරන්නේ ධනේෂ් මධුරංග එදිරිසූරිය වන මා පමණක් බැවිනි.
විශාල පිරිසක් එක් රැස්කරගෙන ව්‍යාපෘති සිදු කරන අවස්ථාවන් වල ව්‍යාපෘතිය වෙනුවෙන් වැයවන මුදල අඩුවේ. නැතහොත් එක් දිනක් තුල සිදු කරන ව්‍යාපෘති වලට එය ක්‍රියාත්මක කිරීමට යන වියදමද ඇතුලත් වේ. යම් කිසි දිනක අපට රජයෙන් අනුග්‍රහයක් ලැබුණහොත් අපට ඒ වියදමද ඉවත්කර ව්‍යාපෘති සිදුකල හැක. එවැනි දිනයක් උදාවේවායැයි ඔබද හදවතින්ම ප්‍රාර්ථනා කරන්න.
ධනේෂ් මධුරංග එදිරිසූරිය වන මා, මාගේ පෞද්ගලික සුඛ විහරණය නොසලකා. වායු සමීකරණය කරනලද කාර්යාලයක සිට සිදුකරන ව්‍යාපාර, රැකියා, විනෝද ජනක ජීවිතය, නෑදෑ හිත මිතුරන් ඇසුරු කිරීම, විවාහ ජීවිතය ආදී සියල්ලෙන්ම ඉවත් වී අවසන් හුස්ම යන තෙක්ම සමාජසත්කාර වෙනුවෙන් කැපවීමට බැදී සිටී. එය විවේචනය කිරීමට පෙර 2006 සිට මා සිදුකල මෙහෙවර ආවර්ජනය කර බලන්න, විවිධ මිනිසුන්ගෙන් විවිධ පාඩම් ඉගෙන ගනිමින් තවමත් නොසැලී ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් මාගේ ආත්ම ශක්තියෙන් ගොඩනැංවූ මේ ආයතනයේ සේවාව අගය කරන්න පුරුදු වෙන්න. එය මාගේ ඉදිරි ගමනට ශක්තියක් වේවි.
ඔබ මෙම ව්‍යාපෘතියට/පදනමට ආධාර කරන්න කැමතිනම් "Agreed to Terms | කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න.
Danesh Maduranga Edirisooriya
(Deshamanya, DeshaKeerthi Sri Lanka puthra)
Founder & Managing Director
Samaja Sathkara.lk Foundation
Mobile: + 94 70 33 66 488 / +94 77 33 66 488
Web : www.samajasathkara.lk
කොන්දේසි වලට එකඟයි