ඇත්තෙන්ම ඔව්. මුදල් ආධාර ලබාදෙනවනම් ලබාදිය හැකි අවම මුදල රු.25යි. ශ්‍රමයෙන් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබෙන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. නැතිනම් ඔබේ දැනුමෙන්, හැකියාවෙන් සහය වෙන්න පුළුවන්. නැතිනම් සංචාරය කරන විට අපගේ කණ්ඩායමට නවාතැන් පහසුකම ලබාදෙන්න පුළුවන්. ඒ කිසිම දෙයකට හැකියාවක්, වත්කමක් නැතිනම් සමාජසත්කාර ව්‍යාපෘති පොස්ට් ලයික්, ශෙයාර් කරලා උදව් කරන්නත් පුළුවන්. වෘත්තීය ජීවිතය > සමාජසත්කාර > සම්බන්ධ වෙන්න යටතේ ඔබට පහසු ක්‍රමයක් බලන්න.
මෙය සමාජසේවා පදනමක්. ඔබට ස්වේච්චාවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිදු ගෙවීමක් කරන්නේ නැහැ. මෙහි මාසික වැටුපක් ලැබෙන්නේ පුර්ණ කාලින රියදුරුට පමණයි. ඡායාරුප ශිල්පියාට දීමනාවක් ලබාදෙනවා. සංචාර කිරීමේදී සියලුම වියදම්, ඉන්ධන ආදිය සඳහා ෆේස්බුක් මිතුරන් තමයි උදව් කරන්නේ.
2006-2013 වෙනකම් මගේ පුද්ගලික ධනයෙන් තමා ව්‍යාපෘති කලේ. මගේ ආයතනයේ ලාභයෙන් 85% ක් වෙන් කරන්නේ මේ වෙනුවෙන්. 2013දී මෙය පදනමක් විදිහට ආරම්භ කරලා ලෝකය පුරා ඉන්න ෆේස්බුක් මිතුරන් සම්බන්ධ කරගත්තා. දැනට මගේ ෆේස්බුක් ගිණුම් 5ක සහ පේජ් වල ඉන්න 40,000 පමණ පිරිසකගේ සහයෙන් තමා මේ කටයුතු සිදු කරන්නේ.
පුංචි දරුවෙක්ට රු.25ක කතන්දර පොතක් පරිත්‍යාග කිරීමේ සිට මිලියන ගණනක ගොඩනැගිලි, නිවාස ව්‍යාපෘති, පාසල්, පන්සල් ගොඩනැගීම ආදී සෑම දෙයක්ම සිදුකරනවා. වැඩි විස්තර සඳහා http://samajasathkara.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. නොඑසේනම් වෘත්තීය ජීවිතය > සමාජසත්කාර වලට පිවිසෙන්න.
පුළුවන්. 0701 10 10 10 අංකයට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් දින 14කට පෙර දැනුම් දීමක් කරන්න. තුල්හිරිය මගේ නිවසේදී හෝ ඔබ සිටින ස්ථානයකදී මුණ ගැහෙන්න පුළුවන්. නැතිනම් තාක්ෂනය ඔස්සේ ඔන්ලයින් කෝල් එකක් හරහා අපට කතා කරන්න පුළුවන්.
මගේ තියෙන්නේ කාර් එකක්. වාහනය ඩ්‍රයිව් කරන්න කෙනෙක් ඉන්නවා. මම සහ අපේ අක්කා, අයියා හෝ මල්ලි නොඑසේනම් තිදෙනාම ව්‍යාපෘති වලට මාත් සමග සංචාරය කරනවා. බොහෝ වෙලාවට වාහනයේ පිටුපස එක ආසනයක් පහත් කර ආධාර භාණ්ඩ රැගෙන යනවා අපි. ඒක නිසා අපත් සමග සංචාරය කරන එකනම් අපහසුයි. ඔබට පුළුවන් අපගේ වැඩසටහනක් තිබෙන ස්ථානයකට එන්න හෝ ඔබගේ ප්‍රදේශයේ වැඩසටහනකට අපට ආරාධනා කරන්න. ට්‍රිප් එකක් යන ආකාරයට කවදාවත් මගේ වාහනයේ යන්නනම් බැහැ. නමුත් අපිට කලින් සුදානම් වුනොත් ඉඩකඩ හදාගෙන යන්න පුළුවන්.
පුංචි දරුවෙක්ට රු.25ක කතන්දර පොතක් පරිත්‍යාග කිරීමේ සිට මිලියන ගණනක ගොඩනැගිලි, නිවාස ව්‍යාපෘති, පාසල්, පන්සල් ගොඩනැගීම ආදී සෑම දෙයක්ම සිදුකරනවා. වැඩි විස්තර සඳහා http://samajasathkara.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. නොඑසේනම් වෘත්තීය ජීවිතය > සමාජසත්කාර වලට පිවිසෙන්න.
පුළුවන්. 0701 10 10 10 අංකයට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් දින 14කට පෙර දැනුම් දීමක් කරන්න. තුල්හිරිය මගේ නිවසේදී හෝ ඔබ සිටින ස්ථානයකදී මුණ ගැහෙන්න පුළුවන්. නැතිනම් තාක්ෂනය ඔස්සේ ඔන්ලයින් කෝල් එකක් හරහා අපට කතා කරන්න පුළුවන්.
වෙනමම කාර්යාලයක් භාවිතා කරන්නේ නැහැ, මොකද මම සතියට දවස 6ක් සංචාරය කරන නිසා. එම නිසා කාර්යාලය ලෙස භාවිතා කරන්නේ මගේ නිවස සහ වාහනයයි. සතියකට පැය 5-30 අතර කාලයක් නිවසේද, පැය 90 වැඩි කාල සීමාවක් වාහනයේද ගත කරනවා. මම අසරණ අය සොයාගෙන ගෙදරින් ගෙදරට ලංකාව පුරා යන නිසා කාර්යාලයක ඉන්න දවසක් නැහැ.
නැහැ, මගේ විනෝදාංශය. පොඩි කලේ ඉඳන් මං කැමතියි අසරණ අයට පිහිටවෙන්න. ඉතින් මම ඒ වෙනුවෙන් පදනමක් ආරම්භ කළා. මගේ විනෝදාංශය මගේ ජිවිතය කරගත්තා. ඉතිං මං ඒ නිසා හැම මොහොතක්ම සතුටින් ගත කරනවා. රැකියාවට සතියකට දිනක් වෙන් කරනකොට විනෝදාංශය වෙනුවෙන් මං දින 6ක් වෙන් කරනවා. ඒ වගේ කැපකිරීමක් කරන්න පුළුවන් ලෝකයේ ඉන්න බොහොම සුළු පිරිසකට පමණයි. ඉතින් ඒ අතරින් කෙනෙක් වීම ගැන මම සතුටු වෙනවා.
SamajaSathkara.lk කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් මම ආරම්භ කල වැඩසටහනක්. 2006දී තමයි ආරම්භ කලේ තාත්තත් එක්ක. පසුව 2013දී එය ලියාපදිංචි කළා. මේ වන විට එය ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ඔස්සේ ක්‍රියාත්මක වෙන විශාලතම සංවිධානවලින් එකක් වන අතර ජාතික සහ ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයකින් පිදුම් ලබලා තියේ. වැඩි විස්තර සඳහා http://samajasathkara.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. නොඑසේනම් වෘත්තීය ජීවිතය > සමාජසත්කාර වලට පිවිසෙන්න.