Select Page

සමාජසත්කාර පදනම වෙනුවෙන් ආධාර කරන්න

Donate to the Foundation

Annual helping coverage in Sri Lanka. Distance as trice around the world

Total helping coverage in Sri Lanka. Traveled more than distance to the moon and back

petrol small

සෙනෙහසේ චාරිකා සදහා පෙට්‍රල් සදහා දායක වෙන්න (Contributions for fuel for the vehicle on our Senehase Charika)

අපගේ සෙනෙහසේ වාහනය දිනකට කිලෝමීටර් 300ක් පමණ අසරණ සොයාගෙන ශ්‍රී ලංකාව පුර සංචාරය කරනවා. එක දිනකට ඉන්ධන සදහා රු.3,000-4,000 පමණ වැය වෙනවා. (මේ දිනවල වාහනයේ Hybrid බැටරිය ක්‍රියාත්මක නොවන නිසා වාහනය Full Tank ඉන්ධන ගැසූ පසු ධාවනය කල හැකි උපරිම දුර කිලෝමීටර් 300කි. සාමාන්‍ය තත්වයේදී කිලෝමීටර් 700ක් පමණ සංචාරය කල හැක.)

කිලෝමීටර් 01 වෙනුවෙන් වියදම රු.14කි. ඔබට හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කල හැක.

We travel over 300 km per day helping the needy throughout the country. The cost of transport is Rs.3000-4000 per day. Due to a fault in the Hybrid battery, car drives only on patrol these days and full tank of petrol can run only about 300km (in normal conditions 700km with working Hybrid battery). The cost for 1 km is about Rs.14. You can contribute as you please.

meal small

සමාජසත්කාර කණ්ඩායමේ ආහාර වියදම් වෙනුවෙන් දායක වෙන්න (Contributions for food expenses of the Supporting team)

අප කණ්ඩායමේ 3 දෙනෙක් (සභාපති, රියදුරු සහ ඡායාරූප ශිල්පියා) සතියකට දින 6ක් ශ්‍රී ලංකාව පුරා සංචාරය කරයි. එක වේලක් වෙනුවෙන් ආහාර සදහා වියදම දළ වශයෙන් රු.1,000කි. දිනකට වියදම උපරිම 3,000කි. මේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් ඔබට අප කණ්ඩායමට වතුර බෝතලයක් වුවද පරිත්‍යාග කල හැක.

ලංකාවේ අසරණ අයට පිහිටවීම වෙනුවෙන් සංචාරය කරන අප කණ්ඩායම වෙනුවෙන් ඔබට එක වේලක් හෝ දිනක් වෙනුවෙන් මුල්‍යමය දායකත්වය හෝ ආහාර පන වලින් සංග්‍රහ කල හැක.

Our team consists of 3 volunteers (Chairman, driver, cameraman). They travel throughout the country for 6 days per week. The cost of one meal is Rs.1000 approximately. One day’s expenses would be Rs.3000 for the team. Our team is travelling throughout the country helping the helpless. You can provide even one bottle of water, one meal, meals for the whole day, money or food.

accomodation small

සමාජසත්කාර කණ්ඩායමේ නවාතැන් පහසුකම් වෙනුවෙන් දායක වෙන්න (Contributions for lodging for the team)

අප කණ්ඩායමේ 3 දෙනෙක් සතියකට දින 6ක් ශ්‍රී ලංකාව පුරා සංචාරය කරයි. බොහෝවිට සංචාරය කරන්නේ අති දුෂ්කර ප්‍රදේශවලය. එම අවස්ථාවල  99%ක්ම ආසන්නතම නගරයේ ලැගුම්හලක/හෝටලය නතරවේ. සමහර අවස්ථාවලදී ෆේස්බුක් මිතුරන්ගේ ආරාධනයක් ලැබුනහොත් ඔවුන්ගේ නිවෙස් වල හෝ පන්සල් වල නතර වේ.

එක දිනක් වෙනුවෙන් සාමාන්‍ය වියදම රු.2,500ක් පමණ වේ. ඔබට දිනක් හෝ කිහිපයක් වෙනුවෙන් දායකත්වය හෝ නවාතැන් පහසුකම් සැපයිය හැක.

Our team travels 6 days a week throughout the country in unfavorable surroundings to rural villages. Most of the time they stay in a nearby guest house or in a hotel. If invited by Facebook friends, they stay in their houses or sometimes in temples. Normal cost per day is Rs.2,500. You can contribute for one day or provide accommodation.

mobile small

SamajaSathkara.lk වැඩසටහනේ අන්තර්ජාල සහ දුරකථන වියදම් වෙනුවෙන් දායක වෙන්න (Contributions for our program’s internet and telephone expenses)

SamajaSathkara.lk වැඩසටහන සම්පුර්නයෙන්ම ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය හරහාය. අපගේ සියලුම ක්‍රියාකාරකම් සදහා පැය 24 පුරා අන්තර්ජාල සබදතාවයක් අවශ්‍යය. ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමේදී අන්තර්ජාල සබදතාවය නොකඩවා පවත්වා ගැනීමට අවශ්‍ය බැවින් අප විසින් සේවා දායකයින් 3 දෙනෙකගේ  අන්තර්ජාල සබදතා 3ක් භාවිතා කරයි. අපගේ ආයතනයේ මාසික අන්තර්ජාල වියදම රු.4,500කි.

එමෙන්ම අපගේ ප්‍රධාන අංගය වන ක්ෂණික ඇමතුම් අංකය වෙනුවෙන් මාසික දුරකථන වියදම රු.2,100කි. උදව් අවැසි අයෙක් පණිවිඩයක් එවූ සැනින් අප විසින් ඔවුන්ට ඇමතුම් ගන්නා බැවින් පිටතට යන ඇමතුම් සියල්ල නොමිලයේ ගත හැකි සබදතාවයක් අප භාවිතා කරයි.

මේ සදහා ඔබට හැකි විදිහට දායක විය හැක.

This program functions entirely through internet. As we are travelling through the country, we need 24-hour internet connection. To facilitate this we use 3 internet connections of 3 people. Monthly cost is Rs.4,500. Our emergency telephone number expense is Rs.2,100 per month. When someone in need sends a message to us, we call back immediately. For this we are using a phone connection with unlimited outgoing calls. You can contribute as you please.

driver small

සමාජසත්කාර වාහනයේ රියදුරුගේ වැටුප වෙනුවෙන් දායකත්වය දක්වන්න (Contribution for remuneration for the driver)

අප ආයතනයේ රියැදුරා අගය කලයුතු පුද්ගලයෙකි. මන්ද නොකඩවා දිනකට උපරිම පැය 18ක් සතියට දින 6ක් අප  ශ්‍රී ලංකාව පුරා සංචාරය කරයි. වසරකට උපරිම කිලෝමීටර් 120,000ක් වාහනය ධාවනය කිරීමට සිදුවේවි. ස්ථිර රියදුරෙක් වෙනුවෙන් මාසික වැටුප රු.40,000කි. දින ගණනට සම්බන්ධ වන විට දිනක වැටුප රු.1,000කි.

ඔබට එක දිනක් හෝ දින කිහිපයක් වෙනුවෙන් මුල්‍ය දායකත්වය හෝ නොඑසේනම් ඔබට පහසු වෙලාවක නොමිළයේ/ස්වේච්චා නිළධාරියෙකු ලෙස අපගේ වාහනය ධාවනය කිරීමට සම්බන්ධ විය හැක.

Our driver an admirable person. He drives over 18 hours a day, 6 days a week throughout the country. Most of the years in one year, he has to drive over 120,000 km. Salary for a permanent driver is Rs.40,000 per month.  If it is daily basis Rs 1000. You can contribute for one or more days or you can drive our vehicle as a volunteer officer.

photographer small

අප වැඩසටහනේ ඡායාරූප ශිල්පියා/කාර්යාල සහය නිළධාරියාගේ වැටුප වෙනුවෙන් දයකත්වය දක්වන්න (Remuneration for the cameraman/office assistant)

අප වැඩසටහනේ ඡායාරූප ශිල්පියා/කාර්යාල සහය නිළධාරියා යනු මාස 3කට වරක් නිවාඩු හිමිවන ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන පුද්ගලයෙකි. ඔහු පැය 24 පුරාම කටයුතු කලයුතු පුද්ගලයෙකි. ස්වේච්චා නිළධාරියෙකු ලෙස මුලදී සම්බන්ධ වුවත් දීර්ඝ කාලීනව යම් අයෙක්ට ඒසේ සම්බන්ධ විය නොහැක. මන්ද ඔවුනටද වගකීම් තිබෙනවා. එම නිසා අප දිනකට රු.1,000ක මුදලක් වැටුප ලෙස, එනම් මසකට රු.30,000ක මුදලක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.  එම පුද්ගලයාටම වාහනය ධාවනය පුරුදු කරවිමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එමගින් වියදම අවම කරගත හැකිය.

ඔබට දිනක හෝ කිහිපයක වැටුප වෙනුවන් දායකත්වය දැක්විය හැක.

Our Cameraman/ Office assistant is a very devoted person. He entitled for leave only in every 3 months and he works for 24 hours. He joined us as a volunteer officer. No person can work in that capacity for a long period as he also has other commitments in his life. Therefore, we are hoping to pay him Rs.1000 per day (Rs.30,000 per month). And expecting to train him to drive our vehicle so with that we can minimize the expenses. You can contribute for one day or more please.

tyre small

සෙනෙහසේ වාහනයේ ටයර් වෙනුවෙන් දායකත්වය දක්වන්න (Contribution for tires for the vehicle)

අප වාහනය ධාවනය කරන්නේ ඉතාමත් දුෂ්කර පාරවල් වලය. සමාජසත්කාර පදනම සතු වන්නේ Toyota Aqua GSport වාහනයක් (පරිත්‍යාගයකි) වන අතර එය වසරකට කිලෝමීටර් 120,000 උපරිම දුරක් ධාවනය කරයි. ගල්, බොරළු සහිත පාරවල් වල ධාවනය කරන බැවින් එහි ටයර් 4 වැඩි කලක් යාමට මත්තෙන් ගෙවෙන අතර සැමවිටම පාහේ සිදුවුයේ ටයරය පුපුරා යාමයි. සාමානයෙන් මාස 4කට වරක් හෝ ටයර් 4ම මාරු කිරිමට සිදුවේ.

එක ටයරයක් වෙනුවෙන් රු.19,500ක් වැයවන අතර ඔබට හැකි පමණින් දායක විය හැක.

Most of the time we travel on very rough roads. Our vehicle (Toyota Aqua Sports – a donation) travels over 120,000 Km  per year. As it travels on gravel rough roads the tire wastage is very high. Most of the time the problem we had to face was tire bursts. Usually we must change all 4 tires every 4 months. The cost of a tire is Rs.19,000. You can contribute anyway possible.

 

service small

සමාජසත්කාර වාහනය සර්විස් කිරීම වෙනුවෙන් දායකත්වය දක්වන්න (Contributions for servicing the Samajasathkara vehicle)

අපගේ වාහනය දින 365 පුරා ශ්‍රී ලංකාවේ අසරණ අය සොයාගෙන සංචාරය කරන අතර වසරකට කිලෝමීටර් 120,000 ආසන්න දුරක් සංචාරය කිරීමට සිදුවෙනවා. වසරකට වාහනය 15-24 වාර ප්‍රමාණයක් සර්විස් කිරීමට සිදුවෙනවා. එක සේවා වාරයක් වෙනුවෙන් රු.18,500 – 23,000 අතර මුදලක් වැය වෙනවා.

ඔබටත් හැකි ආකාරයට මේ වෙනුවෙන් දායකත්වය දැක්විය හැක.

Our vehicle runs for 365 days throughout the country. In one year, it travels over 120,00 Km. We must get it services 15-24 times per year. The cost of each service is Rs.18,500.  You can help us anyway possible.

 

donate

පදනමේ වෙනත් වියදම් වෙනුවෙන් දායකත්වය දක්වන්න (Contributions for other expenses)

සමාජසත්කාර පදනම යනු රජයේ ලියාපදිංචි තනි පුද්ගලයෙකු විසින් ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සිදු කරගෙන යනු ලබන වසර 14ක ඉතිහාසයක් ඇති දේශීය, විදේශීය සම්මාන වලට පාත්‍ර වූ පදනමකි. එම පදනම වෙනුවෙන් ඔබට ඕනෑම අවස්ථාවක ඉහත සදහන් නොවන වෙනත් හේතුන් වෙනුවෙන් පරිත්‍යාගයක් සිදුකල හැක. උදා: කාර්යාලීය  උපකරණ, පරිගණක

ඔබට හැකි අයුරින් පරිත්‍යාගයක් කරන්න.

This voluntary service organization is Government registered, is run by a single person for 14 years, with the help of Facebook friends. It has received local and international awards. You can help in other ways like office equipment, computer etc. Please contribute in any way possible.