ලොව වටා ෆේස්බුක් මිතුරු මිතුරියන් සිය ගණනකගේ එකතුවෙන් කරන හදවත් සැත්කම අද දහවල් 1.30ට අපි නංගිව හදවත් සැත්කම කිරීම සඳහා ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා. මම උදෑසන ආහාරය ගැනීමට ඇයව එක්කගෙන යෑමෙන් පසු ඇයව කැළණි පන්සල් එක්ක ගියා. ඉන්පසු කිරිබත්ගොඩ තිලකවර්ධන Textile එකට එක්ක ගිහින් රෝහලේ ඉන්න දින කිහිපයට...
මේ කවුද කියලා මගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට අඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැනේ. අපි අද සවස 5ට මේ අයව බලන්න ගියා. මේ පියාගේ ඉල්ලීම මත ස්වයංරැකියාවක් සඳහා පින්තූර කාඩ් 800ක්, වෝල් ස්ටිකර් 15ක් සහ පෙන් හෝල්ඩර්ස් 10ක් ලබාදුන්නා. මේවා විකිණීමෙන් මොහුට ශුද්ධ ලාභය රු.75,000ක් පමණ ලබන්න පුලුවන්. මම ඔහුට විවිධ...
ගමේ කඩේට රෙදි මහලා දමපු රම්‍යාලතා දැන් ෆේස්බුක් එකේ මිතුරන්ගේ උදව්වෙන් රම්‍යා ඇපරල්ස් මගින් ශ්‍රාවස්තිපුර ඇඟලුම් සාප්පු කිහිපයකට ඇඳුම් මහලා දමන්න පටන් අරන්. අපි මේ අයට බඩු අරන් දීලා දැන් දින 13ක් වෙනවා. එදා සිට අද වෙනකම් පාන්දර වෙනකම් දෙදෙනාම වැඩ කරලා කඩ කිහිපයකට ඇඳුම් දාලා රු.15,000ක ආදායමක්...
පසුගිය ජූලි 18 වැනි දින අපි මේ දුවව බලන්න ගියා. ගොඩක් දක්ෂ දරුවෙක්. ඇය ලැප්ටොප් පරිගණකයක් අපෙන් ඉල්ලුවා. අපි ඇයට පොරොන්දු වුනා නැවත අපි එන දවසට ලැප්ටොප් එකක් ගෙනත් දෙන්න. ඇයගේ ඒ සිහිනය අපි අද සැබෑකලා. ඒ සඳහා දායකත්වය දැක්වූවේ Shanghai වල ඉන්න මිතුරෝ පිරිසක්. අද අපි උදෑසන මේ දුවව බලන්න ගියා. අපි...
අගෝස්තු 16 වැනිදා Chamila Amaradiwakara අයියගේ උපන්දිනය. ඉතිං මාසයක පටන් මමයි අක්කයි ඔහු වෙනුවෙන් පිංකමක් කරන්න සැලසුම් කලා. මට මේ සීයා ගැන කීවේ Rohan Indika ෆේස්බුක් මිතුරා. අද මම මේ සීයා බලන්න අකුරැස්සට ගියා. සියගේ කකුල් වගේම අත් දෙකත් පණ නැහැ. ආච්චියි, සීයයි තමයි එකට ජීවත් වෙන්නේ. ගොඩක් අසරණ...
පසුගිය ජූලි 25 වෙනිදා හර්ෂනී මිතුරියගේ මව රන්ජනී මහත්මියගේ උපන්දිනය. ඒ වෙනුවෙන් සහ ඇයගේ පියා බණ්ඩාරනායක මහතා වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා ඇය මගෙන් ඉල්ලා සිටියා. මේ පවුල ඉන්නේ බෝම්බුහින්න ගමේ. ඔයාලා දන්නවනේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. ඊට පහළ තමා මේ ගම තියෙන්නේ. අතිශය දුෂ්කර පාරක...
ජීවිතයෙන් සමුගත් නූපන් පුතුට නිවන් සුව පතා පොඩි පුතෙක්ගේ සිහිනයක් වූ බයිසිකලයක් පරිත්‍යාග කිරීම සමාජසත්කාර Dream Hotline එක ආරම්භ කරලා දැනට දින 3-4ක් වෙන්නේ. ඊයේ මට කෝල් එකක් ආවා පොඩි පුතෙක්ගෙන්. “ධනේෂ් මාමේ මට බයිසිකලයක් ඕන” කීවා. මං කීවා හා පුතේ මම අරන් එන්නම් කියලා. අද අපි ඒ පුතාව...
නුවන්ති නංගී මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද අපේ Manoj Prasanna අයියාට මුණගැහුණ තුන්දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. ඔවුන් බෙහෙවින් පිං දුන්නා. පවුල තෝරාගැනීමේදී ඇල්ලගම පවුල් සෞඛ්‍යසේවා...
නුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද මට මුණගැහුණ දෙදෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. ඔවුන් බෙහෙවින් පිං දුන්නා. ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ පවුල් ජීවිතය සාර්ථක වේවා. නීරෝගී...
නිවස කපරාරු කර අවසන්. පේමන්ට් එකේ 20%ක් විතර අවසන් කරන්න තියේ. බිම සිමෙන්ති දාන්න තියේ. දොර, ජනෙල් සවි කරන්න තියේ. දරුවෝ ගොඩක් සතුටෙන් ඉන්නේ. වැඩ කෙරෙන වේගය ගැනනම් මගේ සතුටක් නැහැ. ඒත් ඉතිං මට ඒ වෙනුවෙන් කරන දෙයක් නැහැ. සතිපතා වියදම් කරගෙන බලන්න එන්න වෙනවා. මොකද එක සතියක් නාවොත් වැඩ නතර වෙනවා. ;-(...
ඔයාලට මතකනේ අපි මේ අයට බ්ලොක්ගල් වැඩපලක් දාලා දුන්නා. මීට කලින් පවුල් වලට අපි නිවස හදලා තමයි ස්වයංරැකියාවක් ලබාදුන්නේ. මෙහි තත්වයේ අපි පොඩි වෙනසක් කලේ මුදල් හමුවේ වෙනස්වෙන මිනිසුන් ඉන්නා බව මාගේ සමහර ව්‍යාපෘති වලදී මට හැඟී ගිය බැවිනි. මොහුගේ බ්ලොක්ගල් සඳහා තවම වෙළඳපලක් නිර්මාණය වෙලා නැහැ. ඔහු...
මේ ගෙදර වැඩ වලින් බොහොමයක් දැන් අවසන්. දැන් දුවලා දෙන්නා කාමර බෙදාගෙන ඉන්නේ… හරි සතුටෙන් ඉන්නේ…. ගෙදර අය පදිංචි වෙන්න කලින් කොබෙයියෙක් කූඩුවක් හදාගෙන… 🙂 මේ පවුලේ සතුටට හේතුව ෆේස්බුක් මිතුරෝ…. අනික් හැම දේම වගේ කලු, සුදු සහ නිල් වර්ණයෙන් මේ නිවසත් වර්ණ ගැන්වෙනවා…...