Select Page
ගෙයක් ගෙයක් ගානේ ගොස් කන්න යමක් ඉල්ලාගෙන ජිවත්වෙන ආබාධිත අම්මා

ගෙයක් ගෙයක් ගානේ ගොස් කන්න යමක් ඉල්ලාගෙන ජිවත්වෙන ආබාධිත අම්මා

, ,

කිරිගල්වැව ඉන්න 69 වියැති K. Wimalawathi මව උපතින්ම ආබාධිතයි. ඇයට අපි වගේ ඇවිදින්න බැහැ. දෙපා වල තියෙන ආබාධය නිසා ඇයට ඇවිදින්න නම් වාරුවක් ඕනම වෙනවා. ඉතින් මේ අම්මට ඇවිදින්න වාරුවක් විතරක් නෙමෙයි සවියක් වෙන විදිහට රෝද තුනේ විශේෂයෙන් සකසන ලද රෝද පුටුවක් අපි පරිත්‍යාග කරා. මේ අම්මට සාමාන්‍ය රෝද පුටුවක් වැදගත් වෙන්නෙ නැත්තේ ඇය බොහෝ වෙලාවට ගෙයක් ගෙයක් ගානේ ගිහින් තියෙන විදිහට දෙයක් ඉල්ලගෙනයි එදා වේල හොයාගන්නෙ. ඉතින් ඒකට මහමඟ යන්න පුළුවන් විදිහේ රෝද පුටුවක් අවශ්‍ය වෙනවා. පුංචි පැලක ඇය ඇගේ දුවත් එක්ක මොනතරම් අපහසුතා මධ්‍යයේ ජීවත් වෙනවද කියලා ඔබට හිතාගන්න පුළුවන්නෙ. ඉතින් මේ උපකාරය ඇයට කෙතරම් වටිනවද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ කටයුත්ත වෙනුවෙන් අපි මේ විශේෂයෙන් සකස් කෙරූ රෝද පුටුව කොළඹ ඉඳන් මැදවච්චියට කිලෝමීටර් 270 ක දුරක් ලොරියකින් රැගෙන ගිහින් තමයි පරිත්‍යාග කරේ. ඒ කැපවීම තුළින් මේ මව ලබන පිහිට ගැන හිතද්දි දැනෙන සතුට අපමණයි.