Select Page

Donate Your Voice (Voice/Audio Books Recording Program)

කථන ග්‍රන්ථ පටිගත කිරීමේ වැඩසටහන

blindreading
donate voice logo voice

කථන ග්‍රන්ථ (Voice/Audio Books)

මෙම ග්‍රන්ථ නිෂ්පාදනය වනුයේ මුද්‍රිත මාධ්‍ය කියවීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙනි. මෙහිදි සිදු වන්නේ මුද්‍රිත අකුරු/පොත් දෙනෙත් පෙනෙන පුද්ගලයෙකුගේ කට හඬ භාවිතා කරමින් පටිගත කිරිමයි. එසේ පටිගත කරනු ලබන හඬ ඩේසි තාක්ෂණයට අනුව කථන ග්‍රන්ථයක් බවට පත් වේ.

එසේ පොත් පටිගත කල හැකිනම් දෙනෙත් නොපෙනෙන අයට පොත “අහන්න” පුලුවන්.

ඔබටත් සාමාන්ය හොඳ කටහඬක් තිබේනම් ඔබට පුලුවන් නිදහස් වෙලාවට ඔවුන් වෙනුවෙන් පොතක් කියවන්න. අපි ලබාදෙන මෘදුකාංගයෙන් ඔබට එය පටිගත කරන්න පුලුවන්. අපි ඒ සඳහා ඔබට අන්තර්ජාලය ඔස්සේ පුහුණුවක් ලබාදෙනවා.

ඔබට පහත දේවල් අවශ්ය වෙනවා…
?️ හොඳ කටහඬක්
?️ පරිගණකයක් (Windows)
?️ මයික්රොෆෝනයක්
?️ ඔබගේ කාලය

ඔබට මේ සඳහා වෘත්තීය කටහඬක් අවශ්ය නොවේ.

Narrator Community

ෆේස්බුක් /WhatsApp ඔස්සේ 7,000කට ආසන්න පිරිසක් දැනට මෙම වැඩසටහනට කැමැත්ත පළකර ඇත. මෙම වෙබ් පිටුව සම්පුර්ණයෙන්ම කියවා ඔබට මෙහි සදහන් කර ඇති සුදුසුකම් තිබෙනවානම් පමණක් පහත ඇති ෆෝරමය පුරවා ඔබගේ කඩහඬ සාම්පලයක් නැවත අප වෙත එවන්න කාරුණික වන්න. 

Sinhala Narrators

Tamil Narrators

English Narrators

Subject Experts

Professional Narrators

විවිධ ක්ෂේත්‍ර සඳහා අප බලාපොරොත්තු වන ආදර්ශ හඬ පටවල් 

විවිධ ග්‍රන්ථ සඳහා විවිධ උච්චාරණ ශෛල භාවිතා කල යුතුය. පහත දක්වා ඇත්තේ අප විසින් දැනට තෝරාගත් හඬකි. ඔබේ හඬත් ආදර්ශ හඬක් ලෙස වෙබ් අඩවියේ පලකිරීමට කැමතිනම් පහත ෆෝරමය පුරවන්න. පිරවීමේදී එම ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්තයක කොටසක් පටිගත කර එවීමට කාරුණික වන්න. අදාළ ආදර්ශ පටිගත කිරීමට භාවිතා කරන ලද  ග්‍රන්ථ වල අයිතිය එම කතෘ සහ ප්‍රකාශන සමාගම සතුය. මෙය උදාහරණයක් පමණි. කටහඩ අදාළ පුද්ගලයාගේ අවසරය මත වෙබ් අඩවියේ පළකර ඇත. ඔබව තෝරාගත් පසු යම් පොතක් පටිගත කරනවානම් අප විසින් කතෘ ගෙන් අවසර ලබාගත් පොත් පමණක් පටිගත කල යුතුය. 

natasha fernando

ළමා කතන්දර පොත්

by Natasha Abeysekera

වෙබ් අඩවියේ පළකිරීමට ආදර්ශ හඬ එවීමේ ෆෝරමය 

මෙය ලියාපදිංචි ෆෝරමය නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබට විශිෂ්ට හඩක් තිබෙනවා යැයි ඔබ සිතනවානම් පමණක් මෙය පුරවා එවන්න. මෙය අනෙක් අයට හඬ සාම්පල පෙන්වීමට හඬ ලබාගැනීමට නිර්මාණය කර ඇති ෆෝරමය වේ. ලියාපදිංචි වීමට වෙබ් අඩවියේ පහතට යන්න. 

ලියාපදිංචි ෆෝරමය පිරවීම සඳහා උපදෙස් 

ඔබට මේ සඳහා ඔබගේ නිදහස් කාලය වෙන් කල  හැකිනම්, උපරිම දින 90ක් ඇතුලත සම්පුර්ණ පොතක් පරිගණකයක් ඔස්සේ අප ලබාදෙන මෘදුකාංගය හරහා පටිගත කර දීමට හැකිනම් පමණක් පහත ෆෝරමය පුරවා ඔබගේ කටහඬ අපවෙත එවන්න. මෙම වෙබ් අඩවිය හරහා කටහඬ පටිගත කිරීම තරමක් සංකීර්ණ ක්‍රියාවකි. නමුත් ඔබ එම ක්‍රියාව අනිවාර්යයෙන්ම කලයුතු වන්නේ ඔබට මෙහි ඇති සුළු තාක්ෂණික ක්‍රියාවන් කිහිපය සිදුකිරීමට අපහසුනම් ඔබට පරිගණකය ඔස්සේ අප ලබාදෙන මෘදුකාංගයෙන් පටිගත කිරීම සිදුකිරීම අපහසු විය හැකි බැවිනි. මෙම වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී ඔබගේ කටහඩ හරි ආකාරයට අප වෙත එවනු ලැබුවහොත් ඔබ පළමු සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වේ. WhatsApp ඔස්සේ එවනු ලබන කටහඬ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් නොලබන බව කරුණාවෙන් සලකන්න. 

ඔබගේ ස්මාර්ට් දුරකතනයෙන් කටහඬ සාම්පලයක් පටිගත කර එවීමට උපදෙස් 

ඔබ  අඩවියට පිවිසුනේ Donate Voice ෆේස්බුක් පිටුවේ SignUp බොත්තම හරහානම් බොහෝවිට මෙම වෙබ් අඩවිය විවෘත වී ඇත්තේ “Facebook Mobile Browser” එකෙනි. එමගින් සෘජුව හද පටිගත කල නොහැක. පැහැදිලිව මෙම උපදෙස් පිළිපදින්න. 

1. වෙබ් අඩවිය විවෘත වී ඇත්තේ “Facebook Mobile Browser” එකෙන්නම් ඔබට පහත ෆෝරමයට ඔබගේ කඩහඬ අප්ලෝඩ්  කිරීමට පෙර ඔබේ දුරකතනයේ Voice Recorder අප එක හරහා ඔබේ කටහඬ පටිගත කර සේව් කල යුතුය. එකක් හෝ කිහිපයක් පටිගත කරගන්න. “Facebook Mobile Browser” එකෙන් ඔබේ ගැලරිය විවෘත වූ පසු ඔබට ඒවා තොර අප්ලෝඩ් කල හැක.

2. නොඑසේනම් ඔබට “Facebook Mobile Browser” එකෙහි ඉහල දකුණු කෙළවරෙහි ඇති … (තිත් 3ක ලකුණ) ඔබා Open with… යන්න තොරා එයින් Google Chrome යන්න තෝරා Always යන්න තෝරන්න. සමහර විට … (තිත් 3ක ලකුණ) එබූ විට කෙලින්ම Open in Chrome යන්න තේරිය හැක.

3. ඉන්පසු කටහඬ Upload කරන බොත්තම එබූ විට “Choose an action” යන මෙනු එකෙන් Voice Recorder තෝරන්න. රතු බොත්තම ඔබා පටිගත කරන්න.  අවසන් වූ පසු Done ඔබන්න. තවත් හඬ පටයක් එවීමට අවශ්‍යයි නම් ඉහත 3 වැනි පියවර නැවත කරන්න.

Register – Online Audition (කටහඬ පරික්ෂාව සඳහා ලියාපදිංචි වන්න)

සිංහල, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, බුද්ධ ධර්මය, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව, මනෝ විද්‍යාව, ජිව විද්‍යාව ආදී...

මෙම වැඩසටහන ගැන ඔබට හැඟෙන දේ උපරිම විනාඩි 2ක් ඇතුලත ඔබ කැමති භාෂාවකින් පටිගත කරන්න. භාෂා දෙකකින් හෝ වැඩි ප්‍රමාණයකින් එවනවානම් එකක් අවසන් වූ පසු නැවත ඉහත අප්ලෝඩ් බොත්තම ඔබන්න.
ඔබට ගීත ගායනා කිරිමේ හැකියාව තිබේනම් එයද ගායනා කර අප්ලෝඩ් කරන්න.

තාක්ෂණික තොරතුරු 

ඩේසි තාක්ෂණය – DAISY (Digital Accessible Information System)

  1. කථන ග්‍රන්ථය පටිගත කිරීම සංස්කරණය කිරීම පහසු වෙයි.
  2. පිටු අංක, මාතෘකා, පරිච්ඡේද වැනි ග්‍රන්ථ සැකැස්ම වෙත ක්ෂණිකව ළඟා විමේ හැකියාව.
  3. සිඩී, ඩීවිඩී, පෙන් ඩ්‍රයිව් වැනි ඕනෑම ශ්‍රවණ මාධ්‍යයකින් මෙම ග්‍රන්ථය ඇසීමට හැකි වීම.
  4. ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව මෙම කථන ග්‍රන්ථය සැකසීම.

වැඩි දුර තොරතුරු සඳහා – https://en.wikipedia.org/wiki/Digital_Accessible_Information_System

Donate Voice වැඩසටහනේ අරමුණ

දැනට ශ්‍රි ලංකාව තුළ මුද්‍රිතව පවතින ග්‍රන්ථ සංඛ්‍යාව ලක්ෂ පනහ ඉක්මවා ඇත්නම් (5,000,000) මේ වන විට එයින් කථන ග්‍රන්ථ බවට පත් ව ඇත්තේ තුන්දහසකට (3000) අඩු පොත් ප්‍රමාණයකි. මෙම පරතරය ඇති වීමට බලපාන මූලික සාධක කිහිපයක් පවති.  එනම්,

  1. මුද්‍රිත පොතක් සමඟ ශ්‍රවණ ග්‍රන්ථය නිෂ්පාදනය නොවිම.
  2. බ්‍රේල් ග්‍රන්ථ මුද්‍රණය සඳහා මුද්‍රිත ග්‍රන්ථයට සාපේක්ෂව විශාල මුදලක් වැය වීම.
  3. ශ්‍රවණ ග්‍රන්ථ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම අවම වීම සහ මුලික වශයෙන් මේ සඳහා යම් මුලික පිරිවැයක් වැය කිරීමට සිදුවීම .
  4. මෙරට කථන ග්‍රන්ථ නිෂ්පාදනය සඳහා පවතින ආයතන මඟින් ප්‍රමාණවත් කථන ග්‍රන්ථ නිෂ්පාදනය නොවීම.

මෙවැනි කරුණු මඟ හරවා ගනිමින් කථන ග්‍රන්ථ යම් ප්‍රමාණයක් දෘෂ්ටි ඌනතා සහිත පාඨකයන් වෙත ලබා දීම මෙම වැඩසටහනේ මුලික අරමුණයි.

වැඩසටහන් සැලැස්ම 

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ අවසන් කරන ලද සැලසුම්

  1. ස්වෙච්ඡාවෙන් තම කට හඬ මේ සඳහා ලබා දීමට කැමති පිරිසක් එක් රැස් කර ගැනීම.
  2. මෙම කාර්යයට පහසුවෙන් සියලු දෙනා එක් රැස් කර ගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.

තවමත් ක්‍රියාත්මක නොකරන ලද සැලසුම් 

  1. කථන ග්‍රන්ථ නිර්මාණය කරන ආයතන සමග සාකච්ඡා කිරීම සහ ගිවිසුම් වලට  එළඹීම.
  2. කථන ග්‍රන්ථ නිර්මාණය පිලිබදව පුහුණු වැඩමුළුවක් හරහා අදාළ දැනුම ලබාගැනීම.
  3. කථන ග්‍රන්ථ නිර්මාණය පිලිබදව උපදෙස් ඇතුලත් වීඩියෝ Tutorial නිර්මාණය කර ඒවා වෙබ් අඩවියට ඇතුලත් කිරීම.
  4. කතෘවරුන් සහ ප්‍රකාශකයින් සමග ගිවිසුම් වලට එළඹීම.
  5. කතෘවරුන්ගේ අවසරය මත පටිගත කිරීමට අවශ්‍ය මුද්‍රිත ග්‍රන්ථයේ විස්තර වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම.
  6. ග්‍රන්ථ පටිගත කිරිමට කැමති පුද්ගලයින් වෙබ් අඩවිය හරහා ලියාපදිංචි කර ගැනීම.
  7. වෙබ් අඩවිය මඟින් පොත කියවන තැනැත්තා තෝරා ගත් ග්‍රන්ථය ඔහුගේ නිවසට තැපැල් කිරීම. (ඔහු/ඇය තැපැල් කරන ලෙස ඉල්ලීම් කළහොත්)
  8. ග්‍රන්ථය පටිගත කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපත සහ විද්‍යුත් පිටපත ගෙන්වාගෙන විද්‍යුත් පිටපත සංස්කරණය සඳහා යොමු කිරීම.
  9. කථන ග්‍රන්ථයක් නිර්මාණය කිරීම. (මෙම අවසන් පියවර සාමාන්‍යයෙන් 2020 වසරේ මැයි මාසය පමණ වනවිට සම්පුර්ණ කරගැනීමට හැකිවේයැයි අප බලාපොරොත්තු වේ)

මුල්‍ය ප්‍රතිපාදන / ආධාර මත සිදු කිරීමට බලාපොරොත්තු වන සැලසුම් 

  1. මෙම වැඩසටහනේ වෙබ් අඩවිය නිර්මාණය, අවශ්‍ය plug-ins මිළදී ගැනීම, ඩොමේන් සහ හොස්ටින් පිරිවැය සොයාගැනීම, පුහුණු වැඩමුළු සහ  දෘඩාංග වලට යන පිරිවැය ෆේස්බුක් ඔස්සේ සොයාගැනීම.
  2. වෙබ් අඩවිය මඟින් පොත කියවන තැනැත්තා තෝරා ගත් ග්‍රන්ථය ඔහුගේ නිවසට තැපැල් කිරීමට යන පිරිවැය සොයාගැනීම (ඔහු/ඇය තැපැල් කරන ලෙස ඉල්ලීම් කළහොත්)
  3. සංස්කරණය කරන ලද කථන ග්‍රන්ථය වෙබ් අඩවිය වෙත එක් කිරීම. (Audio ඇතුලත් වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට විශාල පිරිවැයක් වැයවේ.  ඒ සදහා ප්‍රතිපාදන නොමැති වුවහොත් ග්‍රන්ථ ලැයිස්තුව පමණක් වෙබ් අඩවියට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වේ)
  4. පුස්තකාල සාමාජිකයෙකු ලෙස බ්‍රේල් සහ කථන ග්‍රන්ථ අංශයේ ලියාපදිංචි වී ඇති සාමාජික තොරතුරු මෙම වෙබ් අඩවියට එක් කිරීම/සම්බන්ධ කිරීම.
  5. තම සාමාජික තොරතුරු ඇතුලත් කොට දෘෂ්ටි ඌනතා සහිත පාඨකයාට අවශ්‍ය කථන ග්‍රන්ථය ශ්‍රවණය කිරීමට සහ බාගත කිරීම.
  6. අන්තර්ජාල පහසුකම් නොමැති පාඨකයන් වෙත ශ්‍රවණ ග්‍රන්ථ තැපැල් මඟින් යොමු කිරීමට අවශ්‍ය තැපැල් ගාස්තු සොයාගැනීම.
  7. දෘෂ්ටි ඌනතා සහිත අඩු ආදායම්ලාභී දරුවන්ට DAISY Player සහ අප විසින් නිෂ්පාදිත කථන ග්‍රන්ථ ඇතුලත් සීඩී පට, චිප් (memory card) පරිත්‍යාග කිරීම. DIASY Player සඳහා යන පිරිවැය වැඩිනම් MP3 Players, Portable CD Players, Pen හෝ චිප් භාවිතා කළහැකි Bluetooth Speakers පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ.

ඉහත සැලැස්මේ ඇති අවසන් කරුණ දෙවෙනි පියවරක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි අතර පුස්තකාල මට්ටමින් මෙම කථන ග්‍රන්ථ නිකුත් කිරීම මුලික පියවර වේ.

සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී දෙපාර්ශවයේ ම අවධානය යොමු විය යුතු කරුණු

  • මූලික වශයෙන් ම මෙය ලාබ නොලබන පදනමින් සිදු විය යුතුය.
  • මෙම ග්‍රන්ථ පටිගත කිරීමට ඉදිරිපත්වන පිරිස නොමිලේ තම ශ්‍රමය මීට ලබා දෙන බැවින් මෙම ග්‍රන්ථ පාඨකයන් වෙත නොමිලේ ලබා දිය යුතුවේ. නමුත් මුලික පිරිවැය සොයාගැනීමට ක්‍රමයක් දියත් කල යුතුය. 
  • වෙබ් අඩවියක් නිර්‍ර්මාණය කරමින් අදාල ග්‍රන්ථ මිලදී ගැනීමට වැය වන මුදල් පරිත්‍යාගශිලීන්ගෙන් විනිවිද භාවයකින් යුතුව ලබාගත යුතුවේ.
  • මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙ දි මූලික වශයෙන් සම්බන්ධවන පාර්ශව සමග ලිඛිත ගිවිසුම් වලට එළඹිය යුතුය.
  • වෙබ් අඩවියේ මෙම වැඩසටහනට සහයෝගය දක්වන ආයතන පිලිබඳ විස්තර අඩංගු කිරීමට බලාපොරොත්තු වේ.
  • අදාල ග්‍රන්ථ් පුස්තකාල සාමාජිකත්වය මත නිකුත් කිරීම සිදුවිය යුතුවේ.
  • පටිගත කරන ලද හඬවල් සංස්කරණය කර වෙනත් හඬවල් සහ දෙබස් කාණ්ඩ ආදිය නිර්මාණය නොකරන බවට හඬ ලබාදෙන අයට සහතික වීම සිදුකල යුතුය.

VoiceBooks වැඩසටහන ආරම්භ කල පසු සිදුකල යුතු ක්‍රියාපටිපාටිය 

වැඩසටහන ආරම්භ කල පසු අවසරලත් පොත් වල පිටකවරයේ ඡායාරුපයක් පහත කොටසෙහි සදහන් කිරීමට බලාපොරොත්තු වේ.  එහි යම් අයෙක් පටිගත කිරීමට භාරගත්/පොරොන්දු වූ පොත් වල පිටකවරය කලුසුදු වර්ණයෙන් සහ එහි Opacity එක අඩුකර පෙන්වයි. ඒවා ඔබට නැවත භාරගත නොහැක.
වර්ණ පිටකවර සහිත පොත් ක්ලික් කර ඔබට ඒවා පටිගත කිරීමට භාරගත හැක. පහත දක්වා ඇත්තේ උදාහරණ බව කරුණාවෙන් සලකන්න. තවම මෙම වැඩසටහන ආරම්භ කර නොමැත. එම පිටකවර වල අයිතිය එම කතෘවරුන් සහ ප්‍රකාශකයින් සතුවේ. 

ආරම්භ කරන තුරු ඔබ ලියාපදිංචි වී අප සමග රැඳී සිටින්න. වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම කියවා දැනුම ලබාගන්න.

පටිගත කිරීමට භාරගත හැකි පොත් ලැයිස්තුව (උදාහරණයක් පමණි)

පටිගත කිරීම සඳහා පොතක් වෙන් කරගැනීමේ ෆෝරමය
(Reserve a Book) – Sample Form

තවම මෙම වැඩසටහන ආරම්භ කර නොමැත.  පහත දක්වා ඇත්තේ වැඩසටහන ආරම්භ කල පසු “පටිගත කිරීමට පොතක් වෙන් කරවා ගැනීමේ ෆෝරමයයි” ඔබට අදහසක් ගැනීමට එය පළකර ඇත. 

පෞද්ගලික තොරතුරු

ඔබ මෙම වැඩසටහනට තෝරාගනු ලැබුවහොත් පටිගත කලයුතු පොත්වල මුද්‍රිත පිටපත් මෙම ලිපිනයට එවනු ලැබේ.

වෙන්කරගන්නා පොතට අදාල තොරතුරු

ඔබට එක පොතක් පටිගත කිරීමට උපරිම මාස 3ක කාලයක් හිමිවේ. මාස 3කට වඩා කාලයක් අවශ්‍යයි නම් අපට ඇමතුමක් මගින් ප්‍රථමයෙන් දැනුම්දෙන්න.

කටහඬ පටිගත කිරීම සඳහා අවශ්‍ය  මෘදුකාංග සහ  උපාංග
(System Requirements, Softwares & Equipment)

eight col clock

කාලය (Time)

මෙම වැඩසටහන සඳහා මුලිකවම ඔබට කාලය අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් එක් ග්‍රන්ථයක් වෙනුවෙන් උපරිම දින 90ක කාලයක් අප ලබාදේ. ඔබට නිවසේ සිටම මෙය සිදුකල හැක. අපගේ පටිගත කිරීමේ පහසුකම් සහිත Studio කිසිවක් නොමැත. නමුත් ඔබට Studio එකක් තිබේනම්  හෝ ඔබ මාධ්‍ය ආයතනයක සිටින අයෙක්නම් ඔබගේ Studio එක සහ උපකරණ නිදහස් වෙලාවට අපට ලබාදිය හැක. 

නිවසක සිදුකරනවානම් නිදහස්, නිශ්ශබ්ද  පරිසරයක පටිගත කිරීම් කටයුතු කල යුතුය. දරුවන්ගේ/සතුන්ගේ හෝ වාහන වල ශබ්ද නොමැති නිස්කලංක වෙලාවක් තෝරාගෙන පටිගත කිරීම් කරන්න.

pexels photo 927022 1

පරිගණකයක් (Computer)

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය (Windows Operating System) ස්ථාපනය කර ඇති ඩෙස්ක්ටොප් (Desktop Computer) හෝ ලැප්ටොප් පරිගණකයක් (Laptop) මේ සඳහා අවශ්‍ය වේ. ස්මාර්ට් ජංගම දුරකථන (Smart Phone) භාවිතයෙන් කටහඬ පටිගත කල නොහැක.

Windows 7/8/10 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් මේ සදහා අවශ්‍ය වේ.

2.0 GHz dual core processor, 4 GB RAM සහ පටිගත කරන පොත් තැන්පත් කිරීමට ප්‍රමාණවත් ඉඩක් පරිගණකයේ තිබිය යුතුය. අවම 2 GB RAM එකක් තිබිය යුතුය.

lead 060220192033 96347

කථන ග්‍රන්ථ පටිගත කරන මෘදුකාංගය  
(Audio Book Production Tool)

OBI යනු අවම  පුහුණුවකින් DAISY  ප්‍රමිතීන්ට අනුකූල වන ඩිජිටල් කථා පොත් නිෂ්පාදනය කිරීමට ඉඩ සලසන Open Source  ශ්‍රව්‍ය පොත් නිෂ්පාදන මෙවලමකි.  ඉදිරි සති කිහිපය ඇතුලත ඔබට මෙම මෘදුකාංගය භාවිතා කරන ආකාරය  පිළිබදව ඔන්ලයින් පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වේ. එතෙක් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගැනීම අවශ්‍ය නොවේ. 

headset wearing 1

මයික්රොෆෝනයක් (Microphone)

කටහඬ පටිගත කිරීමට පරිගණකය හා සම්බන්ධ කල හැකි මයික්රොෆෝනයක් (Microphone) අවශ්‍ය වේ. පැහැදිලිව ඔබේ හඬ පටිගත කිරීමට මෙය අනිවාර්යය වේ. ඔබ සතුව දැනට මයික් එකක් නොමැතිනම් පහත ලින්ක් ඔස්සේ මයික් එකක් අන්තර්ජාලය ඔස්සේම ඇනවුම් කරගන්න ඔබට පුළුවන්. 

A4 Tech HS-5P Head Phone (6M)

3.5mm Earphone සහ Microphone Plug එකක් මෙම හෙඩ්ෆෝන් එක සතුවේ. ඔබගේ පරිගණකයේ හෝ ලැප්ටොප් එකෙහි හෙඩ්ෆෝන් එක සදහා Audio Input 2ක් තිබේනම් ඔබ මිළදී ගත යුත්තේ මෙම හෙඩ්ෆෝන් එක වේ.
Barclays.lk වෙබ් අඩවිය හරහා ඔබට මෙම Headphone එක ඇනවුම් කල හැක.

රු.1,500

A4 Tech HS-30 i Head Phone (6M)

3.5mm Plug එකක් මෙම හෙඩ්ෆෝන් එක සතුවේ. ඔබගේ පරිගණකයේ හෝ ලැප්ටොප් එකෙහි හෙඩ්ෆෝන් එක සදහා Audio Input 1ක් තිබේනම් ඔබ මිළදී ගත යුත්තේ මෙම හෙඩ්ෆෝන් එක වේ.
Barclays.lk වෙබ් අඩවිය හරහා ඔබට මෙම Headphone එක ඇනවුම් කල හැක.

රු.1,950

A4 Tech MI-10 Micro phone(6M)

3.5mm Plug එකක් මෙම මයික්  එක සතුවේ. ඔබගේ පරිගණකයේ හෝ ලැප්ටොප් එකෙහි Audio Input එකට මෙම මයික්‍රෆෝනය සවිකර භාවිත කල හැක. 
Barclays.lk වෙබ් අඩවිය හරහා ඔබට මෙම Microphone එක ඇනවුම් කල හැක.

රු.950