Select Page

විශේෂ නිවේදනයයි

විශේෂ නිවේදනයයි | මැදවච්චිය ව්‍යාපෘති සති කිහිපයකට කලින් අපි මැදවච්චිය පවුල් 17ක් වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කලා. 1. සෝලර් පැනල් හරහා විදුලිය ලබාදීම 2. වියළි ආහාර පරිත්‍යාග කිරීම 3. පාසල් උපකරණ පරිත්‍යාග කිරීම 4. සපත්තු පරිත්‍යාග කිරීම 5. බයිසිකල් පරිත්‍යාග කිරීම 6. කිරිපිටි පරිත්‍යාග කිරීම...

Read More

අසනීප දරුවන් දෙදෙනෙක් සිටින පවුලට ජලය ලබාගන්න සහය වෙන්න

මේ දරුවෝ දෙන්නටම වලිප්පුව. එක දරුවෙක්ට කිරි පොවන්නේ නහයෙන් සිරින්ජර් එකක් හරහා. හරිහමන් ආදායම් මාර්ගයක් නෑ. ඉටිකොල වටකල නිවසක ඉන්නේ. ඉතිං ෆේස්බුක් මිතුරියක් ඉදිරිපත් වෙනවා ඔවුන්ට නිවසක් හදන්න. හැබැයි ඊට කලින් අපි ඔවුන්ට ජලය ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. මොකද ප්‍රධාන මාර්ගයෙන් ගොඩක් ඇතුලේ...

Read More

දරුවන් තිදෙනෙකු පැවිදි කිරීමට ඔබේ සහය ලබාදෙන්න

මැදවච්චියේ පාඩිග්ගම නැමැති ඉතා දුෂ්කර ගමක ජීවත් වන අසරණ පවුල් තුනක දරුවන් තිදෙනෙක් ශාසනේ පැවැත්ම වෙනුවෙන් සසුන් ගත කිරීමට මේ මස 30වන පෝ දින සියලුම කටයුතු සූදානම් කරමින් සිටී. මේ අසරණ දුප්පත් පවුල් වල දරුවන් සතර දෙනා බැගින් සිටින අතර එදා වේල සොයා ගැනීමට නොහැකි දෙමාපියන් මේ උතුම් පිංකම් මාලාව සදහා...

Read More

ෆේස්බුක් මිතුරන්ගේ කරුණාව මැද ජීවත්වන්නට වෙර දරන මදුරුපිටිය අම්මා

පසුගිය ඔක්තෝම්බර් 8 වෙනි දින 100 ගණනක් ෆේස්බුක් මිතුරන්ගේ ආශිර්වාද, සහය මැද අප මේ අම්මාව වැඩිහිටි නිවාසයක නතර කලා. ඒ ජීවත්වන්නට තිබෙන්නේ සති 3-4ක කෙටි කාලයක් කියලා අපි හොඳින් දැනගෙන. අම්මාගේ තත්වය ටිකෙන් ටික නරක අතට හැරෙනවා. නමුත් ඇයට අවශ්‍ය සත්කාර වැඩිහිටි නිවාසයේ හෙද නිළධාරියන් නොපිරිහෙලා...

Read More

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ

දරු සෙනෙහස අහිමි වූ මවට දරුවන් වූ ලොවවටා ෆේස්බුක් මිතුරෝ (October 08 | Part 01) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත් නොමැතිව අසරණ වී සිටි මදුරුපිටියේ අම්මා කෙනෙක් ගැන අපි විස්තර ෆේස්බුක් එකේ පළකලා ඔබට මතක් ඇතිනේ. පිළිකාවක් නිසා ඇය ජීවත් වෙන්නේ සති 3කටත් අඩු කාලයක් කියලා වෛද්‍යවරු ප්‍රකාශ කර...

Read More

මදුරුපිටිය අම්මාව පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම

මදුරුපිටිය අම්මාගේ ජීවිතයේ අවසන් කාලය සැපවත්ව ගතකිරීමට පෞද්ගලික වැඩිහිටි නිවාසයක නැවැත්වීම (October 08 | Part 02) පහුගිය දවස් වල රෝගාතුරව කාත් කවුරුත් නොමැතිව අසරණ වී සිටි මදුරුපිටියේ අම්මා කෙනෙක් ගැන අපි විස්තර ෆේස්බුක් එකේ පළකලා ඔබට මතක් ඇතිනේ. පිළිකාවක් නිසා ඇය ජීවත් වෙන්නේ සති 3කටත් අඩු කාලයක්...

Read More

දාන පාරමිතා

කොච්චරනම් අය කොල්ලෙක් වෙලා කොණ්ඩෙ වවන්න කැත නැද්ද කියල වගේම නානාප්‍රකාර දේවල් කියල අපහාස කරාද, විහිළු කරාද, හිනා වුණාද…… මගෙ දාන පාරමිතාව මම ඉටු කරගත්ත මතක මුලින්ම මට කොණ්ඩෙ දෙන්න ඕන කියපු ගමන්ම වැඩි දවසක් නොයා ඉක්මනින්ම මේක කරගන්න දනේෂ් අයියව සම්බන්ධ කරල දුන්නේ අපිත් එක්කම රංගන...

Read More

පිළිකාවකින් පීඩා විඳින මේ අම්මාට උදව් කරන්න

මේ අම්මව අපට මුණගැහුණේ මීට මාසයකට පමණ ඉහතදී. එවිට සාමාන්‍ය නීරෝගී තත්වයෙන් හිටියා. තාත්තාට හර්නියා රෝගය සහ අම්මාට කොන්දේ අමාරුව සහ වෙනත් රෝග කිහිපයක් තියෙනවා කිව්වා. අම්මා සහ තාත්තා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරු. වයස 80කට කිට්ටුයි. හැබැයි දරුවෝ නැහැ. පුංචි කඩාවැටෙන්න ආසන්න පැලක ජීවත්වෙන්නේ අල්ගම,...

Read More

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර නිරීක්ෂණ චාරිකාව

වැඩිහිටි නිවාසයක කාමරයක් කියන්නේ පිරිසිදුව තියාගන්න අපහසු තැනක්. දිනපතා අපවිත්‍ර වෙනවා. ඉතිං අම්මා නවත්වන්න කලින් අපි ආවා කාමරය බලලා එහි අඩුපාඩු සකස් කරන්න… මොකද පිළිකා රෝගියෙක් නිසා පරෙස්සමට, පිරිසිදුව සහ නිදහසේ ඉන්න ඕනනේ… කාමරය තීන්ත ගාලා, අලුත් ගෘහභාණ්ඩ දාන්න අපි තීරණය කලා....

Read More

ටිකෙන් ටික හැඩවෙන මදුරුපිටිය අම්මා නවත්වන්න බලාපොරොත්තු වෙන වැඩිහිටි නිවාසයේ කාමරය

වැඩිහිටි නිවාසයේ කාමරය තීන්ත ගාන්න වරකපොළ/අඹේපුස්ස ෆේස්බුක් මිතුරන්ගේ සහය ලබාගන්න උත්සාහ කලත් හැමෝගෙම කාර්යබහුලත්වය නිසා අපට සහයට කෙනෙක් හොයාගන්න බැරිවුණා. ඉතිං අපි මුදල් ගෙවලා කිහිපදෙනෙක්ගේ සහයෙන් කාමරයේ අලුත්වැඩියා කටයුතු කලා. ඒ සඳහා සහය ලබාදීම පිළිබඳව වාසනා වැඩිහිටි නිවාසය භාර පාලිකාතුමියට...

Read More

මදුරුපිටිය අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට පෙර කාමරය සූදානම් කිරීම

දවස් දෙකක් අපේ කණ්ඩායම හරියට කෑමක් බීමක් නැතුව වරකපොළ නගරය පුරා සැරිසරමින් අවශ්‍ය කළමණා මිළදීගැනීම කලා. වරකපොළ ප්‍රදේශයෙන්ද කොරෝනා රෝගීන් සොයාගෙන තිබුණ නිසා අපට ගොඩක් සැලකිලිමත් වෙන්න සිදුවුණා. සියඹලාණ්ඩුව සංචාරය අවසන් කර අප කෙළින්ම රාත්‍රීයේ පැමිණියේ වැඩිහිටි නිවාසයට. දින දෙකක මෙහෙයුමකින් පසු...

Read More

මදුරුපිටිය පිළිකා රෝගී අම්මව වැඩිහිටි නිවාසයේ නැවැත්වීමට රැගෙන ඒම

කාමරය සකස්කිරීමේ වැඩකටයුතු අවසන් වෙලා අපි මේ අම්මව බලන්න ගෙදරට ආවා. ආසන්න ගමක් නිරෝධයනය කරල. මේ ගෙදර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික් මායිමේ. ඉතිං ඇඳිරිනීතියත් එක පැත්තකින්. කාර් එකේ අම්මගේ ගෙවල් ගාවටම යන්න බැහැ. ඉතිං සමෘද්ධි නිලධාරී ප්‍රභාත් මහත්තයගේ වෑන් එකේ අපි ගෙදරට ගියා. අපි යනකොට තාත්තා බෑග් එකත්...

Read More