Select Page
ස්වාමීන් වහන්සේලා 50 නමකට දානය සඳහා වියළි ආහාර පූජා කරමු

අති දුෂ්කර ප්‍රදේශයක් වන පුත්තලම, කිවුල ශ්‍රී ඥාණෝදය පිරිවෙනෙහි වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් දානය සදහා වියළි ආහාර පූජා කරන්න එකතු වෙන්න.

ස්වාමීන් වහන්සේලා 50 නමකට දානය සඳහා වියළි ආහාර පූජා කරමු

20190125130851 IMG 3978

කිවුල, ධර්මවිජයාරාමය / ශ්‍රී ඥාණෝදය පිරිවෙන තුළ 50 කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩවාසය කරන අතර දිනකට හාල් කිලෝ 35-40ක් අතර ප්‍රමාණයක් දානය සඳහා අවශ්‍ය වෙනවා. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මේ ගමෙහි බොහොමයක් සිටින්නේ අඩු ආදයම්ලාභී පවුල් බැවින් ඔවුන්ටද සැමදාම දානය පිළිගැන්වීම තරමක් අපහසුයි.

කුරුණාගල සිට එන විට ආණමඩුව පසුකර කිලෝමීටර් 15ක් පමණ ගිය තැන හමුවන ගල්කුලම හන්දියෙන් වමට ඇති පාරේ කිලෝ මීටර් 3 1/2ක් ගිය තැන කිවුල අංක 4, කොට්ටුකච්චිය ගමේ මේ ධර්මවිජයාරාමය පන්සල පිහිටා ඇත.

අති දුෂ්කර ප්‍රදේශවල දෙමාපියන් නොමැති අසරණ දරුවන් සහ පාසල් වලින් ඉගෙනීමට උනන්දු නැතැයි කියා ඉවත් කල දරුවන් බොහොමයක්ද මේ පිරිවෙනේ දැන් ඉගෙනුම ලබනවා. ඔවුන් දැන් ඉගෙනීමට බෙහෙවින් උනන්දුවක් දක්වන බවද පන්සලේ ස්වාමීන්වහන්සේ නමක් අපට කියා සිටියා. පැවිදිව සිටින අනෙක් සාමනේර ස්වාමීන්වහන්සේලාද ලංකාවේ විවිධ දුෂ්කර ප්‍රදේශවලින් පැමිණි අය වන අතර සියලුම බාධක හමුවේ උන්වහන්සේලාට ඉගැන්වීම් කටයුතු කිරීමට එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ මහත් වෙහෙසක් දරනවා.

සාමාන්‍යයෙන් දානය නොලැබුනහොත් මාසයකට සහල් කිලෝ 1000-1200ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් සැමදාම දානය නොලැබී තිබෙන්නේ නැහැ කියලා තමයි එහි වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේ නමක් අපට පවසා සිටියේ. එම නිසා අප දැනට අවශ්‍ය අවස්ථාවන් වලදී ප්‍රයෝජනයට ගැනීමට අවස්ථා දෙකකදී සහල් පූජා කිරීමට බලාපොරොත්තුව වනවා. සහල් උපරිම කිලෝ 1000ක්, කිරිපිටි පැකට්, තේකොල, සීනී සහ බිස්කට් ලැබෙන ප්‍රමාණය අනුව  පූජා කරන්න බලාපොරොත්තුව වනවා. 

ඔබට හැකි නම් ඒ ස්වාමීන් වහන්සේලා උදෙසා වියලි ආහාර පුජා කර පින් රැස් කරගන්නා මෙන් ඉල්ලා සිටිමී. තෙරුවන් සරණයි….

ඡායාරූප ඇල්බමය

ඡායාරූප ඇල්බමයේ සියලුම ඡායාරූප නැරැඹීමට පිළිවෙළින් ඉහත අංක හෝ Next යන්න ඔබන්න.

PROJECT DETAILS

කිවුල පන්සල – වියළි ආහාර පූජා 2019

Post Date : 2019 February 12
Project Code : 2019-FEB-PUT-0002
ව්‍යාපෘතියට මුදල් තැන්පත් කල හැකි අවසාන දිනය : 2019 February 26 (දින 14ක් ඇතුලත)

 

ඔබට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට තව ඇති දින ගණන

Day(s)

:

Hour(s)

:

Minute(s)

:

Second(s)

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. ව්‍යාපෘති කිහිපයකට සම්බන්ධ වන්නේ නම් ඒවා වෙන වෙනම තෝරා විස්තර සම්පූර්ණ කල යුතු අතර මුදල් තැන්පත් කිරීමේදී එකවර තැන්පත් කල හැක.  මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.

ඉහත ව්‍යාපෘති වලින් එකක් හෝ කිහිපයක් තෝරාගන්න. අවශ්‍ය රූපය මත ක්ලික් කර උපදෙස් පිළිපදින්න.

Contact Us

Ask a question or book an appointment below. For emergencies chat with us by clicking below “Chat / චැට් කරන්න – සමාජසත්කාර ගැන දැනගන්න” icon.

(94) 70 33 66 488

SamajaSathkara.lk, Koskolawatta, Hunuwala, Thulhiriya

info@samajasathkara.lk