Select Page

මෙලොවින් සමුගත් සොහොයුරාට පරලෝ සුගතිය පිණිස පිංකමක් සිදුකල Phr Shyamalie Paulu Hewage අක්කා.

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන ශ්‍යාමලී අක්කාගේ ආදරණීය මල්ලී, P.H.N. සුනිමල් මහතා 2017. 06. 07 වන දිනට මෙලොවින් සමුගෙන වර්ෂයක් සම්පූර්ණ වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඒත් මේ මල්ලී ජීවිතයෙන් සමුගත්තේ අකාලයේ. වකුගඩු රෝගයකින් පීඩා විදලා තමයි මේ මල්ලී සදහටම මේ ලෝකෙන් සමු අරන්...

Read More

පවුල් 10කට ස්වයංරැකියා ලබාදීමේ පළමු පියවර

“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel (A Virtuous Associate of Samajasathkara.lk) – Sustaining Rural Families අඩු ආදායම්ලාභී පවුල් වලට ස්වයංරැකියා ලබාදීමේ අරමුණින් සහ අඩු ආදායම් ලාභී පවුල් වල කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් ආරම්භ කල සහස්නා ඇපරල් ජූලි මාසය තුල...

Read More

පවුලේ සැමට ආශිර්වාද පතා රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය සහ මිතුරා

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Ishara Premadasa සහ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන Shameera Rathnayaka මිතුරා පවුලේ සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් අවැසි කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න දායක වුණා. මේ ඉන්නේ නිලූක සඳරුවන් පුතා. වයස අවුරුදු 26යි. උපතින්ම ආබාධිතයි. දන්ගහවත්ත අසල, පහල වතුපිටිය, උඩකරවිට,...

Read More

අද ඇගේ විවාහ දිනයයි… අසරණ අත්තම්මා කෙනෙකුට වාරුවක් වෙමින් කුල ගෙට යන පින්බර මනාලිය

සුන්දර මනාලියක් වීම හැම කෙල්ලෙකුගේම අහිංසක බලාපොරොත්තුවක්. ඒ දවස මහත් ඉහළින් සමරන්න ගොඩක් අය උත්සහ කරනවා. නමුත් බොහොම අතලොස්සක් තමයි ඒ දවස අර්ථාන්විත කරගන්නේ කොහොමද කියලා හිතන්නේ. හැමදාමත් වගේ යහපත් මිතුරු ඇසුර නොඅඩුව ලබන මගෙන් එවැනි වූ මිතුරියක් වන Kushani Othnapitiya නංගී විශේෂ ඉල්ලීමක් කළා. ඒ...

Read More

අසරණ ආබාධිත තරුණයෙක්ට වායු මෙට්ටයක් පරිත්‍යාග කිරීම | මැදවච්චිය (Donating an Air Metress)

Donor : ඉන්දුෂා සමූහ ව්‍යාපාරයේ අධිපති ඉඳුනිල් උදේශික අයියා තමයි මේ පිංකමට දායකත්වය දැක්වූයේ. ඔයාට ගොඩක් පිං අයියා. වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න… ඔයාලටත් මේ වගේ අසරණ කෙනෙක්ට රෝදපුටුවක්, වතුර මෙට්ටයක් වැනි දෙයක් පරිත්‍යාග කරන්න අවශ්‍යයි නම් හෝ ඔබේ ගමේ අවශ්‍යතාවය ඇති අසරණ අය සිටීනම්...

Read More

හඳුන්කූරූ විකුණා දරුවන් 3 දෙනෙක් රැකබලාගන්නා ආබාධිත පුද්ගලයෙක්ට රෝද 3ක රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

මේ ඉන්නේ ඕ.ආර්. රංජිත් (45) මහතා. අවුරුදු 10කට කලින් කකුල් පණ නැතිවෙලා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මයන්ත (13), සචින්ත් (8), නෙතුම් (4). බිරිඳ විමලා රත්නායක (38). අලුපොත, කඩේවත්ත, නිවිතිගල ලිපිනයේ ඉන්නේ. නෙතුම් පුතා අපි කලින් පාර යනකොටනම් හිටියා. මේ පාර යනකොට පුතාව ශාසනයට පූජා කරලා මහන කරන්න. ගොඩක්...

Read More

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Dumini Ranasinghe Siriwardena අක්කා

දුමිනි අක්කා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. විශේෂ හේතුවක්නම් නැහැ. ඇයට අවශ්‍යවුනේ උදව් අවැසි කෙනෙක්ට උදව් කරන්න. ඉතිං මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් වෙනුවෙන් අපි දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සලයක්...

Read More

Wathsala Arangala අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ උපන්දිනය සහ පරලෝ සැපත් නෑනා වෙනුවෙන් ගැබිණි මාතාවකට පිහිටවීම

වත්සලා අක්කාගේ ආදරණීය ස්වාමිපුරුෂයා Sanjaya Sumanasena අයියගේ උපන්දිනය පසුගිය අප්‍රේල් 4 වෙනිදට යෙදිලා තිබුණා. ඒත් එක්කම සංජය අයියගේ සොහොයුරිය නිලූෂා සුමනසේන අක්කා මෙලොවින් සමු අරන් දැනට වසර 10ක් වෙනවා. ඉතිං වත්සලා අක්කා ඒ වෙනුවෙන් මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියලා. ඉතිං අපි මේ අඩු ආදායම්ලාභී...

Read More

පියාණන්ට පිං පිණිස අසරණ ආබාධිත පුද්ගලයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Pragash Somasundaram අයියා

Pragash අයියාගේ ආදරණීය පියාණන්, සෝමසුන්දරම් මහතා මෙලොවින් සමුඅරන් වසරක් පිරීම නිමිත්තෙන් අපි මේ අසරණ ආබාධිත අයියාට රෝදපුටුවක් පරිත්‍යාග කලා. ඔහුගේ නම අරුලානන්ද ගේබ්‍රියල්, වයස අවුරුදු 37යි. පොඩි කාලේ ඉඳන්ම ඔහු ආබාධිතයි. අම්මයි තාත්තයි මුරුක්කු හදනවා. ඔහුත් ආබාධිතයි කියලා නිකන් ඉන්නේ නැහැ. පොල්කටු...

Read More

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. අද දිනයේ උන්වහන්සේ වෙනුවෙන් රුධිරය ලබාදෙන්න ෆේස්බුක් මිතුරු...

Read More

පවුලේ සැමට ආශිර්වාද පතා සහ නීරෝගීසුව පතා විහාරස්ථානයකට ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කල ෆේස්බුක් මිතුරිය

ඓතිහාසික කණබිසවාරාම පුරාණ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය, හඳපානාගල. ගොඩක් අඩුපහසුකම් සහිත පන්සලක්. ඔබට මේ විහාරස්ථානයේ චෛත්‍යය ඡායාරූප වල දැකගන්න පුළුවන්. ඉතාමත් පැරණි පුදබිමක්. නම සඳහන් කිරීමට අකමැති ෆේස්බුක් මිතුරියක් (ZS) මේ විහාරස්ථානයට ජල ටැංකියක් පූජාකලා. ඔබට...

Read More

Dilika Kulathunga මිතුරාගේ මෑණීයන් වෙනුවෙන් සිදුකල පිංකමක්.

Dilika මිතුරාගේ ආදරණිය මෑණියන් නන්දනී නානායක්කාර මහත්මිය වෙනුවෙන් පිංකමක් කරන්න කියලා Thilina Palliyaguruge මිතුරා මගෙන් ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඇය ඩෙංගු රෝගය නිසා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නවතා හිටියේ. ඇය වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න තමා තිළිණ මිතුරාට අවශ්‍ය වුණේ. නමුත් අවාසනවකට ඊයේ...

Read More