මෙහෙණින් වහන්සේ නමකට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරිම
Mekala Sankapali Fernando අක්කාගේ ආදරණීය මව චන්ද්‍රිකා ප්‍රනාන්දු මෑණියන් විසින්
ඇයගේ මිය පරලොව යන්නට යෙදුනා වූ ආදරනීය මව සහ පියා වන Girlie Alonso සහ Gunadasa Perera දෙදෙනාට නිර්වාණ අවබෝධය පතා මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කරන ලදි.
මේ මෙහෙණි ආරාමය පිහිටලා තියෙන්නේ ගලේවෙල, දේවහුව, ගල්බොක්කයායේ ගමේ. වයස අවුරුදු 65ක් වන සුසීමා විජිතපාලි භික්ෂුණීන්වහන්සේ මෙහි වැඩවාසය කරනවා. ගොඩක් අඩුපහසුකම් සහිත ස්ථානයක්. දානය ලැබෙන්නෙම නැහැලු. පිණ්ඩපාතය වැඩලා ලැබෙන මුදල් ආධාර වලින් දානය සකස්කරගන්නවලු. අපි ඉදිරියේදි ඒ පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කරනවා.
බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම සම්බන්ධව භික්ෂුනීන් වහන්සේ බෙහෙවින් පිං දුන්නා. මෙය අටමහා කුසල් ගණයට අයත්වන පිංකමක්.
මම මෙම පිංකම කරන අවස්ථාවේම චන්ද්‍රිකා නැන්දාට ඇමතුමක් අරන් මෑණියක් සමඟ කතාකරන්න අවස්ථාව සලසලා දුන්නා.
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
මේ පිංකමේ ආනුභාවයෙන් චන්ද්‍රිකා ප්‍රනාන්දු මෑණියගේ මව සහ පියා යම් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ ජීවිතයද ආලෝකමත් වේවා…. සැපයෙන් සැපයට පත් වේවා… ධර්මයේ සුවය පිහිට නිරතුරුවම ලැබීමටත් ඒ තුළින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මේ කුසලය ආශිර්වාදයක්ම වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…
0 Comments