Select Page

SamajaSathkara.lk Foundation | සමාජසත්කාර පදනම

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

Projects for Elders වැඩිහිටියන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ වැඩිහිටියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, සරම්, චීත්ත, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, බණපොත්, සිල් රෙදි, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, රේඩියෝ, විදුලි පන්දම් වැනි බොහෝ දේ ඔබට
පරිත්‍යාග කල හැක.

Projects for Kids දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, පාසල් උපකරණ, ඇදුම්, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, කතන්දර පොත්, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, සෙල්ලම් බඩු වැනි බොහෝ දේ ඔබට පරිත්‍යාග කල හැක.

Rescue Animals ජීවදාන ව්‍යාපෘතිය

Project “Second Chance” ජීව දාන | මරණයට කැපවුණු අසරණ ගවයින් ?  එළුවන් ? වැනි සතුන් බේරගන්න ඔබටත් දායක වෙන්න පුලුවන්.

Projects for Disabled ආබාධිත අය වෙනුවෙන් ව්‍යාපෘති

විවිධ වූ හේතූන් නිසා එක්තැන් වූ දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන  දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයින් හට රෝද පුටු,කිහිළි කරු,  වතුර මෙට්ට වැනි විකලාංග උපකරණ (Orthopedic Appliance) ලබා දීම.
 

Projects for Pregnant Mothers ගැබිණි මාතාවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුප්පත්, අසරණ අම්මා කෙනෙකුට හා අලුත ඉපදීමට සිටින බිළිඳාට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කට්ටලයක් පරිත්‍යාග කිරීමට අපත් සමඟ එකතුවෙන්න… 

Projects for Nature ස්වභාවධර්මය වෙනුවෙන් ව්‍යාපෘති

ස්වභාවධර්මය අපි රැකගන්න ඕන. ඒ වෙනුවෙන් අපිට පුලුවන් ගසක් සිටුවන්න, එහෙමත් නැතිනම් වන සම්පත රැකගන්න දායක් වෙන්න හෝ වැව් ආදී ස්ථාන පිරිසිදු කරන්න සහය වෙන්න.

Religious Projects ආගමික ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල විහාරස්ථාන වල යටිතල පහසුකම් ගොඩනගන්න ඔබටත් දායකත්වයි දක්වන්න පුලුවන්. 

samajasathkara logo small

SamajaSathkara.lk

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

Every day, SamajaSathkara.lk helps people in poorest communities in rural areas of Sri Lanka to survive and thrive. Linking kind hearted people with who are in real need. The beloved father of Danesh Maduranga Edirisooriya, Mr. B.H. Edirisooriya was in the view of helping out the needy, and during his lifetime he was engaged in such activities.
Danesh, following his fathers foot-steps along with his younger sister Nilanthi Edirisooriya (Vice President – SamajaSathkara.lk), came up this novel concept. Hence this idea was born in 2006.

Now Danesh working with facebook friends to enhance its services.

Facebook Crowd-Funding Organization

project Map small

Project Funded

ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි. 

We have been doing a lot of projects since 2006 through Facebook. Facebook friends have been contributing since 2012.

Beneficiaries

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත. 

With the help of Facebook friends, we have helped a lot of needy people.

Years Experience

වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු. 

SamajaSathkara.lk is the largest social media foundation in Sri Lanka with many years of experience. We are also the first registered foundation to do things that are good for the community through Facebook.

Donors & Volunteers Supported

ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.

A large number of people have contributed to our projects via Facebook.

ප්‍රතිලාභීන් ~ Beneficiaries  

සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 110,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න. (The number of beneficiaries under the program is over 110,000. We have conducted programs in almost every district of Sri Lanka. Read the post below to find out.)

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව - මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය ලබාදුන්නා. පවුල් බොහොමයක් මග ඇරුණා කැබිතිගොල්ලාව රෝහල කොරොනා නිසා වසාදැමූ නිසා. ඒ ප්‍රදේශයේ බොහොමයක් පවුල් නිරෝධායනය වෙමින් සිටියා.... කරන්න බලාපොරොත්තු...

හිසට සෙවනක් වැඩසටහන

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා. මැදවච්චිය/කැබිතිගොල්ලෑව කොරෝනා ප්‍රශ්න නිසා ආසන්නයේ පවුල් කිහිපයක් නිරෝධායනය කරලා. ඉතිං දවස් කිහිපයකට වැඩ නතර කලා... මේ නිවසට මුලින් සෝලර් පැනල් හරහා විදුලිය ලබාදෙන්න...

Donate via Dialog StarPoints (Donate as a Reload)

Donate via Dialog StarPoints (Donate as a Reload)

සමාජසත්කාර පදනමේ ඩයලොග් දුරකථන අංකය : 0773366488 PCR යන්ත්‍රය වෙනුවෙන් පරිත්‍යාග කරන්න අතේ සල්ලි නැතිද? ෆෝන් එකෙත් Credit නැතිද? හැබැයි ඔබ නොදැනුවත්ව Foodcity හරහා භාණ්ඩ මිළදී ගැනීමේදී හෝ ඔබ භාවිතා කල ඩයලොග් සේවාවන් වෙනුවෙන් ඔබට StarPoints හිමිවී තිබෙන්නට පුලුවන්....

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න.  (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම...

දරුවෝ 3 දෙනෙක් ඉන්න අසරණ පවුලට පිහිට වෙන්න – නිවිතිගල (හැකි තරම් ශෙයාර් කරන්න)

දරුවෝ 3 දෙනෙක් ඉන්න අසරණ පවුලට පිහිට වෙන්න – නිවිතිගල (හැකි තරම් ශෙයාර් කරන්න)

මේ පවුල ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල. පාසල් යන දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. තාත්තා පොල් කඩන එක කරන්නේ. පුංචි මැටි ගෙයක් කලින් තිබිලා තියෙනවා. ඒක කැඩිලා කාලෙකට කලින්. දැන් ඉන්නේ මේ ටකරන් ගෙදර. වැස්සට තෙමෙනවා. යටින් වතුර ගලනවා. ඉඩමේ අයිතිය තියෙනවා. අපි මේ අයට උදව්...

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්... ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට...

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල කෙනෙක්ද? එසේනම් ඔබේ Digital රිසිට් පත Delete නොකර තබාගන්න... තවමත් රිසිට් පත ලබාගත්තේ නැතිනම් එය ලබාගන්න. PCR ව්‍යාපෘතිය අවසානයේ දිනුම් ඇදීමකින් තෝරාගන්නා එක් අයෙක්ට රු.11,200ක් වටිනා Rock Gym ව්‍යායාම් උපකරණයක් නොමිළයේ ලබාදීමට Thidhora...

Sri Lanka’s First Charitable IT Company

මෙම වැඩසටහන Nano ThinkLabහි  ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් (CSR) ලෙස ආරම්භ විය. මුලදී එය “Nanoසත්කාර” ලෙස හැඳින්විණි. සමාගමේ ලාභයෙන් 85% ක් ව්‍යාපෘති සඳහා වෙන් කර ඇත. ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති සඳහා මෙතරම් මුදලක් වෙන් කළ පළමු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම මෙයයි. පසුව Nanoසත්කාර  SamajaSathkara.lk ලෙස නැවත නම් කරන ලදී. 2015 අපට එය පුණ්‍යාධාර සංවිධානය ලෙස ලියාපදිංචි කිරීමට හැකි විය. නමුත් එය තවමත් TechLabs හි අරමුදල් යටතේ පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ හොඳම ස්වේච්ඡා සේවකයකු / තරුණයෙකු වනධනේෂ් එදිරිසුරිය විසින් මෙය ආරම්භ කරන ලදී.

This movement started as a CSR project of Nano ThinkLab. Earlier it was called as NanoSathkara. 85% of  company’s profits were set aside for projects. This is the first Sri Lankan IT company allocate that much amount for it’s CSR projects. Later NanoSathkara rebranded as SamajaSathkara.lk. 2015 we could able to register it as separate entity, Charitable Organization. But its still maintain under TechLabs funds. Danesh Edirisooriya, one of the best volunteer/youth in Sri Lanka strated this movement.

Project Funded

Beneficiaries

Years Experience

Donors & Volunteers Supported

SamajaSathkara.lk Hotline

සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 50-100ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.

Please note that on average, between 50-100 calls are received daily to our hotline and all calls are recorded to provide you with an effective service.

පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ සේවා සහය අංකය 

070 33 66 488