Select Page

SamajaSathkara.lk Foundation | සමාජසත්කාර පදනම

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

Projects for Elders වැඩිහිටියන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ වැඩිහිටියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, සරම්, චීත්ත, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, බණපොත්, සිල් රෙදි, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, රේඩියෝ, විදුලි පන්දම් වැනි බොහෝ දේ ඔබට
පරිත්‍යාග කල හැක.

Projects for Kids දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, පාසල් උපකරණ, ඇදුම්, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, කතන්දර පොත්, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, සෙල්ලම් බඩු වැනි බොහෝ දේ ඔබට පරිත්‍යාග කල හැක.

Rescue Animals ජීවදාන ව්‍යාපෘතිය

Project “Second Chance” ජීව දාන | මරණයට කැපවුණු අසරණ ගවයින් ?  එළුවන් ? වැනි සතුන් බේරගන්න ඔබටත් දායක වෙන්න පුලුවන්.

Projects for Disabled ආබාධිත අය වෙනුවෙන් ව්‍යාපෘති

විවිධ වූ හේතූන් නිසා එක්තැන් වූ දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන  දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයින් හට රෝද පුටු,කිහිළි කරු,  වතුර මෙට්ට වැනි විකලාංග උපකරණ (Orthopedic Appliance) ලබා දීම.
 

Projects for Pregnant Mothers ගැබිණි මාතාවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුප්පත්, අසරණ අම්මා කෙනෙකුට හා අලුත ඉපදීමට සිටින බිළිඳාට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කට්ටලයක් පරිත්‍යාග කිරීමට අපත් සමඟ එකතුවෙන්න… 

Projects for Nature ස්වභාවධර්මය වෙනුවෙන් ව්‍යාපෘති

ස්වභාවධර්මය අපි රැකගන්න ඕන. ඒ වෙනුවෙන් අපිට පුලුවන් ගසක් සිටුවන්න, එහෙමත් නැතිනම් වන සම්පත රැකගන්න දායක් වෙන්න හෝ වැව් ආදී ස්ථාන පිරිසිදු කරන්න සහය වෙන්න.

Religious Projects ආගමික ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල විහාරස්ථාන වල යටිතල පහසුකම් ගොඩනගන්න ඔබටත් දායකත්වයි දක්වන්න පුලුවන්. 

samajasathkara logo small

SamajaSathkara.lk

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

Every day, SamajaSathkara.lk helps people in poorest communities in rural areas of Sri Lanka to survive and thrive. Linking kind hearted people with who are in real need. The beloved father of Danesh Maduranga Edirisooriya, Mr. B.H. Edirisooriya was in the view of helping out the needy, and during his lifetime he was engaged in such activities.
Danesh, following his fathers foot-steps along with his younger sister Nilanthi Edirisooriya (Vice President – SamajaSathkara.lk), came up this novel concept. Hence this idea was born in 2006.

Now Danesh working with facebook friends to enhance its services.

Facebook Crowd-Funding Organization

project Map small

Project Funded

ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි. 

We have been doing a lot of projects since 2006 through Facebook. Facebook friends have been contributing since 2012.

Beneficiaries

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත. 

With the help of Facebook friends, we have helped a lot of needy people.

Years Experience

වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු. 

SamajaSathkara.lk is the largest social media foundation in Sri Lanka with many years of experience. We are also the first registered foundation to do things that are good for the community through Facebook.

Donors & Volunteers Supported

ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.

A large number of people have contributed to our projects via Facebook.

ප්‍රතිලාභීන් ~ Beneficiaries  

සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 110,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න. (The number of beneficiaries under the program is over 110,000. We have conducted programs in almost every district of Sri Lanka. Read the post below to find out.)

පිළිකාවකින් පීඩා විඳින මේ අම්මාට උදව් කරන්න

පිළිකාවකින් පීඩා විඳින මේ අම්මාට උදව් කරන්න

මේ අම්මව අපට මුණගැහුණේ මීට මාසයකට පමණ ඉහතදී. එවිට සාමාන්‍ය නීරෝගී තත්වයෙන් හිටියා. තාත්තාට හර්නියා රෝගය සහ අම්මාට කොන්දේ අමාරුව සහ වෙනත් රෝග කිහිපයක් තියෙනවා කිව්වා. අම්මා සහ තාත්තා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරු. වයස 80කට කිට්ටුයි. හැබැයි දරුවෝ නැහැ. පුංචි කඩාවැටෙන්න...

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

වැඩිහිටි නිවාසයක කාමරයක් කියන්නේ පිරිසිදුව තියාගන්න අපහසු තැනක්. දිනපතා අපවිත්‍ර වෙනවා. ඉතිං අම්මා නවත්වන්න කලින් අපි ආවා කාමරය බලලා එහි අඩුපාඩු සකස් කරන්න... මොකද පිළිකා රෝගියෙක් නිසා පරෙස්සමට, පිරිසිදුව සහ නිදහසේ ඉන්න ඕනනේ... කාමරය තීන්ත ගාලා, අලුත් ගෘහභාණ්ඩ දාන්න...

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

වැඩිහිටි නිවාසයේ කාමරය තීන්ත ගාන්න වරකපොළ/අඹේපුස්ස ෆේස්බුක් මිතුරන්ගේ සහය ලබාගන්න උත්සාහ කලත් හැමෝගෙම කාර්යබහුලත්වය නිසා අපට සහයට කෙනෙක් හොයාගන්න බැරිවුණා. ඉතිං අපි මුදල් ගෙවලා කිහිපදෙනෙක්ගේ සහයෙන් කාමරයේ අලුත්වැඩියා කටයුතු කලා. ඒ සඳහා සහය ලබාදීම පිළිබඳව වාසනා...

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර කාමරය සූදානම් කිරීම

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර කාමරය සූදානම් කිරීම

දවස් දෙකක් අපේ කණ්ඩායම හරියට කෑමක් බීමක් නැතුව වරකපොළ නගරය පුරා සැරිසරමින් අවශ්‍ය කළමණා මිළදීගැනීම කලා. වරකපොළ ප්‍රදේශයෙන්ද කොරෝනා රෝගීන් සොයාගෙන තිබුණ නිසා අපට ගොඩක් සැලකිලිමත් වෙන්න සිදුවුණා. සියඹලාණ්ඩුව සංචාරය අවසන් කර අප කෙළින්ම රාත්‍රීයේ පැමිණියේ වැඩිහිටි...

මදුරුපිටිය පිළිකා රෝගී අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට රැගෙන ඒම

මදුරුපිටිය පිළිකා රෝගී අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට රැගෙන ඒම

කාමරය සකස්කිරීමේ වැඩකටයුතු අවසන් වෙලා අපි මේ අම්මව බලන්න ගෙදරට ආවා. ආසන්න ගමක් නිරෝධයනය කරල. මේ ගෙදර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික් මායිමේ. ඉතිං ඇඳිරිනීතියත් එක පැත්තකින්. කාර් එකේ අම්මගේ ගෙවල් ගාවටම යන්න බැහැ. ඉතිං සමෘද්ධි නිලධාරී ප්‍රභාත් මහත්තයගේ වෑන් එකේ අපි ගෙදරට...

අවුරුදු 75-80 වයස අම්මා කෙනෙක්ට ජීවිතේ අවසාන කාලේ සතුටින් ඉන්න උදව් කරන්න කැමති කවුද?

අවුරුදු 75-80 වයස අම්මා කෙනෙක්ට ජීවිතේ අවසාන කාලේ සතුටින් ඉන්න උදව් කරන්න කැමති කවුද?

පිළිකාවක් නිසා තව සති 3-4ක් පමණක් ජීවත්වෙනවා කියලා වෛද්‍යවරු කීව අවුරුදු 75-80 වයස අම්මා කෙනෙක්ට ජීවිතේ අවසාන කාලේ සතුටින් ඉන්න උදව් කරන්න කැමති කවුද? දැන් ඉන්නේ පැල්පතක. දරුවෝ කවුරුවත් නෑ. අපි Nursing Home එකක වගේ නවත්වමුද? ඔයලගේ අදහස් කියන්න. උදව් කරන්න කැමති කවුද?...

පිළිකාවකින් පීඩා විඳින අම්මාට ජීවිතේ අවසන් දවස් කිහිපය සතුටෙන් තියමු

පිළිකාවකින් පීඩා විඳින අම්මාට ජීවිතේ අවසන් දවස් කිහිපය සතුටෙන් තියමු

පිළිකාවක් නිසා තව සති 3-4ක් පමණක් ජීවත්වෙනවා කියලා වෛද්‍යවරු කීව අවුරුදු 75-80 වයස අම්මා කෙනෙක්ට ජීවිතේ අවසාන කාලේ සතුටින් ඉන්න උදව් කරන්න කැමති කවුද? දැන් ඉන්නේ පැල්පතක. අල්ගම, මදුරුපිටිය ගෙවල්. දරුවෝ කවුරුවත් නෑ. අපි Nursing Home එකක වගේ නවත්වමුද? ඔයලගේ අදහස්...

කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවට උදව් කරන්න (Family 15)

කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවට උදව් කරන්න (Family 15)

ගොඩක් අඩු පහසුකම් යටතේ මේ අය ජීවත් වෙන්නේ. මැදවච්චිය ගෙවල්. විදුලිබලය නැහැ. හරිහමන් ආදායම් මාර්ගයක් නෑ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. දරුවාට පාසල් උපකරණ ලබාදීම 3. සපත්තු ලබාදීම 4. වියළි ආහාර පාර්සලයක් ලබාදීම 5. වෙනත් ඔබගේ...

තනිව ජීවත්වෙන අම්මාට උදව් කරන්න (Family 16)

තනිව ජීවත්වෙන අම්මාට උදව් කරන්න (Family 16)

මේ අම්ම තනියෙන් ජීවත් වෙන්නේ... මැදවච්චිය ගෙවල්. පුංචි පැල්පතක ඉන්නේ. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1. සෝලර් පැනල් ඔස්සේ විදුලිය ලබාදීම 2. වියළි ආහාර පාර්සලයක් ලබාදීම ඔබගේ අවශ්‍යතාවය මැසේජ් එකකින් එවන්න. සැ.යු : ඡායාරූප ඩවුන්ලෝඩ් කර වෙනත් පේජ්, ගෘප් වල අප්ලෝඩ් කර...

දරුවන් 3 දෙනෙක් තනිවම රැක බලාගන්නා අසරණ මවට උදව් කරන්න (Family 17)

දරුවන් 3 දෙනෙක් තනිවම රැක බලාගන්නා අසරණ මවට උදව් කරන්න (Family 17)

මේ දරුවන්ගේ පියා කලාතුරකින් තමා මේ අය බලන්න එන්නේ. කිසි උදව්වක් ලැබෙන්නේ නැහැ. කුප්පි ලාම්පු එළියෙන් ජීවත් වෙන්නේ. විදුලිය ගන්න අවශ්‍ය වුනත් අල්ලපු ගෙදර අය ඒ අයගේ ඉඩම උඩින් වයර් එකක් යනවා කියලා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ගොඩක් අසරණයි. ඔබත් කැමතිද මේ පවුලට උදව් කරන්න. 1....

Sri Lanka’s First Charitable IT Company

මෙම වැඩසටහන Nano ThinkLabහි  ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් (CSR) ලෙස ආරම්භ විය. මුලදී එය “Nanoසත්කාර” ලෙස හැඳින්විණි. සමාගමේ ලාභයෙන් 85% ක් ව්‍යාපෘති සඳහා වෙන් කර ඇත. ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති සඳහා මෙතරම් මුදලක් වෙන් කළ පළමු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම මෙයයි. පසුව Nanoසත්කාර  SamajaSathkara.lk ලෙස නැවත නම් කරන ලදී. 2015 අපට එය පුණ්‍යාධාර සංවිධානය ලෙස ලියාපදිංචි කිරීමට හැකි විය. නමුත් එය තවමත් TechLabs හි අරමුදල් යටතේ පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ හොඳම ස්වේච්ඡා සේවකයකු / තරුණයෙකු වනධනේෂ් එදිරිසුරිය විසින් මෙය ආරම්භ කරන ලදී.

This movement started as a CSR project of Nano ThinkLab. Earlier it was called as NanoSathkara. 85% of  company’s profits were set aside for projects. This is the first Sri Lankan IT company allocate that much amount for it’s CSR projects. Later NanoSathkara rebranded as SamajaSathkara.lk. 2015 we could able to register it as separate entity, Charitable Organization. But its still maintain under TechLabs funds. Danesh Edirisooriya, one of the best volunteer/youth in Sri Lanka strated this movement.

Project Funded

Beneficiaries

Years Experience

Donors & Volunteers Supported

SamajaSathkara.lk Hotline

සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 50-100ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.

Please note that on average, between 50-100 calls are received daily to our hotline and all calls are recorded to provide you with an effective service.

පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ සේවා සහය අංකය 

070 33 66 488