Select Page

GiveLife.lk Organ Donation Platform

ජීවත්ව සිටියදී හෝ මරණින් මතු ශරීර අවයව දන්දීම සදහා සහ සැත්කම් හෝ විවිධ රෝගාබාධ සදහා අරමුදල් එකතු කිරීම වෙනුවෙන් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත. (The system is designed to raise funds for surgery or various ailments while still alive or after death.)

givelife profile

Visit Website
https://www.givelife.lk

Nowadays people have to face lot of problems in finding blood and kidneys for the needed patients. People die because of lack of kidneys and blood, due to obstacles of find correct kidneys or blood sample within their due time. As a remedy, for the first time in Sri Lanka an Online Donor Bank was created with the help of people who like to donate blood and kidneys.

Through this if someone is in need of Kidney or blood, We help you to find a suitable donor with correct kidneys or blood. What you have to do is that contact the 24 hours active help line. You are not limited to donate blood and kidneys but also your hair for cancer patients and breast milk. Further more people can also agree to donate parts of the body, after their death. For that we are coordinating with relevant institutions.

අද බොහොමයක් රෝගීන්ට වකුගඩු හෝ රුධිරය අවශ්‍ය වූ විට එය සොයාගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ. නියමිත වේලාවට පෙර මේවා සොයාගැනීමට නොහැකිව රෝගීන් මරණයට පත්වන අවස්ථාද ඇත. එයට පිළියමක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට වකුගඩු හා රුධිරය පරිත්‍යාග කිරිමට කැමති දායකයින්ගේ අන්තර්ජාල දත්ත බැංකුවක් (Online Donor bank) මෙලෙස නිර්මාණය කරනු ලැබුවා. මෙමගින් යම් අයෙක්ට වකුගඩු අවශ්‍යතාවයක් ඇතිවූ විට අපගේ පැය 24 පුරා ක‍්‍රියාත්මක Help Line එකට ඇමතුමක් ලබාදී ඔවුන්ට ආසන්නයේම සිටින දායකයින්ගේ විස්තර ලබාගත හැකිය. රුධිරය සදහා වෙබ් අඩවියෙන්ම දායකයෙක් සොයාගත හැක.

ජිවත්ව සිටින විටදී රුධිරය, වකුගඩු වලට අමතරව පිළිකා රෝගීන් සදහා කෙස් කළඹ පරිත්‍යාග කිරීම, මව් කිරි පරිත්‍යාග කිරීමද සිදුකල හැක. මරණින් පසු ඇස් සහ සම්පුර්ණ ශරීරයම පරිත්‍යාග කිරීමට අදාළ ආයතන සමග සම්බන්ධ කිරීමද සිදුකරනු ලබයි.

සැ.යු : මෙය 100‍% ම සමාජ සත්කාර කටයුත්තක් වන අතර කිසිම ආකාරයක මුදලක් අය කිරිමක් සිදු නොකෙරේ.