Select Page

SamajaSathkara.lk Foundation | සමාජසත්කාර පදනම

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

Projects for Elders වැඩිහිටියන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ වැඩිහිටියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, සරම්, චීත්ත, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, බණපොත්, සිල් රෙදි, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, රේඩියෝ, විදුලි පන්දම් වැනි බොහෝ දේ ඔබට
පරිත්‍යාග කල හැක.

Projects for Kids දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, පාසල් උපකරණ, ඇදුම්, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, කතන්දර පොත්, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, සෙල්ලම් බඩු වැනි බොහෝ දේ ඔබට පරිත්‍යාග කල හැක.

Rescue Animals ජීවදාන ව්‍යාපෘතිය

Project “Second Chance” ජීව දාන | මරණයට කැපවුණු අසරණ ගවයින් ?  එළුවන් ? වැනි සතුන් බේරගන්න ඔබටත් දායක වෙන්න පුලුවන්.

Projects for Disabled ආබාධිත අය වෙනුවෙන් ව්‍යාපෘති

විවිධ වූ හේතූන් නිසා එක්තැන් වූ දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන  දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයින් හට රෝද පුටු,කිහිළි කරු,  වතුර මෙට්ට වැනි විකලාංග උපකරණ (Orthopedic Appliance) ලබා දීම.
 

Projects for Pregnant Mothers ගැබිණි මාතාවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුප්පත්, අසරණ අම්මා කෙනෙකුට හා අලුත ඉපදීමට සිටින බිළිඳාට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කට්ටලයක් පරිත්‍යාග කිරීමට අපත් සමඟ එකතුවෙන්න… 

Projects for Nature ස්වභාවධර්මය වෙනුවෙන් ව්‍යාපෘති

ස්වභාවධර්මය අපි රැකගන්න ඕන. ඒ වෙනුවෙන් අපිට පුලුවන් ගසක් සිටුවන්න, එහෙමත් නැතිනම් වන සම්පත රැකගන්න දායක් වෙන්න හෝ වැව් ආදී ස්ථාන පිරිසිදු කරන්න සහය වෙන්න.

Religious Projects ආගමික ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල විහාරස්ථාන වල යටිතල පහසුකම් ගොඩනගන්න ඔබටත් දායකත්වයි දක්වන්න පුලුවන්. 

samajasathkara logo small

SamajaSathkara.lk

Helping Everyone | Everyday | Everywhere
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් කරන සමාජ සත්කාරයකි.

Every day, SamajaSathkara.lk helps people in poorest communities in rural areas of Sri Lanka to survive and thrive. Linking kind hearted people with who are in real need. The beloved father of Danesh Maduranga Edirisooriya, Mr. B.H. Edirisooriya was in the view of helping out the needy, and during his lifetime he was engaged in such activities.
Danesh, following his fathers foot-steps along with his younger sister Nilanthi Edirisooriya (Vice President – SamajaSathkara.lk), came up this novel concept. Hence this idea was born in 2006.

Now Danesh working with facebook friends to enhance its services.

Facebook Crowd-Funding Organization

project Map small

Project Funded

ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි. 

We have been doing a lot of projects since 2006 through Facebook. Facebook friends have been contributing since 2012.

Beneficiaries

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත. 

With the help of Facebook friends, we have helped a lot of needy people.

Years Experience

වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු. 

SamajaSathkara.lk is the largest social media foundation in Sri Lanka with many years of experience. We are also the first registered foundation to do things that are good for the community through Facebook.

Donors & Volunteers Supported

ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.

A large number of people have contributed to our projects via Facebook.

ප්‍රතිලාභීන් ~ Beneficiaries  

සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 110,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න. (The number of beneficiaries under the program is over 110,000. We have conducted programs in almost every district of Sri Lanka. Read the post below to find out.)

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ වැඩවසන ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් වැසිකිළියක් සහිත නානකාමරයක් ඉදි කිරීම

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ වැඩවසන ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් වැසිකිළියක් සහිත නානකාමරයක් ඉදි කිරීම

ඊයේ අපි අනුරාධපුර ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ නානකාමරය ගොඩනැගීමට මුල්ගල් තැබුවා. අද දහවල් වන විට ටයිල් සහ නානකාමර උපාංග හැරෙන්න ගල්, වැලි, සිමෙන්ති ඇතුලු අනික් සෑම දෙයක්ම ගෙනත් අවසන්. වාර්තා කලේ - Rajangane Saddharathana Thero Location : අලුත්වැව,...

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම

ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් Slon PE+ 500l Water Tank එකක් පූජා කලා. ලඟක කොහෙවත් ටැංකි ගන්න තිබුණේ නැහැ. ඉන්පසු හික්කඩුවෙන් අපි ලෑන්ඩ් මාස්ටර් එකක...

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Donating a Sewing Machine

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Donating a Sewing Machine

ඔයාලට මතකයිනේ සේනපුර ඉන්න මේ අම්මයි, දුවයි. ඊයේ (මාර්තු 21) අපි මේ අයට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් මහන මැෂිමක් පරිත්‍යාග කලා. අම්මා ගොඩක් සතුටෙන්. උදව් කල හැමෝටම පිං දුන්නා. මහන්සි වෙලා පාගන්න බැරි නිසා අපි මෝටරයකුත් සවි කරලා දුන්නේ. ව්‍යාපාරයක් මූලිකව ආරම්භ කිරීමට...

විදේශිකයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් අසරණ පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

විදේශිකයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් අසරණ පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ඊයේ මම අනුරාධපුර සෙනෙහසේ චාරිකාවේ සිටින අතරතුර මට ෆේස්බුක් එකේ ඉන්න ග්‍රාම නිළධාරිතුමියකගෙන් ඇමතුමක් ආවා අපේ සමාජසත්කාර One Call | Does All Hotline එකට. ඇය මගෙන් ඉල්ලා සිටියා ඇගේ වසමේ ඉන්න අසරණ ඔත්පල තාත්තා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා. මම ඇයගෙන් එම පියාගේ සහ...

Mihiri Samarawardana අක්කාගේ උපන්දිනය වෙනුවෙන් පොඩි හාමුදුරු නමකට රෝද පුටුවක් පූජා කිරීම

Mihiri Samarawardana අක්කාගේ උපන්දිනය වෙනුවෙන් පොඩි හාමුදුරු නමකට රෝද පුටුවක් පූජා කිරීම

පසුගිය පෙබරවාරි 21 වැනිදා මිහිරි අක්කාගේ උපන්දිනය. ඒ වෙනුවෙන් ඇය මගෙන් ඉල්ලා සිටියා කාට හෝ රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා. මම එහිදී තෝරාගත්තේ අපේ "One Call | Does All" Hotline එකට ලැබුණු එක ඇමතුමකින් ඉල්ලා සිටියා හදිසි අනතුරක් නිසා තාවකාලිකව ආබාධිත වූ පොඩි හාමුදුරු...

දින 2ක් ඇතුලත පවුල් 10ක ජීවිත ආලෝකමත් කල ෆේස්බුක් මිතුරෝ | Project Donate a Light, Create a Bright

දින 2ක් ඇතුලත පවුල් 10ක ජීවිත ආලෝකමත් කල ෆේස්බුක් මිතුරෝ | Project Donate a Light, Create a Bright

අද පෙබරවාරි 29වන දින සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය/මාලිගාවිල අන්ත අසරණ පවුල් 6කට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා... ඊයේ 4ත් සමඟ අපි මෙවර දින 2ක් ඇතුලත පවුල් 10කට විදුලිය ලබාදුන්නා. වෙනදට අපිට Solar Panel එකක් සවි කිරීමට පැය 1 1/2ක පමණ...

Solar Panel එකක් පරිත්‍යාග කර ජීවිත ගණනාවක් ආලෝකමත් කල ෆේස්බුක් මිතුරියන් දෙදෙනා

Solar Panel එකක් පරිත්‍යාග කර ජීවිත ගණනාවක් ආලෝකමත් කල ෆේස්බුක් මිතුරියන් දෙදෙනා

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. කිලෝමීටර් 3ක් විතර ගමක් ඇතුලේ ඉන්නේ. ගොඩක් අසරණ පවුලක්. ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. Maheshi Yapa මිතුරිය සහ Manel Dammika මිතුරියන් දෙදෙනා එක්ව තමයි මේ පරිත්‍යාගය සිදු කලේ. දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව...

දරුවන් දෙන්නෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල නිලූපා අක්කා

දරුවන් දෙන්නෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල නිලූපා අක්කා

මේ පවුලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවන්ගේ පියා ගොවිතැන් කරන්නේ. ගොඩක් අසරණ පවුලක්. කඩා වැටුණු මැටි වලින් හදපු පුංචි පැලක මේ අය ඉන්නේ. ඡායාරූප වලින් පෙනේවි නිවසේ තත්වය. නිවසට දොර ජනෙල් නැහැ. කැලයක් මැද්දෙන් ගොඩක් දුර යන්න වුණා මේ නිවස සොයාගෙන. මගේ ෆේස්බුක් මිතුරියක්...

සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය අන්ත අසරණ පවුල්4ට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා

සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය අන්ත අසරණ පවුල්4ට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා

මීට කලින් අම්පාර, මහඔය පවුල් 3ට ලබාදුන් අතර, 2016 වසරේදී අපි තව පවුල් 93ට විදුලිය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා... ඔබටත් එක පවුලක හෝ කිහිපයක පිරිවැය දරන්න පුලුවන්. එක් නිවසක් සඳහා වියදම රු.12,000 (කොළඹින් කිලෝමීටර් 150ක දුරකට ප්‍රවාහන වියදමත් ඇතුළුව) Donate a Light,...

දරුවන් 3 දෙනෙක් ඉන්න පැල්පතක ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

දරුවන් 3 දෙනෙක් ඉන්න පැල්පතක ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවන්ගේ පියාගේ රැකියාව අහිමිවෙලා දැන් අත්වැඩ දෙනවා. දරුවන්ගේ ආච්චි අම්මත් මේ පැල්පතේමයි ජීවත් වෙන්නේ. ගොඩක් අසරණ පවුලක්. ලොකු දූට ලස්සනට විරිඳු කියන්න පුලුවන්. මගේ ෆේස්බුක් මිතුරියක් වන Dee Shwepps (දිලූපා) අක්කගේ පුතා නයිජල් විජේතිලක...

Sri Lanka’s First Charitable IT Company

මෙම වැඩසටහන Nano ThinkLabහි  ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් (CSR) ලෙස ආරම්භ විය. මුලදී එය “Nanoසත්කාර” ලෙස හැඳින්විණි. සමාගමේ ලාභයෙන් 85% ක් ව්‍යාපෘති සඳහා වෙන් කර ඇත. ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති සඳහා මෙතරම් මුදලක් වෙන් කළ පළමු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම මෙයයි. පසුව Nanoසත්කාර  SamajaSathkara.lk ලෙස නැවත නම් කරන ලදී. 2015 අපට එය පුණ්‍යාධාර සංවිධානය ලෙස ලියාපදිංචි කිරීමට හැකි විය. නමුත් එය තවමත් TechLabs හි අරමුදල් යටතේ පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ හොඳම ස්වේච්ඡා සේවකයකු / තරුණයෙකු වනධනේෂ් එදිරිසුරිය විසින් මෙය ආරම්භ කරන ලදී.

This movement started as a CSR project of Nano ThinkLab. Earlier it was called as NanoSathkara. 85% of  company’s profits were set aside for projects. This is the first Sri Lankan IT company allocate that much amount for it’s CSR projects. Later NanoSathkara rebranded as SamajaSathkara.lk. 2015 we could able to register it as separate entity, Charitable Organization. But its still maintain under TechLabs funds. Danesh Edirisooriya, one of the best volunteer/youth in Sri Lanka strated this movement.

Project Funded

Beneficiaries

Years Experience

Donors & Volunteers Supported

SamajaSathkara.lk Hotline

සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 50-100ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.

Please note that on average, between 50-100 calls are received daily to our hotline and all calls are recorded to provide you with an effective service.

පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ සේවා සහය අංකය 

070 33 66 488