ශ්‍රී ලංකාව තුළ පැය 24 පුරාත් දින 365 පුරාවටත් ක්‍රියාත්මක වන අවම ශ්‍රම දායකත්වයෙන් වැඩිම සේවාවක් ලබා දෙන ෆේස්බුක් සමාජ ජාලය හරහා එක් රොක් වූ පිරිසගේ සහයෝගයෙන් සිදු කරන විශාලතම සමාජ සේවා ආයතනය වන සමාජසත්කාර.lk හි තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සහස්නා Apparel හැඳින්විය හැක. දිනකට දෙකකට සෑහෙන බඩු මල්ලකට වඩා ස්ථීර ආදායමක් ලැබෙන උපකාරයක් ලෙස සහස්නා Apparel ආරම්භ කෙරිණි.
මැහුම් කුසලතා ඇති අය හට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය ලබා දීමත් ඔවුන් මසා නිම කරන ඇඳුම් මිලදී ගෙන කුසලතා නැති අය හට ලබා දීමෙන් ඒ අයටත් ආදායමක් ලැබෙන ලෙස වෙනස්ම වූ සැලසුමකට අනුව මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර මසන ලද නිමි ඇඳුම් වල තත්ව පරික්ෂාව සහ බෙදා හැරීම මෙන්ම ඇඳුම් මැසීමත් මෙහිදී සිදු කෙරේ.
2018 වසර අවසාන වන විට අඩු ආදායම්ලාභී පවුල් අවම 100කට ස්වයං රැකියා අවස්ථා ලබාදී දෙපයින් නැගී සිටීමට සහය විම.
සමාජසත්කාර.lk හි සුවිශේෂී සමාජ ව්‍යාපාරයක් ලෙස අඩු ආදායම් ලාභී පවුල් දිරි ගැන්වීම උදෙසා ස්වයං රැකියා ලබාදීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම.
ශ්‍රී ලංකාව පුරා අසරණ පවුල් 24 කට 2014 සිට මහන මැෂින් පරිත්‍යාග කර ඇත.
නව ව්‍යාපාර 15ක් ආරම්භ කිරීමට අඩිතාලම දමා ඇත.
පුංචි මල් කැකුළු වන් දරුවන් 500 වැඩි ප්‍රමාණයකට ඇදුම් පරිත්‍යාග කර ඇත.
අසරණ වැඩිහිටියන් 1000කට වැඩි ප්‍රමාණයකට ඇදුම් පරිත්‍යාග කර ඇත.
2006 වර්ෂයේ ආරම්භ කළ සමාජසත්කාර.lk යනු රාජ්‍ය නොවන ලාභ නොලබන මෙන්ම අවම ශ්‍රමයක් තුළින් වැඩිම සේවාවක් ගම් නියම් ගම් උදෙසා දොරින් දොරට ලබා දෙන එකම සංවිධානය වේ. අප විසින් විවිධ වූ ව්‍යාපෘති ගණනාවක් අසරණ පවුල් වෙත සිදු කර ඇත. සෑම විටම කිසිවකුගේ අවධානයට ලක් නොවූ අසරණ පවුල් සොයා ඔවුන් අසළටම යමින් පිහිට වීම අපගේ සංවිධානයේ මූලික පරමාර්ථය වේ.
මෙහිදී දිළිඳු භාවය පිටු දැකීම උදෙසා සුවහසක් ශ්‍රී ලාංකික දුගී දුප්පත් ජනයා හට නිතර පිහිට වීමට වඩා ඔවුනට ස්ථීර පිළියමක් ලබා දීම කෙරෙහි සමාජසත්කාර අපගේ අවධානය යොමු විය. එහිදී එම පවුල් වෙත ආදායම් මාර්ගයක් සකස් කරගැනීම වෙනුවෙන් ස්වයංරැකියා ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. සහස්නා Apparel හි බිහි වීම ආරම්භ වූයේ එමඟිනි.
මීට වසර කිහිපයකට ඉහතදී අප වෙන් වෙන් වශයෙන් අසරණ පවුල් වෙත මහන මැෂින් ලබා දුන් අතර, එසේ මසා නිම කරන ඇඳුම් අලෙවිය සඳහා මැහුම් ශිල්පය නොදත් පිරිස් හට ලබා දීම තුළින් දෙපාර්ශවයම ආදායම් ලබනු ඇති බව වැටහුණා. ඒ අනුව අප මැහුම් කලාව දන්නා පිරිස් හට මහන මැෂින් සහ ඊට අවශ්‍ය සියළුම කළමණා ලබා දෙන අතර ඔවුන් විසින් මසා නිම කරන ඇඳුම් මැහුම් කලාව නොදත් පිරිස හට යම් මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම කටයුත්ත තව දුරටත් වර්ධනය කරමින් සහස්නා Apparel නමින් ආරම්භ වූ මෙම ඇඟලුම් ව්‍යාපාරය ගම් නියම් ගම්හි වෙසෙනා අන්ත අසරණ පවුල් සොයා යමින් හැකියාව මත ඇඳුම් මැසීම හෝ විකිණීම කෙරෙහි ඔවුන් උනන්දු කරවීම සිදු කරනවා. එසේම ඔවුන් විසින් මසා නිම කෙරෙන ඇඳුම් වල තත්ව පරික්ෂාව සහ ලේබල් ගැසීම දියතලාව ප්‍රදේශයේ පිහිටි අපගේ ප්‍රධාන ශාඛාවේදී සිදු වනවා. එහිද සේවය සැපයීමට අන්ත අසරණ දුගී පිරිස් යොදවා තිබෙනවා. ඔවුනට මාසික වැටුපක්ද හිමි වනවා.
එහිදී අවශ්‍ය උපදෙස් ලබා දීම හා මඟ පෙන්වීම ඇඟලුම් ක්ශේත්‍රයේ වසර 23ක පමණ පලපුරුද්දකින් හෙබි නිලන්ති එදිරිසූරිය මහත්මිය විසින් සිදු කරනවා. මේ වන විට පවුල් 15කට පමණ මේ තුළින් ආදායමක් ලැබීමට හැකි වී තිබෙන බව ඔබට සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු
Danesh Edirisooriya
Founder/Managing Director/Textle Designer
Nilanthi Edirisooriya
Co-Founder/Manager - Quality Control
Manoj Prasanna
Manager - Human Resourses
& Operations
Nimasha Sewwandi
Manager - Sales and Marketing / Support Specialist - IT
ඇඳුම් මැසීමේ කුසලතා නොමැති අසරණ පවුල් වලට ඇඳුම් අලෙවි කිරීම තුළින් ආදායමක් ලබා ගත හැකි බව අපට අවබෝධ විය. ඒ අනුව අප විසින් පරිත්‍යාග කෙරූ මැහුම් යන්ත්‍ර උපයෝගී කරගනිමින් නිම වෙන නිමි ඇඳුම් මිලදී ගෙන එවන් කුසලතා නොමැති පවුල් යොදා ගනිමින් ඊට අවැසි වෙළෙඳ පොළක් නිර්මාණය කිරීමට අපට හැකි විය. මේ තුළින් හැකියාව ඇති නැති සැමට ආදායමක් ලබන්නට අවස්ථාව උදා වනවා මෙන්ම තමන් විසින් නිම කරන නිමි ඇඳුම් සඳහා වෙළෙඳ පොළක්ද නිර්මාණය වනවා.
2014 වර්ෂයේ පටන් සමාජසත්කාර.lk තුළින් සිදු කෙරූ සෙනෙහසේ චාරිකාව තුළදී හමු වූ අසරණ පවුල් වෙත ස්වයංරැකියා ලබා දීමේ අරමුණින් යුතුව මැහුම් යන්ත්‍ර පරිත්‍යාග කෙරූ අතර අවශ්‍ය සියළු අමුද්‍රව්‍යද ලබා දුනි. මෙහි තිබූ මූලික ගැටළුව වූයේ ඇඳුම් මසා නිම කළඳ ඊට අවැසි වෙළෙඳ පොළ ඉල්ලුමක් ඔවුනට නොමැතිකමයි. නමුත් මෙසේ ලබා දුන් මැහුම් යන්ත්‍ර උපයෝගී කරගනිමින් යම් ආදායමක් ලබා ගැනීමට ඔවුනට හැකි විය.
සහස්නා Apparel වෙතින් නිමවෙන ඇඳුම් වල තවත් එක සුවිශේෂිත්වයක් වන්නේ මේ සියළුම ඇඳුම් නාගරික දරුවන්ට සහ වැඩිහිටියන්ට නොව ගම්බද අසරණ දරුවන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ ලබා දීමයි. දරිද්‍රතාවයෙන් පෙළෙන මේ දරුවන්ට සහ වැඩිහිටියන්ට අළුත් ඇඳුම් ලැබුනම තියෙන සතුට ඒ මූණු වලින් දකින්නට ලැබීම අපේ සහස්නා කණ්ඩායමේ එකම අභිලාෂය වේ.
දැනට ඇදුම් මැසීම සදහා අප සම්බන්ධ කරගනු ලබන්නේ ගම් වල සිටින අඩු ආදායම්ලාභී පවුල වල අය පමණක් වන අතර ඔබට අවශ්‍ය නම් අපගෙන් තොග වශයෙන් නිමි ඇදුම් මිළදීගෙන නිමි ඇදුම් අලෙවිසැල් වලට ඒවා විකිණීමෙන් ආදායමක් ලැබිය හැක.
ඒ පිලිබදව ඔබ උනන්දු වනවානම් මෙම පෝරමය පුරවන්න.