Select Page

නිකිණි දූ බලන්න ආවා (Day 03 – දහවල්) | ප්‍රාර්ථනා Fund Project 02

නිකිණි දුවට තාම උණ අඩුවෙලා නැහැ. අද discharge කරන එකක් නැහැ තවම අසනීප නිසා. මම ලන්ච් ටයිම් එකේ ආවේ. Nimasha Sewwandi නංගිත් ආවා දුවව බලන්න. නිමාෂා නංගිව අල්ලගෙන බබා හුරතල් වෙනවා. මූණ අල්ලගෙන කියනවා ඔයා සුදුවෙලා කියලා, හරියට කාලෙක ඉඳන් දන්නවා වගේ. දැන්නම් ආවහම යන්න හිතෙන්නෙත් නෑ. ආයේ රෑටත් බලන්න...

Read More

Amoi Rasanjalee මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ලබන මාර්තු 28 වෙනිද රසාංජලී මිතුරියගේ උපන්දිනය. අපි ඒ වෙනුවෙන් මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. මේ අම්මගේ නම ආර්. එම්. මල්ලිකා. වයස අවුරුදු 68යි. දියතලාව, පහළකදුරුගමුව, කිරිමඩුවෙපතන ඉන්නේ. ඇස් පේන්නේ නැහැ. මීට කලින් පිළිකාවක් ඇවිත් තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කරලලු තියෙන්නේ. ගෙදර අයටනම් මං රසාංජලී...

Read More

සැත්කමට පෙර නිකිණි දුවත් සමඟ කැළණි පන්සල් ආ ගමන (පෙබරවාරි 13)

ලබන පෙබරවාරි 20 වෙනිදා තමයි නිකිණි දුවගේ සැත්කමට දින ලබාදීලා තියෙන්නේ. ඉතිං අපි අද දුවත්, දුවගේ අම්මා, තාත්තා සහ ආච්චි අම්මා සමඟින් කැලණිය පන්සලට ආවා. අපි නිල් මානෙල් මල් 50ක් පූජා කලා. ඒ වගේම පහන් දල්වා, සුවඳ ඳුම් පූජාවක්ද සිදුකලා. කිරිපිඬු පූජාවක්ද සිදුකලා. මේ හැම දෙයක්ම අවසානයේ පැතුවේ පෙර අකුසල...

Read More

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද මලී | Project 01 (Haputale)

මේ ඉන්නේ මලී. මලී කියන්නේ මේ ලස්සන දුව නම් නෙමේ. කිරි එළදෙනට තමයි ඒ නම කියන්නේ. සඳලි දුව තමයි ඒ නම දැම්මේ. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ පවුලක්. ටකරන් ගෙයක ඉන්නේ. ඉතිං මේ අයට අපි මරණයෙන් නිදහස් කරගත් කිරිගවයෙක් ලබාදුන්නා. අපි මේ අයට කිරි ගවයෙක් දෙනවා කියලා කීවට පස්සේ ගොඩක් සතුටු වුණා. දුව...

Read More

ෆේස්බුක් මිතුරෙක් නිසා ජීවිතදානය ලද රත්තී | Project 02 (Haputale)

මගේ ෆේස්බුක් මිතුරෙක් වන කසුන් (Kasun Wickramanayake) අයියට අවශ්‍ය කලා ගවයෙක් නිදහස් කරලා අසරණ පවුලකට ලබාදෙන්න. ඉතිං අපි කසුන් අයියා වෙනුවෙන් නිදහස් කලේ මේ රත්තිව. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ පවුලක්. ටකරන් ගෙයක ඉන්නේ. ඉතිං මේ අයට අපි මරණයෙන් නිදහස් කරගත් කිරිගවයෙක් ලබාදුන්නා. අපි මේ රත්තීට...

Read More

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද බට්ටී | Project 04 (Badulla)

මේ ඉන්නේ බට්ටී. අපි නිදහස් කරගත්ත හුරතල්ම කිරි එළදෙන. මේ කිරි එළදෙන නිදහස් කරගන්න උදව් කලේ හරි සිරියාවන්ත නංගි කෙනෙක්. ඒ තමයි උදාරි නංගි. ඇත්තෙන්ම මේ වැස්සි හරි හුරතල්, ආදරණීයයි. ඒ වගේම හීලෑයි… අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන බදුල්ල, වීරියපුර අසරණ පවුලකට පරිත්‍යාග කලා. ඒ ගෙදර දරුවෝ 3...

Read More

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද සඳා | Project 03 (Badulla)

සඳා කියන්නේ කාටවත් නෙමේ මේ ලස්සන වැස්සිට. අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන බදුල්ල, වීරියපුර අසරණ පවුලකට පරිත්‍යාග කලා. ඒ ගෙදර දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පුංචි තනි කාමරයක ජීවත් වෙන්නේ. ඒ දරුවෝ හැමෝම ගොඩාක් සතුටු වුණා. මගේ ෆේස්බුක් මිතුරියක් වන සජී(Sajee Wanigasekara) මිතුරිය තමයි මේ කිරි එළදෙන...

Read More